....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

November 13, 2011

පුළුවන්නම් කියහල්ලා-04

පඩංගු වගේ දිගට තියන පෝස්ට් කියවන එක මටනම් ටිකක් විතර වාත!ඒ නිසා මම දිගම දිග පොස්ට් ලියන්නෙත් නෑ.කොලෙකුයි පෑනකුයි අරගෙන හදන ගණනුත් ටිකක් වාත.එ නිසයි වැඩි අපහසුවක් නැතුව හදන්න පුළුවන් ගණන් දෙන්නේ.මෙකත් හදන්නකෝ එහෙමනම්!


දිග අතට හා පහලට මෙන්ම විකර්න දිගෙත් එකතු කරාම එකම උත්තරය එන එවාට අපි කියන්නේ මැජික් කොටු කියලා.පහල තියෙන්නේ එහෙම එකක්.ඔක හදන එක ටිකක් අමාරුයි.ඒ නිසා සම්පූර්ණ කරන ලද මැජික් කොටුවක් මං දෙනවා.ඔයාලට තියෙන්නේ මෙකේ සෑම ඉලක්කමක්ම පහේ අංක හතරකින් ලියා සම්පූර්ණ කරන්න.මේ සඳහා ඔයාලට ගණිත ලකුණු උදවු කරගන්න පුළුවන්.

උදා;- 16=(55/5)+5

මේකයි මැජික් කොටුව,

ජාතිවාදය ජාත්‍යාලය හා දේශප්‍රේමය?

මේක ලංකාදීප පත්‍රයේ පල උන පුවතක්.මේකේ ඇත්ත නැත්ත අපි හොඳටම දන්නවා.අපේ ජාතිය නැතිවෙන්නේ අනිත් එවුන් නැගිටින නිසාමත් නෙවෙයි.අපි විසින් අපි නැති කරගන්න නිසා.ලංකාවට මත් ද්‍රවය ගෙන්නන බහුතරයක් සිංහලයෝ නෙවෙයි.නමුත් එවා විකුනන්නේ හා පාවිච්චි කරන්නේ අපෙ එවුන්!අනිත් එවුන් උඩ යන්න ප්‍රධාන හේතුවත් උන් එවාගෙන් හොයන සල්ලි.අපේ මෝඩ යක්කු බොරුවට ජාතිවාදය ඇදගෙන ඳඟලනවා විතරයි.නරකද ජාත්‍යාලයෙන් වැඩ කරලා අපේ රට ගොඩ දැම්මොත්?මේ ගැන අපි කතා කරමු.බ්ලොග් එකට comment දා ගන්න ඕනවට නෙවෙයි.අපේ හිත් වල ගොඩක් දෙවල් හිර වෙලා තියන නිසා.

තව දෙයක් කියන්න ඕන.මමත් ජාතිවාදියෙක්!

November 11, 2011

පුළුවන්නම් කියහල්ලා-03-පිලිතුරු.

මේකේ ප්‍රශ්ණය මෙතනින් බලන්න පුලුවන්.Link

1)39 675
පහෙන් අවසන් වන සෑම වර්ග ගණනක්ම 25න් අවසන් විය යුතුයි.ඉහත සංඛයා 25න් අවසන් නොවෙන නිසා එවා වර්ග සංඛයා නොවෙන බව කිව හැකිය.
2)54 968
සෑම වර්ග සංඛයාවක්ම 1,4,5,6 හෝ 9 න් අවසන් විය යුතුයි.ඉහත සංඛයාව අවසන් වන්නේ 8 නි.
3)6 78 914
සෑම වර්ග සංඛයාවකම අංක වල  එකතුව 1,4,7 හෝ 9 විය යුතුය.ඉහත සංඛයාව එසේ නොවේ!

මම කියපු ඒවා විශ්වාස නැතිනම් තුන වසර හෝ හතර ගණිතය පොතක් හොයාගෙන බලන්න.

November 1, 2011

මේක මේ ටෙස්ට් එකක්!සමාවෙන්ඩ අප්පා!

මේක මේ ටෙස්ට් එකක්!සමාවෙන්ඩ අප්පා!

October 31, 2011

පුළුවන්නම් කියහල්ලා-03. වර්ග සංඛයා!

පහත දැක්වෙන ඒවා වර්ග සංක්යා නෙවෙයි.නමුත් ගනන් නොහදා ඒ බව කියන්නේ කොහොමද?
1)39,675
2)54,968
3)6,78,914

පුළුවන්නම් කියහල්ලා-02.ජ්‍යාමිතිය දන්නවාද?

මේ ගැටලුව විසඳීමට තරම් මීටරයක් ඔබට ඇතත් නැතත් මේ සඳහා විනාඩි දෙකකට වඩා ගත නොකරන්න.



O-කේන්ඳ්‍රය
OP-6 cm
QR-10 cm
OSRT-ඍජුකොණාස්‍රයක්

ST කොපමණ දිගද?







Share

August 23, 2011

"හු"යන්නෙන් ඇරඹෙන වචන ගැන මට හිතෙන හැටි!

    වෙලාවකට මට හිතෙන දෙයක් තමා අපේ අම්මලා (අම්මලා = දෙමාපියන් ) මට අකුරු කියවද්දී කියවලා තියෙන්නේ "අ","ආ" යනු නෙවෙයි. "හු" යනු "හූ"යනු වෙන්න ඇති කියල. ඒ තරමට මං හිතාමතා හෝ නොහිතා කියන අසැබි වචන එනම් කුණුහරුප ප්‍රමාණය විශාලයි.මට මේක හිතුනේ මේ දින වල "වේසි" කියන වචනය කියලා විපක්ෂ නායක තුමා පත් වෙලා තියන අපහසුතාව දැක්කමයි.මේ ගැන කතන්දර කාරයත් කතන්දරයක් ලියල තිබුණා.
 මට හිතෙන හැටියට ............ ම්ම් ඉන්ට පොඩ්ඩක් නංගිලා අක්කලා වගේ කට්ටිය වෙන බ්ලොග් එකක් බැලුවොත් හොඳයි.කියවලා ඉවර වෙලා ඊයා කියනවා එහෙම නෙවෙයි.කොතනද නැවැත්තුවේ!මටත්  හිතෙන හැටියට "පුක,පඩ,වේසි,"මේ ආකාර වචන කුනුහරුපමත් නෙවෙයි.අපි බහුලව භාවිතා නොකරත් මේ වචන පාවිච්චි කරලා කොච්චර උපමා, ආප්තෝපදේශ තියනවද,
  • හදිස්සියේ මොනවා හරි හොයද්දි කියන්නේ "රෙන්ට ලැහැස්ති වෙලා පිටිය හොයනවා" කියලා.
  • කවුරු හරි වැඩක් අනා ගත්තම "මෝඩයාගේ ගූ හත් පොලේ ගෑවුනා වගේ".
  • ඍජුව වඩා කරන අය ආඩම්බරෙන් කියන්නේ මගේ "බෙට්ටත් කෙලින්"
  • කාගේ හෝ බැල මෙහෙවර හෝ කාට හරි කඩේ යන අයට අවවාද කරන්නේ"බෙටි මිරිකන්න එපා"කියලා.
  • ලොකුවටම ගේම ඉල්ලලා සද්දේ දාන්නේ"බෙට්ට හපල යුෂ බීලා රොඩ්ඩෙන් ගහනවා"කියලා.
  • "පුක නැති එකා යකාලු."
  • "පඩේ සද්දෙට දොරේ සද්දෙනම් හරි ඒත් ගඳට මොනවා කරන්නද."
  • ගැහැණු උදවිය ජංගි අඳින්නේ වාටියට රේන්ද හයි කරලනේ ඉතින් ඕක ඇසුරිනුත් උපමාවක් තියනවා."රෙන පුකට මොන රෙන්දද"මේ කියන්නේ යමකට ඕනවට වඩා සැලකිලි,අලංකාර කිරීම් කරපුවම.
  • පකට පුඟුවෝ හෙලුවෙන් වනති(ප්‍රකට පණ්ඩිතයේ හෙළයෙන් (හෙළ බසින්) වර්ණනා කරති.),

    තව ඉතින් පයිය කියන වචනය පාවිච්චි වෙනවා පසුම්බිය කියන තේරුම දෙන්නත්.ඒ උනාට මගේ බොක්කක් ඉන්නවා පොර හැම එකකටම වචනේ දාලා ගලපා ගන්නවා මෙහෙම "බස් පයිය,කුඩ පයිය(වැස්සට ඉහල ගන්න එක)".එක නිකම් මතක් උනේ.
  ඔය ආකාර දහසක් කතා  තියනවා.ඕවට බඩ වෙන්න හදන ජන මාධ්‍ය කරපු වැඩේ නිසා උනේ දැන් වචනේ එලි පිටම කියන එකයි.රනිල් එක කිවුවේ එක පාරයි.නමුත් ටෙලිවිසෝන් එකේ ගොඩක් පාරක් පට්ට ගැහුවා.මං ඒ.ජා.ප ඩයල් එකක් කියලා හංවඩු ගහනවා එහෙම නෙවෙයි!ඊට වඩා මේ කියන වාහිනී වලම යන කඩු සින්දු වලම කොච්චර කුණුහරුප කියනවද!මං දන්නා විදිහට Fuck කියන එකත් කුනුහරුපයක්.ඒත් බලාගෙන ගියාම එක උපසර්ගයක් වගේ එකක්!එහෙමමත්ම නෙවෙයි, මේ බලන්න. 



  තව දෙයක් මං මේක දැක්කේ කතන්දර කාරයාගේ පොස්ට් එකක තිබුණ කොමෙන්ටුවක් විදිහට දල තිබුනේ වෙදගෙදර මහා වෙදනා."ඔබ දන්නවද මට රසායන විද්‍යාව උපෙ ඉගැන්නුවේ අපේ දෙවුරුවන් සර්. සර්ගේ තාත්තා හොඳ හෙලයෙක්.හෙල හවුලෙ පොරක් (අලවිසි සැබිහෙල).දවසක් මෑන් බස් එකක යනවලු. එතකොට මෑන්ගේ පර්ස් එක නැතිවෙලා. කොන්දගෙන් අහනවාලු.
"එම්බා බස් පරුව මාගේ සම් පයිය කි-බක දුටද්ද කියලා" (හිස් තැනට කැමති නම් "ම්"දාගෙන කියවන්න )
කලබල වෙන්න එපා මේකෙ තේරුම මගේ පර්ස් එක කොහේහරි දැක්කද කියන එක.අද අපි නරක වචන කියලා අයින් කරන සමහර් වචන ඇත්තටම අපිට නියම භාෂාව කථා කරත්දි ඕනෙ වෙනවා."

 කවුරු මොනවා කිවුවත් wikipedia එකෙත් හොඳම වචන ටික දාලා තියනවා.මෙතනින් ගියොත් එක බලන්න පුළුවන්.
මේක මට යාලුවෙක් එවපු ඉ-ලිපියක තිබුනේ.වෙලාවකට ඇත්ත කියලත් හිතෙනවා.එකෙත් එකම වචනේ තේරුම් දෙකක් එන විදිහට යෙදීල තියනවා.
Fuck a girl & she'll love you ... 
Love a girl & she'll fuck you!


Share

August 20, 2011

ඉස්සර වෙලා ඔයා පෙන්නන්න(චූ කතාවක්!)

මේක චූ කතාවක් උනාට කාටවත් අවුලක් නැතුව කියවලා හිනා වන්න පුළුවන්.මේ සිද්දිය උනේ Party එකකදී.දන්නවනේ සමහරු මේවගේ අවස්ථා වලදී නිකම් දෙන නිසාම හොඳට බොනවා.සමහරු ගෙදර උන්දැත් එක්ක ඇවිත් හෙමිට කැපිලා ලොක්කිට හොරෙන් දෙක තුනක් දා ගන්නවා.මේකට සම්බන්ද උනෙත් එහෙම පොරක්.පොර නෝනට කැපිල්ල දාලා  toilet එක ලඟට වෙලා කරටි කැඩෙන්න දා ගන්නවලු. දන්නවනේ මෙහෙම තැන් වලදී අපේ ස්ත්‍රී පාර්ශවයත් හීනියට Beer පොඩ්ඩකුත් දා ගන්නවනේ. ඉතින් මෙහෙම හීනියට සප්පායම් උන ගෑනු ලමිස්සියෙකුට චූ බරක් හැදිලා toilet එක හොයාගෙන හොයාගෙන යනවා. කෙල්ල  toilet එක ගාවට යද්දී යන පාර අහුරගෙන පොරක් කන පාත් කරගෙන ඉන්නවා.කෙල්ලත් කින්ඩියට වගේ පොරට තට්ටුවක් දාලා කතා කරලා ඇහුවලු "මේ අනේ මට චූ කරන තැන පෙන්නනවද?" වෙරි වෙලා හිටපු ඩයල් එක ඔලුව උස්සලා ලජ්ජාවෙන් මෙහෙම කිවූවලු. "ඊයා නරක ගෑනු ළමයා,ඉස්සර වෙලා ඔයා පෙන්නන්න"
මට මේකට හරි පින්තූරයක් හොයාගන්න අමාරු උනා.හරියන එකක් ලැබුනොත් කියන්න. 

Share

August 13, 2011

Google Squared හා Image Swirl වසා දැමීමට පෙර ගිහින් බලන්න.






මෙම සේවා ළඟදීම වසා දමන්නට යන බවයි  ආරංචිය ඒ පැත්තේ ගිහින් අවොත් පොඩ්ඩක් ඒ අත්දැකීම විඳගන්න පුළුවන් වෙයි.Google Swiril නම් අපූරු එකකි.2011 සැප්තැම්බර් 5 පින්තූර උඩ කොටන්න.ඒවාට  අදාල සබැදුම් යොදා ඇත.මෙම සේවා වසා දමන බවයි ආරංචිය.


Share

August 12, 2011

කුඩලිගම කවියා ගැන දන්නවාද?

මීමන ප්‍රේමතිලක,අල්විස් පෙරේරා,උපනන්ද බටුගෙදර,මාකඳුරේ ගුණවර්ධන,කෑගල්ලේ මල්ලව,හතාගොඩ අභයවර්ධන ගැන ඔබ අසා තිබෙනවාද?බොහෝ දෙනෙක් නොදන්නා මේ අය මෑත කාලයේ ලංකාවේ සිටි කවියෝය.කවි රස හුරු කිහිප දෙනෙක් මේ අය ගැන නොදන්නවා නොවේ. ඒ කතන්දර මොනවා උනත් මේ කවියන් දැන හඳුනා ගත හැකි හොඳම විදිහ වෙන්නේ ඔවුන්ගේ නිර්මාණ ඇසුරු කිරීමෙන්  බව මට හිතෙනවා.පොලවේ පය ගසා ජීවත් වූ මිනිසුන් බැවින් මේ අයගේ කවි අපේ හිත් වලට හොඳින් දැනෙන බව මගේ විශ්වාසයි.  

කළුතර කුඩලිගම දී 1918 දී උපන් හේවාවසම් මුනිදාස කුඩලිගම සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයෙකුගෙන් යුතු පවුලේ බාලයාය.පසුකාලයේ රටේ නමගිය කොළඹ කවියෙකු හා පුවත්පත් කලාවේදියෙකු  වූ කුඩලිගම කවියාගේ බාල කාලය ඉතා දුක්බර එකකි. මට හිතෙන හැටියට ඔහු ප්‍රතිභා පූර්ණ කවියෙකු වූයේ ජීවිතයේ දුක් දොම්නස් හමුවෙම විය යුතුය.අවුරුදු හතරක් වන විට පිය මිය ගිය බැවින් අම්මා මේ කුඩා පුතු ජීවත් කිරීමට කොහු ලනු  ඇඹරූ බව ඔහු පසු කලක කියා තිබිණි. 

1954 දී මුද්‍රණය කර ඇති "කුණාටුව" පොතේ ඔහු සිය දුක් බර ජීවිතය ගැන තතු විස්තර කර ඇත්තේ  රමණීය කවියෙනි.
බාල විදීම කුඩලිගමගේ අම්මා ද  මිය ගියාය.එය ඔහුට මාරු පහරකි. කුඩලිගමගේ ජීවිතයම උනේ ඔහුගේ අම්මා ය.මේ ඒ ගැන ඔහු "කුණාටුවට" කියා තිබු අයුරුය.
 මින් පසු මෑණියනි උණුසුම් කඳුළු                                      පිස
හිරිමල් සිනාවෙන් එසවිය නොහැක                                  හිස
නොමියෙන නිසා ජීවත් වී හිඳිනු                                        මිස
ඔබ නැති ලොවේ මට නැහැ අන් තැනක                            රස 

නොකියමි සමන් ගිර යැයි තුඹසකට                                 කුඩා
මට කිසි කෙනෙකු සිටියේ නෑ මවට                                  වඩා
උහුලමි සිනා මුහුණින් කම්කටොලු                                    විඩා
ජීවිතයෙන් අඩක් වැළපෙයි තවම                                      අඬා

මේ ඔහු දරුවන් වෙත ලියු කවියකි,
ගිය යුතු තැනට ගිය පසු හිස හැරුණු                                 අතේ
යා හැක නිදහසේ අඩුවක් ඔබ‍ට                                      නැතේ
වෙසෙසින් එහෙත් තව කිව යුත්තකදු                             ඇතේ
ඔබ මේ රටට මිනිසෙකු විය යුතුය                                    පුතේ

ඔහු විවාහ වීමට කලින් වූ සිද්ධියකි  මේ,
ඒ මල්ලව කවියා විවාහ වූ අලුතය.අනෙක් මිතුරන් බොහෝ දෙනෙක්ද විවාහ වී සිටියෝය .මේ සිද්ධිය සිදු වූයේ හතාගොඩ කවියාගේ මංගල්ලයට ඔවුන්  සහභාගී වී සිටියදීය.
එදා මාකඳුරේ කවියා සභාව මැද මේ කවිය කීවේය,
මල්ලව උර බොයි මල් කකුලක            රේණු
හතාගොඩත්   හැඬවිය  මංගල                 සීනු
උඳුවප් දුරුත්තේ සීතල බෑ                       වානු
මොකටද කුඩලි මේ කාලෙට නැති          ගෑනු

එවකට තනිකඩයෙකු වූ කුඩලිගම කවිය වහ මෙසේ කීය,
තිබහට වතුර කළයක් ඇදගනු                මිසක
ඒ ලිඳ තඩලන්න කිසි විටකදී             නොහැක 
කිරි අවැසි නම් වීදුරුවක් හෝ              දෙකක 
රස බලනවා මිස කීම මේ එළ              දෙනක  

මටනම් කවි ලියන්න තබා රසවත්ව වචන දෙකක් ලිය ගැනීමට පුළුවන් කමක් නෑ. නමුත් කවි රස විඳීමට පුළුවන. ඔබත් කවි පොතක් අරගෙන උත්සහ කර බලන්න.මං මං කුඩලිගම කවිය ගැන කියව්වේ "අමර සමර" නම් වූ පොත් පෙලෙනි.කතෘ අමර හේවාමද්දුම මහතාය.අපූරු රසවත් පොත් පෙළක්.




Share

August 6, 2011

මලලසේකර සභාවක් රවට්ටයි!


පොඩ්ඩ පොඩ්ඩ  හෝ කඩ්ඩ පොලිෂ්  සිංහලයෙක් මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ගැන නොදන්නා බව කීම විහිළුවකි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ඒ තරම්ම අපේ ජීවිතයට සමීප වස්තුවකි.
හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි උවමනා නැති තරමටම අදත් අප අතර ප්‍රචලිත මෙතුමාගේ ජීවිත තොරතුරු සොයා ගැනීම මදක් අපහසු උනත් මා මෑතක මිලදී ගත පොතක මෙතුමාගේ ජීවන තොරතුරු බිඳක් තිබුනා.පොත ගැන පස්සේ වෙනම සටහනක් දාන්න හිතාගෙන ඉන්නේ.ඒ නිසා අපි කතාවට බහිමු.
මලලසේකර මහතා ඉංග්‍රීසි සිංහල පාලි ඇතුළු භාෂා කීපයක් චතුරව හැසිරවීමට දන්නා උගතෙකි.අපේ කාලයේ වචනයෙන් නම් පොරකි.කතන්දරේ කොහොම උනත් මෙතුමා චීන බස නම් දැන සිටියේ නැති බව බොහෝ දෙනෙක් දන්නේ මේ කියන සිද්දියෙන් පසුව බව මටනම් හිතෙන්නේ.මේ සිද්දිය උන කාලයේ මලලසේකර මහතා රටේ වැදගත් තැනක සිටින කාලයයි.වරක්  චීන අගමැති චෞ එන් ලායි මහතා ලංකාවට පැමිණියේය.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී චීන බසින් දීර්ග කතාවක් චීන අගමැති තුමා විසින් පවත්වන්නට යෙදුනි.මේ අවස්ථාවේ එතන හිටපු මලලසේකර මහතා පසෙකට කැඳවූ  බණ්ඩාරනායක අගමැතිතුමා එම කතාව සිංහලට පරිවර්තනය කර දෙන මෙන් දැනුම් දුන්නේලු.හදිසි ආරාධනාවෙන් අන්දුන් කුන්දුන් වූ මලලසේකර මහතා සියල්ල අතහැර දමා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්නට විය.දැන් චීන අගමැතිතුමා කතාව  කරගෙන යයි.එතන  සිටි  සියලු දෙනාටම මෙන්ම මලලසේකර මහතාටද "චාන් චූන්" මිස වෙන මඟුලක් තේරෙන්නේ නැත.නමුත් චීන අගමැතිගේ කතාවේ අලංකාරවත් හරබර  සිංහල පරිවර්තනයක් එතන සිටි සියල්ලන්ටම අස දැනගන්නට ලැබිනි.චීන අගමැති තුමාටද එතුමාගේ කතාව මිනිසුන් වෙත හොඳින් ගිය වග තේරුම් ගියේය.කතාව අවසානයේ අසුන වෙත ගිය චීන අගමැති තුමා තම කතාව හොඳින් සිංහලයට හැරවීම සම්බන්ධයෙන් අපේ වියතාට ප්‍රසංසා කරමින් ඔබ කීවේ මොනවද යනුවෙන් ඇසු විට මලලසේකර තම කී දේ ඉංග්‍රීසියෙන් ඔහුට පැවසීය."ඒ ටිකමයි මාත් කීවේ"යනුවෙන් කී ඔහු චීන උගත්තේ කොහෙන්දැයි විමසීය.මම  චීන දන්නේ නැතැයි  වියතා ඇත්තම කීය.නමුත් මම ලංකාව ගැන දන්නවා,චීනය ගැන දන්නවා චෞ එන් ලායි ගැන දන්නවා.මේ වගේ අවස්ථාවක ඒවා ගැන නොකිය වෙන මොනවා කියන්නද කියා පැවසුවේ සියල්ලන්ම සිනා ගස්සවමිනි.


Share

August 2, 2011

කාට කාටත් වැදගත් වෙයි කියලා හිතුනා!












Share

July 31, 2011

මමනම් මේක දැක්කේ අද,Blogger Favicons!

සැහෙන දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ පොඩි වෙනස්කම් කීපයක් කරන්න හිතාගෙන.Design tab එකට කෙටුවේ පරණ පුරුද්දට. ඒත් නුපුරුදු කොටසක් දැක්කා.මේක ගොඩක් දෙනෙකුට උවමනා වෙන ටූල් එකක් නිසා නිකම් පොස්ට් එකක් දන්නා හිතුනා. 

Favicon කියලා කියන්නේ අපිට හොඳින් දැකල පුරුදු දෙයක්. අපේ වෙබ් පිටුවට හෝ බ්ලොග් එකටම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න පුළුවන් තරමේ හැගීමක් දෙන්න පුළුවන් Icon එකක් තමා  Favicon කියලා කියන්නේ. මේ රූප බලපුවම අපිට එක හොඳින් පැහැදිලි වෙනවා. 
තවත් එක දෙයක් තියනවා.ඔබට Favicon සදා ගත හැකි ක්‍රම ගොඩක් තියනවා.නිකමට ගූගල් සර්ච් එකක් දාලා බලන්න.මන් පාවිච්චි කරපු එකක් තියනවා. www.favicon.ccඅවශ්‍ය අයට තමන්ගේ gif,jpg වගේ format එකක  තියෙන  Image එකක් උනත් Convert කරගැනීමේ පහසුව තියනවා.


Share

July 17, 2011

පුළුවන්නම් කියහල්ලා!

ආ ඔක්කොටම කලින් කියන්න දෙයක් තියනවා.මන දැන්ජොබ්ස් එකක් කරනවනේ.Huawei-Airtel Project එකේ.ඒකෙන මට ලැපක් සහ ඩොන්ගල් එකක් දුන්නා.පුද්ගලික පරිගණකය අල වෙලා ගියාට පස්සේ ඔක්කොම කොම්පියුටර් කෙරුවාවල් අතැරලා තිබුනේ.ඒත් දැන් අයෙත් වැඩේට ඇත ගැහුවා.
මේක මට පත්තරේක තිබිලා හම්බුනේ.මේක ලෙහලා කොමෙන්ට් දාන්න.විසඳපු කෙනාට තව එකක් දෙනවා විසඳන්න.

මේක හොර කාසි ගැන තියන අවුලක් විසඳලා දෙන්නකෝ එහෙමනම්.
ඔන්න එක වගේ කාසි 12 ක් තියනවා.ඕකෙන් එකක් හොර කාසියක්!එකේ බර පොඩ්ඩක් වෙනස්.අනිත් වෙනසක් පෙන්න නැ!ඔයාලට තැටි දෙකේ සියුම් තරාදියක් හා කිරන්න අවස්ථා තුනක් දෙනවා.කරන්න තියෙන්නේ කිරුම් අවස්ථා තුනෙන් හොර කාසිය හොයලා ඒක බරෙන් අඩුද වැඩිද කියලා කියන්න.උඩින්ම තියන තරාදිය ගන්න.
මෙන්න කාසි....

දිනපු කෙනාට දෙන්නේ මේ කාසිය



Share

July 1, 2011

ලියන්න ගත්තහම කතා මතක නෑ..කතා මතක් වෙද්දි අත පය පන නෑ...

ලියන්න ගත්තහම කතා මතක නෑ..කතා මතක් වෙද්දි අත පය පන නෑ.ඔය ඔක්කොම හරියනකොට වෙලාව නෑ!!!!!

Share

February 3, 2011

"නිහඩ ලොව බිදින්න ජිවිතයක් එලිය කරන්න අපිත් ඉලංදාරියට එක් වෙමු."

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා.
ඔයාල හැමොම මෙන්න මෙතනින්  ගිහින් අපේ  ඉලංදරියා සහෝදරයාගේ වචනවලින් දැනගන්න ඔහුට මොකක්ද ඔන උදව්ව කියලා.. ඔහු වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා පුංචි දායකත්වයකින් හෝ, ඔහුගේ නිහඩ ලොව බිදින්න ලොකු  හයියක් වෙමු නේද ?





Share 
 

January 28, 2011

අන්දරේ...


ගති ගුණ අතින් කෙතරම් යහපත් උනත්,රජ වාසල හිවතෙක් උනත් අන්දරේ සතුව අයහපත් ගතිගුණයන්ද නොතිබුනා නොවෙයි.මින් රජවාසලෙන් පිටතට යන වාරයක් පාසා කුමක් හො යමක් හොරකම් කිරීම නවත්වන ලෙස රජතුමා හොඳින් මෙන්ම නරකින්ද අවවාද කල නමුත් අන්දරේ නොවෙයි ඒවා කනකටවත් මායිම් කරේ.අවසානයේ වාසලින් පිටට යන විට රජ වාසල මුර කරුවන් ලවා හොඳින් පරික්ෂා කරවන ලෙස රජතුමා අණ කරන ලදී.පසු දින පුරුදු පරිදි අන්දරේ වාසලෙන් නික්ම යද්දී ඔහුට මෙම පරික්ෂාකිරිල්ල  වදයක්ම විය.මෙයට දැනෙන තරමේ ගේමක්  නොදී සිටීම අන්දරේට මහත් මදි පුංචිකමක්දවිය.කෙසේ නමුත් පසුදා අන්දරේ වාසලින් පිටවෙද්දී මුර කරුගේ පුරුදු  ගෝරනාඩුව ඇසිනි.කිව යුතු දෙයක් ඇත වර්තමානයේ මෙන්ම එදාත් සික්කන් ඇතුලේ ඉන්නා ලොක්කාගේ උෂ්නය ඇගට ගෙන ජීවත් වන්නට පුරුදුව සිටියහ.මහ වාසල සික්කා
"මොනවාද අන්දරේ බූරුවා පිට තියන මල්ලේ තියෙන්නේ?"
ඇසූවිට අන්දරේ සාමකාමී ලෙස මල්ල විවර කොට පෙන්නුවේය.මල්ලේ වැලිය.රජුගේ අණ කිසිවක් ගෙන යාමට නොදෙන ලෙසය.මල්ල බිමට හලා යන ලෙස අන්දරේට උපදෙස් ලැබිණි.මල්ල හැලූ අන්දරේ බූරුවා පිට නැගි නිවසට පිටත් විය.පසුදාත් එසේමය රජුත් සළු තලයේ සිට බලා සිටී.එදත් වැලි මල්ල බිමට හැලූ අන්දරේ යන්න පිටත් විය.සති කීපයක් මෙය සිදු වන විට සියල්ලන්ටම මෙය සුපුරුදු සිද්දියක් විය.නමුත් අන්දරේ මොනවා නමුත් හොරකම් කරන ව සියල්ලෝ දැන සිටියහ.මින් භීතියට පත් වූයේ මුරකරුය.මෙයින් අන්දරේ බේරෙන බවත් තමාට හිස් ගැසුම් කන්නට වෙන බවත් ඔහුට සක්සුදක් සේ චැටහී තිබුනා.
පසු දිනක කෙසේ හෝ මුරකරුට රා වාඩියකදී අන්දරේ මුණ ගැසුනා.අන්දරේගේ පදම ඉක්මවන මානයේ අන්දරේට ලං වූ මුරකරු
“අන්දරේ තමුසෙයි මායි අුරන්නේ ගොඩක් කාලෙක ඉලා.මම දන්නවා තමුසෙ මහ වාසලෙන් මොනවා හරි උස්සනවා කියලා. තමුසෙගෙයි මගෙයි හිතවත්කම සලකලා මට කියනවකෝ ඒ මොනවද කියලා.මම කාටවත් කියන්නේ නෑ”
“බූරූවෝ”
මදක්සිනාසුනු අන්දරේ පැවසීය.

Share

January 23, 2011

ළමයගේ වයස.


මේක දුම්රිය පොළක උන සිද්දියක්
“කොළඹ සිට මෙම දුම්රිය ස්ථානය වෙත් පැමිනෙන දුම්රිය තව පැයක් පමණ ප්‍රමාද වන බව කරුණාවෙන් සළකන්න ”යැයි යකඩ කටෙන් කියවුනේ දෙවැනි වතාවටය.දුම්රිය නැවතුම්පලේ යකඩ යකා පැමිණීමට නියමිත මග දෙස නොඉවසිල්න් බලා සිටින මිනිසෙකි.මේ දෙස බලා සිටි දුම්රිය ස්ථානාධිපති ඔහු අස්වසන අටියෙන් ඔහුට මදක් ලං කර “මහත්තයා කවුරු එනකන්ද බලන් ඉන්නේ?”යැයි ඇසීය.”දුව කොළඹ ඉන් එනවා”යැයි නුරුස්සන ස්වභාවයෙන් මිනිසා පිළිතුරු දුන්විට ස්ථානාධිපතිගේ මීළඟ ගැටළුව ඔහු වෙත එල්ල විය.”දුවට වයස කීයද?”.
“කොළඹින් එද්දිනම් විස්සයි!”යැයි සැරෙන් පැවසු මිනිසා  යන්නට ගියා.

කෝච්චි ගැන කියද්දී මත්ක් උනේ.තියන තරමක් කෝච්චි ඔක්කොම බඩු කෝච්චි!
උඩරට මැණිකේ,රුහුණු කුමාරි,යාල්දේවි,රැජිණ... ඔන්න ඔහොමයි වැඩේ.පිරිමි නමක් තියන එක කෝච්චියක් නෑනේ!


Share

අයින්ස්ටයින්ගේ ඔරලෝසුව!


දිනක් අයින්ටයින් වෙත පැමිනි මිනිසෙක් අයින්ස්ටයින් වෙත ඔරලොසු තුනක් පෑවේය.එකක වෙලාව විනාඩි ගණනක් වැඩියෙන් ගමන් කරන්නකි.අනෙකේ වෙලාව විනාඩි ගණනක් අඩුවෙනි.අන්තිම එක අන්තිමය.එහි වෙලාව යන්නෙම නැත.මදක් කල්පනා කරන්න ඔබ තෝරා ගන්නේ කුමක්ද?කෙසේ නමුත් දෙවරක් නොසිතා එය රැගෙන පැමිණි පුද්ගලයාට උදවුවක් ලෙස මේ  මහා බුද්ධිමතා මිලදී ගත්තේ වේලාව නැවතී ඇති ඔරලොසුවයි!පසුව මේ ගැන ඔහුගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ මුල් ඔරලොසු දෙක කිසි විටකත් නිවැරදි වේලාවක් නොපෙන්වන බවයි.නමුත් වේලාව නැවතී ඇති ඔරලොසුව අඩුම තරමේ දවසට දෙපාරක් නිවැරදි වේලාව පෙන්වන බවයි.
දැන් ඔබේ වාරයයි. ඔබ තෝරා ගන්නේ කුමක්ද?


Share

January 20, 2011

QR Code ගැන දන්නවාද?

90 දශකයේ ජපානයේ Denso Wave සමාගමට වාහන අමතර  කොටස් වල තොරතුරු මතක තබා ගැනීමට වඩා නිවැරදි උපක්‍රමයක අවශ්‍යතාව පැන නැගි තිබිනි.194දි QR Code  කරළියට එන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. QR Code යනු සැබැවින්ම Bar Code වැනිම උපාංගයක් වන අතර එය Bar Code එකකින් වෙනස් වන්නේ එහි හැකියාව ගැන  කතා කිරීමේදීය.
 
සුදු පැහැති මායිමකින් වට වූ 0.5 mm2 හෝ 1 mm2 ප්‍රමානයෙන් යුතු කුඩා සමචතුරස්‍ර රැසකින් යුතු මෙහි විශේෂත්වය වන්නේ එය ඕනෑම රීඩරයකට පහසුවෙන් කියවා ගත හැකි ලෙස ප්‍රතිචාචාර දක්වන බැවිනි.මෙහි නමද QR(QR-Quick Response)  වන්නේද එබැවිනි. රීඩරය ගැන කිවහොත් Bar Code කියවීමට විශේෂ රීඩරයක් අවැසි වුවත් ‍ QR Code කියවීමට අපගේ Camera Phone එකකට වුවද හැකියාව ලබා දීමට ඇත.ඒ සඳහා අවැසි වන්නේ මෙගා බයිට කීපයක මෘදුකාංගයකි.
ඉලක්කම් නම් 7089ක් ද අකුරු නම් 4296ක්ද රඳවා තැබිය හැකි වන්නා සේම සුළු සුළු දෝෂ(කොටසක් මැකී ගිය විට) තිබුනහොත් ඒවා නිවැරදි කර ගනිමින් තොරතුරු කියවා ගැනීමට  හැකිවීමද,ඕනෑම දිශාවකට අල්ලා කියවීමට හැකිවීමද  මෙහි විශේෂ ලක්ෂණ වේ.
එබට අවැසි යමක් QR Code එකක් බවට පරිවර්තනය කර ගැනීමට හෝ QR Code එකක තොරතුරු කියවා ගැනීමට සහය වන මෘදුකාංග බොහොමයක් ඇත.ඔබ මේ ගැන අනන්දුවක් දක්වනවානම් Google සෙවුමක් දමන්න.මෙතන Click කරානම් වෙන්නෙත් ඒ ටිකම තමා!හෝwikipedia.

මේවා මම පාවිච්චි කරපුවා.එකින් එකට වෙනස් පහසුකම් තියනවා.
http://reader.kaywa.com/
http://qrcode.kaywa.com/
http://zxing.appspot.com/generator/

Share

January 13, 2011

Google Chrome වොයිස් සර්ච්!











Chrome සඳහා වන Voice Search  නැමැති Chrome extension භාවිතා කිරීමෙන් ඔබට දැන් ඔබේ කටහඬ අනුසාරයෙන් සෙවුමක් දැමීමට හැකිය.මෙම සේවාව දැනට කඩුවට පමනක්  වන අතර දියුනු වෙමින් පවත්නා ගතියක් පෙනෙන්නට තිබේ.හරිහමන් මයික් එකක් නොමැති කමින් මා හට මෙය අත්හදා බැලීමට නොහැකි උනා.කොකටත් ඔයාලත් ඒ පැත්තේ ගිහින් එන්න.මෙය සමග දැනටමත් Google, Wikipedia, YouTube, Bing, Yahoo, DuckDuckGo හා Wolfram|Alpha  ආදිය සමග ගලපා ඇති අතර ඔබට වෙනත් සෙවුම් යන්ත්‍රයක් සමගද මෙය ගැට ගසා ගක හැකි බව නිර්මාන කරුවන් පවසයි.පාවිච්චි කරලා ගුන දොස් අපිටත් කීවොත් හොදා! 
Share