මහාචාර්යවරයෙකුයි ගෝලයොයි අතර සිද්ධ වෙච්ච කතාබහකින් ගොඩනැගිච්ච ආදර්ශ කතාවක් කළිනුත් මං ඔයාලට කිව්වනේ. මේකත් ඒ වගේ තවත් කතාවක්. උපුටා අරගෙන පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙන්.
එක දවසක් පන්ති කාමරයට ආපු මහාචාර්යවරයා වතුර වීදුරුවක් ඔසවලා ළමයින්ට පෙන්නුවා. "මේ වීදුරුව කොච්චර බර ඇතිද?"
එක දවසක් පන්ති කාමරයට ආපු මහාචාර්යවරයා වතුර වීදුරුවක් ඔසවලා ළමයින්ට පෙන්නුවා. "මේ වීදුරුව කොච්චර බර ඇතිද?"
"ග්‍රෑම් 100ක්... 200ක්..." ළමයින්ගෙන් එක එක උත්තර ලැබුණා.
"හරි කමක් නෑ, බර කෝක උනත් වෙනසක් නෑ. මම දැං වීදුරුව මෙහෙම විනාඩි දෙක තුනක් විතර අල්ලං හිටියොත් මොනවා වෙයිද?"
"මොනවත් වෙන්නෙ නෑ," සිසුන් එක හඬින් උත්තර දුන්නා.
"හොඳයි මම පැයක් විතර මෙහෙම අල්ලං හිටියොත්?"
"ඔබ තුමාගෙ අත රිදෙන්න ගනියි," එක් සිසුවෙකුගෙන් පිළිතුරක් ලැබුණා.
"එතකොට දවසක්ම මම මෙහෙම හිටියොත්?"
"අත පණ නැති වෙලා ගිහිං ඔබතුමාට ඉස්පිරිතාලෙ තමයි නවතින්න වෙන්නේ." කටකාර සිසුවෙකුගේ පිළිතුරෙන් පංතියේ සැවොම සිනාසුණා.
"බොහොම හොඳයි. හරි, දැං මට කියන්න, ඒ මුළු කාලය පුරාම මේ වීදුරුවේ බරේ වෙනසක් වෙනවද?"
"නෑ."
"එහෙනං මොකද්ද මගේ අත රිදෙන්න, පණ නැති වෙන්න හේතු වෙන්නේ?"
එවර පංතියෙන් පිළිතුරක් ලැබුණේ නෑ.
"ඒ අතේ රිදිල්ලෙන් මිදෙන්න මං මොනවද කරන්න ඕනේ?"
"වීදුරුව තියන්න ඕනේ," එක්කෙනෙක් පිළිතුරු දුන්නා.
"හරියට හරි," යැයි කියපු මහාචාර්යතුමා දිගටම කතා කළා. "ජීවිතේ ප්‍රශ්නත් මේ වගේ. ඒ ගැන විනාඩි දෙක තුනක් හිතන්න, ඒ ප්‍රශ්නවත් ඔයාගේ ඔළුවවත් කරදරයක් නැතුව තියෙයි. ඒ ගැන දිග වෙලාවක් හිතන්න, ඔන්න ඔයාට වේදනාව දැනෙන්න පටන් ගනියි. ප්‍රශ්න ගැන දිගින් දිගටම හිතුවොත් ඔයා අංශ බාග රෝගියෙක් වෙන්නත් බැරි නෑ. ඒ ගැන දිගින් දිගටම හිතන්න ගියොත් ඔයාට වෙන කිසිම දෙයක් කරගන්න පුළුවං කමක් ලැබෙන්නෙ නෑ. ඔබලාගේ ජීවිතේ අභියෝග, ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒත් ඒ එක්කම වැදගත් අනික් දේ තමයි, ඒ ප්‍රශ්න වලින් මිදෙන එක. වීදුරුව ආපහු තියන එක. හැම දවසක් අවසානයේම, නිදාගන්නට පෙර. ඒ විදියට කළොත් ඔබට හොඳ නින්දක් ලැබේවි, පහුවදාට ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවං වෙයි. ඕනෙම ප්‍රශ්නයකට, අභියෝගයකට හොඳින් මුහුණ දෙන්න පුළුවං වෙයි."
මේ ලිපියට මමත් කොටසක්, මගේ අදහසක්, එකතු කරන්න කැමතියි. අපිට වීදුරුවේ බරෙන් නිදහස් වෙන්න පුළුවං විධි දෙකක් තියෙනවා. එකක්, වීදුරුව කැඩෙන්නෙ බිඳෙන්නෙ නැති වෙන්න පරිස්සමෙන් තියන එක. අනිත් එක, වීදුරුව ගැන කිසි සැලකිල්ලක් නැතුව ඔහේ අත ඇරලා දාන එක. ඉතිං වීදුරුවේ බරෙන් මිදෙන කොට වඩාත් පරෙස්සම් සහගත විධිය තෝරගත්තොත් හොඳයි. නැත්තම් තුවාල වෙන්න පුළුවං, අලාභ හානි - පාඩු සිද්ධ වෙන්න පුළුවං. අනිවාර්යයෙන්ම කතාන්දරයේ කියැවුනු හැටියට වීදුරුවේ බරෙන් මිදෙන එක වැදගත්, ඒත් එක්කම ඒකෙන් මිදෙන ආකාරයත් වැදගත්.
උපුටා ගත්තේ