ගති ගුණ අතින් කෙතරම් යහපත් උනත්,රජ වාසල හිවතෙක් උනත් අන්දරේ සතුව අයහපත් ගතිගුණයන්ද නොතිබුනා නොවෙයි.මින් රජවාසලෙන් පිටතට යන වාරයක් පාසා කුමක් හො යමක් හොරකම් කිරීම නවත්වන ලෙස රජතුමා හොඳින් මෙන්ම නරකින්ද අවවාද කල නමුත් අන්දරේ නොවෙයි ඒවා කනකටවත් මායිම් කරේ.අවසානයේ වාසලින් පිටට යන විට රජ වාසල මුර කරුවන් ලවා හොඳින් පරික්ෂා කරවන ලෙස රජතුමා අණ කරන ලදී.පසු දින පුරුදු පරිදි අන්දරේ වාසලෙන් නික්ම යද්දී ඔහුට මෙම පරික්ෂාකිරිල්ල වදයක්ම විය.මෙයට දැනෙන තරමේ ගේමක් නොදී සිටීම අන්දරේට මහත් මදි පුංචිකමක්දවිය.කෙසේ නමුත් පසුදා අන්දරේ වාසලින් පිටවෙද්දී මුර කරුගේ පුරුදු ගෝරනාඩුව ඇසිනි.කිව යුතු දෙයක් ඇත වර්තමානයේ මෙන්ම එදාත් සික්කන් ඇතුලේ ඉන්නා ලොක්කාගේ උෂ්නය ඇගට ගෙන ජීවත් වන්නට පුරුදුව සිටියහ.මහ වාසල සික්කා
"මොනවාද අන්දරේ බූරුවා පිට තියන මල්ලේ තියෙන්නේ?"
ඇසූවිට අන්දරේ සාමකාමී ලෙස මල්ල විවර කොට පෙන්නුවේය.මල්ලේ වැලිය.රජුගේ අණ කිසිවක් ගෙන යාමට නොදෙන ලෙසය.මල්ල බිමට හලා යන ලෙස අන්දරේට උපදෙස් ලැබිණි.මල්ල හැලූ අන්දරේ බූරුවා පිට නැගි නිවසට පිටත් විය.පසුදාත් එසේමය රජුත් සඳළු තලයේ සිට බලා සිටී.එදත් වැලි මල්ල බිමට හැලූ අන්දරේ යන්න පිටත් විය.සති කීපයක් මෙය සිදු වන විට සියල්ලන්ටම මෙය සුපුරුදු සිද්දියක් විය.නමුත් අන්දරේ මොනවා නමුත් හොරකම් කරන ව සියල්ලෝ දැන සිටියහ.මින් භීතියට පත් වූයේ මුරකරුය.මෙයින් අන්දරේ බේරෙන බවත් තමාට හිස් ගැසුම් කන්නට වෙන බවත් ඔහුට සක්සුදක් සේ චැටහී තිබුනා.
පසු දිනක කෙසේ හෝ මුරකරුට රා වාඩියකදී අන්දරේ මුණ ගැසුනා.අන්දරේගේ පදම ඉක්මවන මානයේ අන්දරේට ලං වූ මුරකරු
“අන්දරේ තමුසෙයි මායි අඳුරන්නේ ගොඩක් කාලෙක ඉඳලා.මම දන්නවා තමුසෙ මහ වාසලෙන් මොනවා හරි උස්සනවා කියලා. තමුසෙගෙයි මගෙයි හිතවත්කම සලකලා මට කියනවකෝ ඒ මොනවද කියලා.මම කාටවත් කියන්නේ නෑ”
“බූරූවෝ”
මදක්සිනාසුනු අන්දරේ පැවසීය.