....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

June 29, 2010

කතා ලිවීම ගැන..

පොඩි කාලේ මගේ දවසේ වැදගත්ම කාර්්‍යන් වලින් එකක් තමා නින්ද යන්කම් කතාවක් අහන එක.තාත්තා තමා කතාව කියන්නේ.මම හා මල්ලී කතාව අහගෙන ඉන්නේ.දවස පුරාම අපිත් එක්ක ඔට්ටුඋන අම්මත් මේ වෙලාවට තමා පොඩ්ඩක් නිදහස් වෙන්නේ.ඉතින් අම්මත් හෙමීට කතා අහන්න ‍එකතු වෙනවා.ඉතින් තාත්තා කතා කියද්දී අපි ඒකේ විරාම වලදී හ්ම්... කියන්න ඕන(ඒකට අම්මා කිවුවේ හුමිටි තියනවා කියලා)ඉතින් ඒ ආභාෂය ඇගේ තියන් නිසා මම තාමත් පොඩි දේකින් උනත් ලොකු රසයක් විදිනවා.ඉතින් මාත් හිතුවා පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න.කියවලා රස විදින්න.හු මිටි නොතිබ්බට පොඩි කොමෙන්ටුවක් දාලා ගියොත් ලොකු හයියක්!

June 28, 2010

ලොකු ඇපල්!

මගේ යාළුවෙක් ඉන්නවා කසුන් කියලා.‍හොද කොල්ලෙක්! නමුත් ටිකක් අචුල් ඩයල් එකක්! අපි ආදරේට කියන්නේ කච පසුන් කියලා.ඔන්න මේ කසුන්ට ඕස්ට්‍රේලියාවෙ ඇපල් වත්තක් තියනවලු(මන් දන්නේ නෑ මිනිහා කිවුවේ එහෙම) ඉතින් ඒ ඇපල් වත්තේ ඇපල් කඩපු දවසක මෙයා මට හම්බු උනා.ඕස්ට්‍රේලියාවෙදි නෙවෙයි.නුවරදි පොඩි පහේ සයිවර් කඩේකදී(කොච්චර සල්ලි තිබුනත් අපරාදෙ කියන්න බෑ කසුන් කන්නේ පොඩි පහේ සයිවර් කඩ වලින්ම තමා.නිහතමානී එකා!) අපි කන ගමන් මෙයා මට ඇපල් ගැන කියනවා.මෙන්න මෙහෙම

කසුන්:මචෝ මේ පාර අපේ ඇපල් වත්ත සරුයි!
මම : එල කිරි,එල කිරි එහෙනම් අපිටත් වාසි තියෙයි නේද?
කසුන්:නැතුව නැතුව.මේ පාර අපේ ඇපල් වත්ත තමයි එහේ හොදම වත්ත.උඹ විස්වාස කරනවනම් විස්වාස කරපන් ගෙඩි මෙන්න මේ සයිස්!
මම :පල යන්න ඔය සයිස් වෙන්නනම් එෟවා ඇපල් නෙවෙයි.වට්ටක්කා වෙන්න ඇති.
කසුන්: නෑ යකෝ උඹ හිතපන් දුසිමට අල්ලන්නේ ඒ ඇපල් වලින් ගෙඩි තුනයි!
මම :@$@$$%$@$$

June 24, 2010

Google දෙයියන්ගේ Ranking!



සෙවුම් යන්ත්‍ර නොමැතිව අන්තර්ජාලයේ යම් වැඩක් කිරීම ගැන සිතා බලන්න.ඒ ගැන සිතීමට නොහැකිනම් මදකට ඔබේ සෙවුම් යන්ත්‍රය Block කර වැඩ කරන්න.එවිට මා කී දේ ගැන යම් අදහසක් ගැනීමට හැකිවෙයි.ලිපිනය නොදන්නා වෙබ් පිටුවක ලිපිනය සොයා ගැනීමේ සිට තෙරක් නොපෙනෙන වැඩ කන්දරාවක් කර ගැනීමට මෙම සෙවුම් යන්ත්‍ර අපට උපකාරී වෙයි! Google,yahoo,MSN ආදී නොයෙකුත් සෙවුම් යන්ත්‍ර ඉදිරියෙන්ම ඇති Google(මෙය අවිවාදාත්මක කරුනකි) දෙවියෙක් වන්නේ කෙසේදැයි මා අමුතුවෙන් පැහැදිලි කල යුතු නෙවේ.
සියළුම සෙවුම් යන්ත්‍ර අපට සෙචුමක ප්‍රතිඵල ලබා දීමට විවිධාකාර Algorithm(PageRank යනුවෙන් google ඔවුන්ගේ වැඩ සටහන හදුන්වා ගනී) උපයෝගී කර ගනී.මේවා ඔවුන්ගේ රහස්(company secret) වන අතර ඒවා පිළිබදව අපේ දැනීම භාවිතා කිරීමෙන් අපේ වෙබ් පිටු යම් සෙවුමකට අදාලව මුල් අංක අතරට ගෙන ආ හැක.අපේ අඩවිය වෙලද ප්‍රචාරණයට යොදා ඇත්නම් මෙහි ඇති වාසිය වැදගත් වේ.
අනෙක් සෙවුම් යන්ත්‍ර මෙන්ම Googleද පාවිච්චි කරන විශේෂ මෘදුකාංග සාමාන්‍යයෙන් හදුන්වන්නේ spiders හෝcrawlers යනුවෙනි.තවද ඔවුන්ගේ සේවයේ ගුනාත්මක බව වැඩි කර ගැනීම සදහා ඔවුන් විසින් විශාල ප්‍රමානයේ Keyword ප්‍රමානයක් නඩත්තු කරයි.
වෙබ් පිටුවක Rank එක සදහා ඔවුන් සොයා බලන මූලික කරුනු කීපයකි,

  • Keyword එකක් යම් පිටුවක යෙදී ඇති වාර ගනන.මෙහිදි යම් වචනයක් පිටුවේ යෙදී ඇති වාර ගනන වැඩිනම් ඉහල ලකුනු ප්‍රමානයකුත්,වාර ගනන අඩුනම් පහල ලකුනු ප්‍රමානයකුත් ලබා දේ.
  • වෙබ් පිටුවේ වයස.සාමාන්‍යයෙන් අළුතෙන් සෑදු වෙබ් පිටුවකට වඩා ඊට කලින් සෑදු පිටු සදහා වැඩි ලකුනු ප්‍රමානයකුත් ලැබේ.
  • අදාල වෙබ් පිටුවට වෙනත් පිටු වලින් යොමු වු සම්බන්ධතා(Links).යම් පිටුවක් වෙත් වෙනත් පිටු වලින් link වැඩි ප්‍රමානයක් යොමු වී ඇතිනම් එයට වැඩි ලකුනු ප්‍රමානයක්ද ලැබේ.
මේ අනුව ගත් කල දෙවැන්න අපගේ පාලනයෙන් තොර වන අතර අනෙක් කාරනා ගැන අපේ අවධානය
යොමු කිරීමෙන් අපගේ වෙබ් පිටු ඉහලට ගත හැක.කෙසේ නමුත් අන්තර්ගතය හොද මට්ටමක
පවත්වා ගැනීමට හැකිනම් ඉහත කරුනු වලට වඩා එය වැදගත් බව මගේ හැගීමයි.
නමුත් Page ranking ඉහල දමා ගැනීම ඔබට වැදගත් හෙයින් ඉදිරි ලිපි වලින් අපි ඒ ගැන කතා කරමු.

June 22, 2010

සිරා ගැජට් එකක්-අළුත්ම පේනුව.


මේක මට ආවේ ඉ-ලිපියක් විදිහට.බලන්නකෝ රූප බලපුවාමම තේරෙයි!

බොහෝමයක් දෙනා කුඩා පරිගනක හා වෙනත් ප්‍රමානයෙන් කුඩා උපකරන වලට යොමු උනත් අපී තාමත් භාවිතා කරන්නේ විශාලම පේනුව බවයි මෙහි නිර්මාපකයන් පවසන්නේ.මෙහි ගනකම සෙන්ටි මීටර එකකි.

අකුලා ඇති මෙය සරළ පියවර කීපයකින් සාමාන්‍ය තත්වයට පත් කර ගත හැක.
මීට අමතරව ඊටම ගැලපෙන බහු පේනුවක් ද(Multi Plug)ඔවුන් ඉදිරිපත් කරනවා.



June 21, 2010

Windows Hosts file මගින් ‍වෙබ් සයිට් බ්ලොක් කරමු.

මොකද්ද මේ Hosts file එක?
HOSTS file එක කියන්නේ මුලිකවම වෙබ් ලිපින වලින් යුතු කුඩා ලැයිස්තුවක්.අප විසින් බ්‍රවුසරයට ලිපිනයක් ලබා දුන් විට එම වෙබ් අඩවිය සදහා අදාල IP ලිපිනය සොයා ගැනීමට බ්‍රවුසරය මුලින්ම සිදු කරන්නේ අදාල පරිගනකයේ මෙම HOSTS file එක කියවා බැලීමය.එතුල අදාල IP එක නොමැතිනම් බ්‍රවුසරය සුපුරුදු DNS resolving process එක කරගෙන යනු ලැබේ.

තියෙන්නේ කොහේද?
Windows NT %Systemroot%\System32\Drivers\Etc
Windows 95 \
Windows for Workgroups \
Windows 3.1 \
MS-Client 3.0 \Net
Lan Manager 2.2c Client \Net

උදා:-Windows XP:
C:\WINDOWS\system32\drivers\etc\

Windows 2000:
C:\WINNT\system32\drivers\etc\

Windows 98/ME:
C:\WINDOWS\

මෙය නම් කර ඇත්තේ නිකම්ම hosts ලෙස වන අතර දිගුවක්(extension)නොමැත.එම නිසා මෙය විවෘත කිරීමේදී Notepad වලින් විවෘත කර ගන්න.
එතකොට මෙන්න මේ වගේ තියෙනවා,

# Copyright (c) 1993-1999 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host

127.0.0.1 localhost

මෙහි 127.0.0.1 යනු ඔබේ පරිගනකයේ IP ලිපිනයයි.නිකමට එය බ්‍රවුසරයේ Address bar එක තුල ටයිප්(සිංහලයට ඇති දුර්වලතා ගැන ලැජ්ජා වෙමි)කර බලන්න. ඔබට වෙබ් පිටුවක් දිස් නොවේ.

දැන් අපි බ්ලොක් කිරීමට අවැසි ලිපිනය පහත පරිදි ලබා දීම සිදු කරමු.

127.0.0.1 www.sex.com
127.0.0.1 www.wala.com

තච දුරටත් බැලුවොත් අපට මෙමගින් www.yahoo.com වෙත යාමට උත්සහා දරන්නෙක් www.google.com වෙත හෝ අපට අවැසි තැනකට දක්කා ගැනීමටද පුළුවනි.
ඒ මෙපරිද්දෙනි,

67.195.145.137 www.google.com

හෝ

67.195.145.137 www.yourdomain.com

ලෙස ලබා දී Hosts file එක පුරුදු පරිදි සුරැකුම්(Save) කර ගන්න.සුරැකීමේදී දිගුවක්(extension)නොමැතිව සුරැකීමට මතක තබා ගත යුතුය.

DOS හිදී IP ලිපින සෙවීම පහත විධානයෙන් නර ගත හැකිය.

tracert <අවශ්‍ය ලිපිනය>

උදා:-
tracert www.google.com

හෝ tracert.com වෙත පිවිසෙන්න.

June 20, 2010

අපේ ප්‍රවාද-කපුටු වැස්ස


බිනර මහ උදා වීමත් සමගම මාස් කළුව හෙවත් බිනර කළුව ආකාහේ ඇදෙන්නට ගන්න්වා.ඒ වැහි කළුව අනුවයි මාස් වැස්ස වහින්න ගන්නේ.මේ කාලයේ කපුටන් පැටවු දමනවා.
බොහෝ විට කපුටුපැටවු සංඛ්‍යාව අනුව වහින මාස් වැස්සේ තරම කොයි තරම්ද කියලා අපේ මුතුන්මිත්තන් අනාවැකි කියනවා.
ඒ හැටියට බිනර කළුව වැදිලා තියන සමයේ කපුටු කූඩුවේ එක් පැටියෙක් හිටියොත්,එවිට වැහි හිග බවයි පිළිගැනීම.

කපුටු පැටවු දෙන්නෙක් නම් වැහි තරමක් සරැ බවද,කපුටු පැටවු තුන් දෙනෙක් නම් වැහි ඉතා සරු බවත් ඒ අනුව වැව උතුරා වාං දමන බවත් පිලිගන්නවා.
මේ අයුරින් කපුටු පැටවු අනුව වර්ෂාව තීන්දු කිරීමට හේතු වී තිබෙන්නේ කපුටා නිතර බඩගින්නේ පෙලලෙන සතෙක් නිසා.එක් අයෙකුට වඩා දෙන්නෙක් හෝ තිදෙනෙක් වනවිට කෑම බහුල විය යුතුයි.ඒ අනුව වර්ෂාව බහුලව ලැබේ නම් සශ්‍ය සම්පත් සරු වීම අරැමයක් නොවේ. කපුටා ද අපේ මුතුන් මිත්තන්ගේ පරිසරයේ සජීවී සතෙක්.උන්ගේ හැසිරීම අනුව යම් පාරිසරික මත පල කිරීමක් අපේ මුතුන් මිත්තන් සිදු කර තිබෙනවා.ඔන්න ඔහොමයි වැඩේ!

ලක්බිම ඇසුරිනි!

June 11, 2010

කඩ්ඩ පොලිෂ්ද?

බ්ලොග් ලිවුවත් ගොඩයා ගොඩයාමයි.අපේ ගම් පලාතේ කඩු වචනයක් ඇහෙන්න‍නේ කලාතුරකින්!එක්කෝ ගම බලන්න ආපු සුද්දෙක් එහෙම නැතනම් රූපවාහිනියේ සින්දු වැඩ සටහනක අක්කා කෙනෙක් කිවුවොත්.රූපවාහිනියේ සින්දු වැඩ සටහන්වල අක්කලා බටහිර කරණය වෙන්න ගිහින් කියවන කඩ්ඩනම් අන්තිමයි.මම අන්නර්ජාලේ කරක් ගහන වෙලාවට හම්බවෙන කඩු වචන වල තේරුම බලා ගන්නේ මධුර Online Dictionary හෝ EnSi Tip(ගිනි නරියාගේ add-ons එකක්)ඒත් ඒවා උච්චාරනය කරන විදිහක් හොයනවිට තමා මේක හම්බු උනේ!නිකම් හින්දි චිත්‍රපටියක නමක් වගේ.පාවිච්චි කරලම බලන්න.www.howjsay.com

June 2, 2010

ආයුබෝවන්!

‍පාසැල් කාලයේ පරිගනක විෂයට තිබු කැමැත්ත ක්‍රමයෙන් උණක් බවට පත් විම හේතුවෙනුත් ගෙදර මිනිසුන්ට මාගේ කුනු කුනුව ඉවසා ගැනීමට නොහැකි වීමත් නිසා මගේම කියා පරිගනකයක් අතගාන විට මා O/L කර යන්තම් ගෙට උනා විතරය.මේ කාලයේදි මා පාසලෙන් ලබා තිබු දැනුමට හා අත්හදා බැලීමෙන් ලබා තිබු දැනුමට පින් සිදු වන්නට මා තරමක පොරක් බව මාගේ පන්ඩිත හිතේ කොනක තිබුනත් මා උසස් අධ්‍යාපනයට පිවිසි පසු හමුවු සමහරුන්ගේ දැනුමට මාහට අලගු තබන්නටවත් බැරි බව තේරුම් යාමෙන් මට ඥාණය පහල විය.ඉතින් මානවයා සතු දැනුම සොයා යාමේ හැකියාව මා හටද අඩුවක් නොමැතිව පිහිටි බැවින් මා අන්තර්ඡාලය නම් වු මහා සාගරය මාගේ පරිගනක කන් හැන්දෙන් ගොඩ දමන විට අපූරු දේවල් මට ‍හමුවිය.මිනිස් අත්දැකීම් හා පෙරා ගත් දැනුම කැටි කොට ලියවුනු blog අපූරුම සංකල්පයකි.ඒ අතරින් සිංහල blog මාගේ සිත් ගත්තේ සිංහලෙන් සිතා ඉංග්‍රිසියෙන් ලියනවාට වඩා සිංහලෙන් සිතා සිංහලෙන් ලිවීම ඉතා පහසු බැවිනි.කියවන්නාගේ පැත්තෙන් බලන කල සිංහලෙන් කියවා සිංහලෙන් ග්‍රහනය කරගැනීමද පහසු නිසා විය යුතුය.බ්ලොග් සටහනක් ලිවීමට හිතේ උපන් කැමැත්ත මට වද දෙද්දී යෙදුන වෙනත් කටයුතු නිසා වැඩේ ගොඩදා ගැනීමට නොහැකි විනි.නමුත් ටික ටික හෝ කරගෙන යාමට වැඩ ඇල්ලුවත් සිංහල බ්ලොග්ම කොපමන ඇතිදැයි තේරුනේ බ්ලොග් සටහනට නමක් සොයන විටය.මට යෙදෙන සියළු කටයුතු පසෙක ලා බ්ලොග් ලිවීමට මා අදහස් නොකරන නමුත් කොහෙන් හෝ විවේකයක් සොයාගෙන මෙය කරගෙන යාම මාගෙ බලාපොරොත්තුවයි.