....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

November 16, 2018

ගෑණිට වඩා හොඳට ලොක්කා තේරුම් ගැනීම..


මං මේ ලඟදි හිතුවා අපි ගොඩක් මහන්සි උනත් රැකියාවේදී ඉස්සරහට යන්නේ හෙමින් නේද කියලා, ඒ වගේම සමහරු වේගෙන් තමන්ගේ ගමන යනවා. එකට හිටපු එවුං කියන්නේ පොර ගොට්ට අල්ලනවා එහෙම නැතිනම් තව තව වෙන ගේම් වගේ කතා එත් ඇත්තටම ඊට වෙනස් සීනුත් තියනවා.මේක එහෙම එකක්.

මේක අපේ රාජකාරි ස්ථානයේ සීන් එකක්, නං ගං ඔක්කොම මනක්කල්පිතයි(එකේ අකුරු වැරදි ටයිප් කරගන්න බැරිකම තමා ඉතින්) නැතිනම් අපේ එකෙක් මේක දැකපු දවසකට රස්සාව නැති වෙන එකක් තමා වෙන්නේ. මං මේ කියන ඩයල් එක දැන් අපේ RM(Regional Manager) පොර ඊට කලින් අපේ ටීම් එකක ඉන්චාජ්, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරියේදී පෙන්නන දක්ෂතා ඔක්කොම අඩුවක් නෑ, මොරටුවේ ඉංජිනේරු උපාධ්ධාරියෙක්.

ඉතිං අපේ කලින් RM ගැනත් කියන්න ඕන, පොර ඕනෑවටත් වඩා මනුස්සකම් තියන, වරදට සමාව දෙන, සෘජු ප්‍රතිපත්ති තියන අවංක, ඔය වගේ ඩයල් එකක්. (නං ගං අරෙහෙම උනාට මේවා ඇත්ත ගතිගුණ හරිද දොරේ) ඒ වගේම වංචාව දුෂණය පිටු දකින,ආයතනයේ සම්පත් නිවැරදිව පරිහරණය කරන කෙනෙක්.පොර දැන් අපේ ඩිවිෂන් එකේ හෙඩා.(දැන් බලන එවුං කියයි මං ඩයල් එකට ගොට්ට කියලා) ඒ වගේම ඉතින් අපේ ආයතනයත් සම්පත් බහුල තැනක්. වැරදි විදිහට පරිහරණය කරනවානම් අහු වෙන්නෙත් නැති තරම්(ඒ දවස්වල)

ඉතිං අපේ හිටපු ලොක්කගේ වයිෆ් ඉන්නවනේ දැන් ලොක්කාගේ පාසලේ සීනියර් අක්ක කෙනෙක් දෙන්නා ඉස්සර ඉඳලම අඳුරනවත් එක්ක.ඉතිං කලිං ලොක්කගේ හාමිනේ දවසක් අර ටීම් එකේ ඉන්චාජ්ට කතා කරලා කියලා තියනවා,

"අනේ මල්ලි අයියා කොළඹ මීටින් එකකට ගියා ෆෝන් එක අන්සර් කරන්නේ නෑ, කාර් එකත් අරං ගියා මට සැලෝන් එකට යන්න වහනයක් එවන්න පුලුවන්ද" කියලා

ඉතිං මේ කියවන උඹට,මට එහෙම ඔහොම ඉල්ලීමක් ආවනම් අපි කරන්නේ තියන හොඳම වාහනේ හෝදලා සුපිරිම විදිහට යවන එකනේ, මොනවා උනත් ලොක්කගේ ගෑනිනේ. තත්වය එසේ තිබියදීත් සහෝදර සහෝදරියනේ අපේ ඩයල් එක කිව්වේ මෙහෙම දෙයක්,

" අක්කේ, පොඩ්ඩක් අයියගෙන් අහන්න ඕන, එයා එහෙම කැමති නෑ,තව ටිකක් බලලා කෝල් එකක් දීලා අහමු " කියලා. අපේ ආයතනයේ පොඩි එකාගේ ඉඳන් ලොක්කටම නම කියන්න පුළුවන්, එහෙම නැතිනම් නම අගට  අයියා මල්ලි කියලා දාලා කතා කරනවා.
ඉතිං අක්කා විනාඩි පහළවකින් ලොක්කට ගන්නවා,ෆෝන් ආන්සර් නෑ ආයේ අපේ ඩයල් එකට ගන්නවා පොරගේ උත්තරේ අරකමයි .ඔහොම කීප වතාවක් උනා කියමුකෝ, අපේ පොර වහනයක් යැව්වෙම නෑ. හම්මේ එකට අපි එහෙම වගකිවයුතු තැනක හිටියනම්.මේ වෙද්දී ඔක්කොම වාහන එතන.

ඉතිං හවස පහට විතර අපේ ඩයල් එකට කෝල් එකක් එනවා ලොක්කගේ වයිෆ්.
"මල්ලි මේ උඹ කොහොමද බං මටත් වඩා හොඳට මගේ මනුස්සයා ගැන දන්නේ, මං කතා කරලා වාහනේ ඉල්ලුවම මට බැනලා taxi එකක යන්න කිව්වනේ"

දැන් තේරෙනවනේ පොරගේ දියුණුවේ රහස, ඒ දවස් වල ලොක්ක මොකක් හරි දෙයක් හතර පස් පාරක් කිව්වම තමා මට යන්තන් එක තේරෙන්නේ,බොසා බැන්නත් හිනා වෙච්චි එවුං අපි! ඒ උනාට මේ පොර බොසා තේරුම් අරං ඉදලා තියෙන්නේ තිතටම.

උඩ ෆොටෝ එක දැම්මේ එෆ් බී එකේ ගොඩක් ශෙයා උන එකක් නිසා. අපි හැම වෙලාවේම හිතන්නේ මොකෙක් හරි උඩ යන්නේ එහෙම කියලා, නමුත් ගොඩක් තැන් වල මිනිස්සුන්ගේ දක්ෂතා අනිත් එවුන්ට තේරුම් ගන්න බෑ, හිතන්නේ ඉතින් ගොට්ට කියලා.

අයෙත් හම්බවෙමු ඔපිස් එකේ කතාවකින්. නිවුස් බලන්න යන්න ඕනා, අද සිකුරාදා ගමරාල මොන පිස්සුවක් නටලා තියෙයිද දන්නේ නෑ .

No comments:

Post a Comment