....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

January 28, 2012

බේබද්දෝ යන්නෙම පල්ලි වලටද?

මේකත් බේබද්දෙක්ගේ කතාවක්.
දවසක් බේබද්දෙක් කසිප්පු ගැලුමකුත් කරේ තියාගෙන පල්ලිය ගාව හොර පාරෙන් යනවලු.කොහොම හරි ඔත්තුවක් ලැබුණු ලංකාවේ අපේ පොලෝසියේ මහත්තුරු සෙට් එකක් අර පොර අල්ලගත්තලු.පොලිස්කාරයා අහනවලු"කොහෙද ගියේ?"
කසිප්පු කාරයා :- පල්ලියට ගියා සර් 
පො.කා.:-මොනවද ගැලුමේ තියෙන්නේ?
ක.කා:- ශුද්ධ වූ ජලය සර්
පො.කා. :- කෝ ගනින් බලන්න.
මුඩිය ඇරලා බලපු පොලිස් කාරයා කියනවලු "යකෝ මේ කසිප්පුනේ!"
කසිප්පු කාරයා අහසට අත් උස්සලා කියනවලු "අහෝ! දෙවියනි තවත් ආශ්චර්යක්!"කියල.
මේ කතාවේ කසිප්පු කාරයා,පොලිස් කාරයා කියලා දැම්මම මොකද්දෝ නොගැලපෙන ගතියක් තිබුන නිසා මං පොලිස් නිලධාරියා කියලා දැම්මා.නමුත් ඒක ගලපෙන්නෙම නෑ.මේ දෙගොල්ලොම සමාජයට කරන සේවාවේ තරම ගැන හිතපුවම දෙන්නගෙම නම් අගට කාරයා කියලා එන ඒක අවුලකුත් නෑ. ගැලුමට සමහරු බුලිය,කෑන් ඒක කියලත් කියනවා.කසිප්පු වලටනම් නම් කෝටියයි.කසියා,වල් ෆැන්ටා,බොක දිරාස්.. ඔන්න ඔය වගේ ඒවා.මංතුමා නම් ඔවා වැඩිය දන්නේ නෑ ඔන්න!

බේබද්දෝ පල්ලි යනවද?

මේක ආගමකට ගරහන්න කියපු කතාවක් නෙවෙයි.මොනවා උනත් මේකේ රසවත් බව නිසාම පලකරන්න හිතුවා.
මේ කියන සිද්දිය උනේ වෙසක් පෝය දවසක.බේබදු ඩයල් එකක් බොන්න බැලුවාලු රට පුරාම.ඉතින් බාර් වහල නිසා පොර හොර පොට් එකකින් දෙකක් දාගෙන යන ගමන් පල්ලියක දෙවියන් වහන්සේ කුරුසෙක ගහල තියන ප්‍රතිමාවක් දැකල එකට ඇඟිල්ල දික් කරලා මෙහෙම කියනවලු "මෙන්න බුදු වෙනවනම් බුදු වෙන්න ඕන මිනිස්සු" මැරුණත් ඇරලා ඉපදුනත් ඇරලා.ඇත්තටම මේ පොරට බුදු හාමුදුරුවෝ ගැන තරහක් එන්න ඇති බාර් වහලා තියන එකට.ඔන්න කතාව කෙටියෙන් කිවුවා. තවත් දේව කතා තියනවා.හිත් නොරිදෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරලා ටික ටික කියන්නම්.

January 9, 2012

මට ලොකුවටම කෙල උනානේ,උදව් ඕනේ!! Sony Ericsson-XPERIA !!

බ්ලොග් ලියන්න වෙලාව නැති එක නිසාම වැඩේට බහින එක ටික ටික අඩු උනා.නමුත් ගේම අත්හරින අදහසක් තිබුනේ නෑ.මොනවා උනත් කෙල උනාම පිදුරු ගහේ හරි එල්ලෙන එක පුරුද්දක්නේ.මටත් කියල මේ වගේ එකකට උදව් ඉල්ලන්න මේං කියල ගොඩ දෙනෙක් නෑ.මැරෙන්න හරි එන එකෙක් ඉන්නවා.ඒත් එකා මේවා දන්නේ නෑ.මුලින්ම අල ගිය මුල ගිය තැන් කියල ඉන්නම්.එක්කෝ ඕන නෑ ඒවා පස්සේ.ඉස්සර වෙලාම අවුල කියන්නම්කො.මෙහෙමයි,මේ දවස් වල ජංගම දුරකථන සම්බන්දයෙන් නැගලම යන්නේ Android දුරකතනනේ!ඉතින් මමත් හිත හිත හිටියේ ඕකක් ගන්නම් කියලා.HTC,Samsung වගේ එකකින් එකක් ගන්න තම හිතුවේ.මම ඕක මල්ලිට කිවුවම පොර මට කියපි මෙහෙම භාණ්ඩයක් තියනවා ගන්න ගැනත් ටිකක් අඩුයි කියලා!ඒ මදිවට පොර link කීපෙකුත් දුන්නා.ඒ මදිවට උඹේ බටේ විඩියෝ කීපෙකුත් බැලුවා.කොහොම හරි අයිටම් එක මගේ හිතටත් ඇල්ලුවා.ඇයි අප්පා මේකේ මට ඕන ඔක්කොම ඒවා තියනවනේ!ඒ මදිවට මිලත් මගේ ගානට!
මේ තියෙන්නේ ඒ දුරකතනයේ ඔක්කොම විස්තර ටික,
එදාම රෑ මගේ යාලුවෙකුත් (අර මැරෙන්න උනත් එන එකා)අපේ ගෙදර අවා.පොරත් භාණ්ඩේට අම්බානක සැටිස්.අපි කොහොමත් එහෙමනේ හුරුබුහුටි එවුවා දැක්කම පැනලානේ!මන් අතේ සල්ලි තිබුනෙත් නෑ.මේකා කියපි යමන් මං මගේ Credit Card එකෙන් ගෙවන්නම්,හිතුන වෙලාවේ ගන්න ඕන නැතිනම් ඕක කවදාවත් වෙන්නේ නෑ කියලා.අල ගිය තැන් කියන නෑ කිවුවට එකනේ කොරලා තියෙන්නේ!!!!
ඔන්න මමයි මගේ බෝක්කයි ගිහින් Sony Ericsson Xperia mini දුරකතනයක් ගත්තා.මහනුවර අබාන්ස් එකෙන්.අරන් පුරුදු පරිදි GPRS/3G Settings එහෙම දාල වැඩ කරගෙන ගියා.මං මීට කලින් Huawei Tab එකක් පොඩ්ඩක් අතගාල තිබුනට මේ තරම් ගතියක් තිබුනේ නෑ.මේක ඇත්තටම මගේ හිතට ඇල්ලුවා.Android කියන්නේ විඳගන්න ඕනම අත්දැකීමක්.ඔන්න දැන් තමයි ලෙඩ දෙන්න පටන් ගන්නේ.
මේකේ පහත දැක්වෙන ලෙඩ මතු උනා,

  • බැටරි ආයු කාලය ගොඩක් අඩුයි.පැය හතක කාලයක් තමා වැඩ කරන්නේ.Display  එකේ ආලෝක තත්වය අඩු කරාම පොඩ්ඩක් වැඩේ ගොඩ!ඇමතුම් ගන්න එකත් ටිකක් අඩු කරලා බැලුවා.එකෙන් වැඩි බලපෑමක් නෑ!
  • මෙනු ඒක පාවිච්චි කරද්දී හිටපු ගමන් Back  වෙන්න පටන් ගත්තා. ඒක නැවතුනෙම නෑ.ඕෆ් කරන්න බොත්තම එබුවම එන මෙනු එකත් Back වෙනවා, මල මඟුලයි මේක ඕෆ් කරගන්නත් බෑ!!අන්තිමේට ඕෆ් කරේ බැටරිය ගලවලා!
  • මේකේ තියනවා  Sony Mobile BRAVIA Engine  කියලා feature එකක්.එකෙන් Video  හා Picture Quality  ඒක වැඩි දියුණු කරනවා. ඒක On කරගෙන Video  එකක් වැඩි වෙලා බලන්න බෑ. Back  වෙලා ඉවත් වෙනවා. BRAVIA  ඒක නැතුව ටිකක් වෙලා පුළුවන් නමුත් වැඩි වෙලා නෙවෙයි.අයෙත් ඉස්සල්ලා වගේම ලෙඩ.
  • පැයක් විතර  Phone  එක  මොකුත් නොකර ඔන් කරලා තිබුනත් ඇමතුමක්වත් ගන්න බැරි තරමටම back වෙන ලෙඩේ උග්‍ර වෙලා. call  එක cut  වෙනවා.
  • Display එක ගැහෙන ගතියක් තියනවා.ඒ කියන්නේ එලිය අඩු වැඩි වීමක් වගේ!
  • online video stream  කරලා Youtube video  එකක් බැලුවමත් අර අවුල එනවා.එක්කෝ වෙනවා.නැතිනම්  Vedio  එක මැදට  Vedio මෙනු එක එනවා.

මෙහෙම ලෙඩ දීපුවාම පැය තුනක් විතර ඕෆ් කරලා තියල ඔන් කරාම බඩු වැඩ!නමුත් වැඩි වෙලා බෑ!

මං හිතාගෙන ඉන්නේ අබාන්ස් එකට ගිහින් කතා කරන්න. වෙන විකල්ප මොකුත් තියනවද?මේ ෆෝන් එකෙන් දැන් වැඩ කරන්නම බෑ!