දුක,සතුට,පිස්සු,ජීවිතය ඔක්කෝම ඇතුලත්ව මාගේ ජීවිතයේ එක් පැතිකඩක්...
January 23, 2011
අයින්ස්ටයින්ගේ ඔරලෝසුව!
January 20, 2011
QR Code ගැන දන්නවාද?
සුදු පැහැති මායිමකින් වට වූ 0.5 mm2 හෝ 1 mm2 ප්‍රමානයෙන් යුතු කුඩා සමචතුරස්‍ර රැසකින් යුතු මෙහි විශේෂත්වය වන්නේ එය ඕනෑම රීඩරයකට පහසුවෙන් කියවා ගත හැකි ලෙස ප්‍රතිචාචාර දක්වන බැවිනි.මෙහි නමද QR(QR-Quick Response) වන්නේද එබැවිනි. රීඩරය ගැන කිවහොත් Bar Code කියවීමට විශේෂ රීඩරයක් අවැසි වුවත් QR Code කියවීමට අපගේ Camera Phone එකකට වුවද හැකියාව ලබා දීමට ඇත.ඒ සඳහා අවැසි වන්නේ මෙගා බයිට කීපයක මෘදුකාංගයකි.
ඉලක්කම් නම් 7089ක් ද අකුරු නම් 4296ක්ද රඳවා තැබිය හැකි වන්නා සේම සුළු සුළු දෝෂ(කොටසක් මැකී ගිය විට) තිබුනහොත් ඒවා නිවැරදි කර ගනිමින් තොරතුරු කියවා ගැනීමට හැකිවීමද,ඕනෑම දිශාවකට අල්ලා කියවීමට හැකිවීමද මෙහි විශේෂ ලක්ෂණ වේ.
එබට අවැසි යමක් QR Code එකක් බවට පරිවර්තනය කර ගැනීමට හෝ QR Code එකක තොරතුරු කියවා ගැනීමට සහය වන මෘදුකාංග බොහොමයක් ඇත.ඔබ මේ ගැන අනන්දුවක් දක්වනවානම් Google සෙවුමක් දමන්න.මෙතන Click කරානම් වෙන්නෙත් ඒ ටිකම තමා!හෝwikipedia.
මේවා මම පාවිච්චි කරපුවා.එකින් එකට වෙනස් පහසුකම් තියනවා.
http://reader.kaywa.com/
http://qrcode.kaywa.com/
http://zxing.appspot.com/generator/
January 13, 2011
Google Chrome වොයිස් සර්ච්!
Chrome සඳහා වන Voice Search නැමැති Chrome extension භාවිතා කිරීමෙන් ඔබට දැන් ඔබේ කටහඬ අනුසාරයෙන් සෙවුමක් දැමීමට හැකිය.මෙම සේවාව දැනට කඩුවට පමනක් වන අතර දියුනු වෙමින් පවත්නා ගතියක් පෙනෙන්නට තිබේ.හරිහමන් මයික් එකක් නොමැති කමින් මා හට මෙය අත්හදා බැලීමට නොහැකි උනා.කොකටත් ඔයාලත් ඒ පැත්තේ ගිහින් එන්න.මෙය සමග දැනටමත් Google, Wikipedia, YouTube, Bing, Yahoo, DuckDuckGo හා Wolfram|Alpha ආදිය සමග ගලපා ඇති අතර ඔබට වෙනත් සෙවුම් යන්ත්‍රයක් සමගද මෙය ගැට ගසා ගක හැකි බව නිර්මාන කරුවන් පවසයි.පාවිච්චි කරලා ගුන දොස් අපිටත් කීවොත් හොදා!
December 11, 2010
රේල් පාර අයිනේ..
දිනක් මම Class ඇරිලා රේල් පාර දිගේ(ස්ථානය වැදගත් නෑ)Bus Halt එකට යනවිට තරුණ යුවලක් මා පසු කරගෙන ගියා.අනුන්ගේ කතා වලට ඇහුම් කන් දීම නුසුදුසු උනත් ඔවුන්ගේ ස්වරයේ අමුත්ත්ක් දනුනු නිසා මම මවුන්ට පිටුපසින් යන් ගමන් කතාව අහගෙන් හිටියා.
මේ පිරිමි ළමයා ගැහැනු ළමයා රැගෙන යමින් තිබුනේ ගබ්සා මධ්‍යස්ටානයක් වෙතයි. ගැහැනු ළමයා "අනේ මට බයයි!"කියමින් යන විට පිරිමි ළමයා "බය වෙන්න දෙයක් නෑ මම හොදට දන්න තැනක්"යනුවෙන් ගැහැනු ළමයා අස්වසමින් පැවසුවා.ඒ අවස්ථාවේ කල යුත් යමක් මට සිතා ගැනීමට නොහැකි උනත් වර්තමානයේ මා පෙම්වතිය සමග තනිවන විටක මා සීමාවෙන් මෙහා රැදවීමට තරම් උක්ත සිදුවීම මා වෙත බලපෑමක් කරා.
ලංකාව වැනි ලිංගික අධ්‍යාපනය අඩුවෙන් ලැබෙන රටක තමන්ගේ පෙම්වතියගේ ඡීවිතය අනතුරේ දමන සිදුවීම් වලකා ගැනීමට උනන්දු වන්නන් සිටීනම් තරුණ ඡීවිත මීට වඩා ලස්සනට ගෙවෙන්න ඉඩ තිබුනා.
මේක ලියන්න හිතුනේ බූඩිගේ තීරුවේ | buddie's column පලවූ ලිපියක් කියවීමෙන් පසුවයි.අත්දැකීම් නැතත් මේ පිලිබදව ලංකාවේ ඡාතික පුවත්පතක පලවී තිබූ නිසාත් කාරනයේ ඇති වැදගත්කම නිසාත් එම ලිපිය උපුටා ගන්න හිතුවා.
අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු
මේ ලිපියෙන් කියන්න යන්නේ වැදගත් දෙයක් ගැන, ඒක නිසා මාතෘකාව දැකලා බය වෙන්න එපා කවදා හරි ඔයාලට මේක වැදගත් වෙන්න පුලුවන්. ඒක නිසා දැනුවත් වෙලා ඉන්න එක හොදයි නේ. ඉතින් ඒක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනා. ලිංගික කරුනු කිහිපයක් ගැන තමා මෙම ලිපියේ අන්තර් ගත වෙන්නේ.
කවුරුත් දන්නවනේ අනාරක්ෂිත ලිංගික එක් වීමක් කියන්නේ මොකක්ද කියලා හරි දන්නැති අයටත් දන්නවා කියලා හිතන් ඉන්න අයටත් දැන ගන්න මම කියන්නම්.
මෙමගින් අදහස් කරන්නේ ස්වාභාවික ආකාරයට සිදුවන ලිංගික එක්වීමක්, මෙහිදී කිසිම පාලන ක්‍රමයක් භාවිතා වන්නේ නෑ. එවැනි ලිංගික එක් වීම් නිසා ගැබ් ගැනීමක් හට ගැනීමේ ඉහල අවධානයක් තිබෙනවා, තවද එමගින් ලිංගික සම්ප්‍රේෂනය වන රෝග බෝවීමේ ඉහල අවධානමක් තියෙනවා. එනිසා හැකිතාක් අනාරක්ෂිත ලිංගික එක් වීම් වලින් වැලකී සිටීමට උත්සහ කල යුතුයි. පාලන ක්‍රමයක් භාවිතා නොකරන සෑම විටම මේ පිලිබද සැලකිලිමත් වීම වැදගත්. මන්ද කෙතරම් ප්‍රවේශම් වීම සිදු කලත් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි. මේ සදාහා ඇති හොදම පිලියම වන්නේ කොන්ඩම භාවිතයයි.
කෙසේ වුවද අනාරක්ෂිත ලිංගික එක් වීමක් සිදු වූ පසු ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා බලමු. බොහෝ විශ්වාසයක් තැබිය හැකි ක්‍රමයක් වන්නේ ක්ෂනික ගැබ් ගැනීම් වැලක්වීමට භාවිතා කරන පෙති වර්ගයක් භාවිතා කිරීමයි. මෙහි ප්‍රතිපල ඉතාමත් ඉහලයි.
ඉතින් ලංකාවේ අපි කොහොමද මේ පෙති ලබා ගන්නේ. මෙම පෙති හදුන්වන්නේ Emergency Contraception Pills ලෙසයි. පාමසි මගින් ලබා ගත හැකි Postinor-2 මේ සදහා යොදා ගත හැකියි. මෙම පෙත්ත දොස්තර කෙනෙකුගේ බෙහෙත් තුන්ඩුවක් නොමැතිව වුවද ලබා ගත හැකියි. මෙම පෙත්ත ලංකාව තුල සුලබව සොයා ගත හැකියි.
මෙය භාවිතා කල යුත්තේ පහත දැක්වෙන අයුරින්. මෙහි පෙති දෙකක් පැකට්ටුව තුල වෙනවා. එකක් 750 micrograms බැගින් වූ පෙති දෙකක් වේ.
අනාරක්ෂිත එක් වීමෙන් අනතුරුව හැකි ඉක්මනින් පලමු පෙත්ත ලබාගන්න. පැය 72 ක් ඉක්මවීමට මත්තෙන් ගැනීමට වග බලාගන්න. හැකි ඉක්මනින් ලබා ගත්තරමට ප්‍රතිපල විශ්වාශ කල හැක. ඉන්පසු පලමු පෙත්ත ගෙන පැය 12 කට පසු දෙවන පෙත්ත ලබා ගත යුතුයි.
මෙලෙස හරියට වෙලාවට මෙය භාවිත කලහොත් ප්‍රථිපල ඉතාමත් හොද විය හැකියි. මෙලෙස භාවිතාකලහොත් ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ 1% කටත් අඩුයි.
මෙමගින් ඇති වන අතුරු ආබාධ ඉතාමත් අඩුයි. මේ පිලිබද දැන ගැනීමට අවශය කෙනෙක් ඉන්නව නම් කමේන්ට් එකක් දාන්න. මේ ලිපියට දමන කමේන්ට් අනුමැතියෙන් පසු පමණක් අන් අයට දැක ගැනීමට හැකිවේ. එනිසා යම් ප්‍රශ්නයක් ඇතිනම් කමේන්ට් එකක් ලෙස දමන්න.
ඔබ ජීවිතයේ කවදා හෝ ඔබට හෝ අන් අයෙකුට මෙය අවශයය විය හැකියි.
මෙම ලිපිය සම්පාදනය කිරීමට පෙර ශ්‍රී ලංකා පවුල් සංවිධානය අමතා මෙම කරුනු තවුරු කර ගනු ලැබුවා. 0112 588 488 මගින් ඔබට ඔවුන් හා සම්බන්ධ විය හැකියි. මෙම පෙති පෙට්ටියේ පවා භාවිතා කරන ආකාරය පැහැදිලිව සදහන් කර තිබෙනවා. කෙසේ වුවද මෙම ලිපිය මගින් මෙම පෙත්ත හදුන්වා දීම පමණක් සිදුකල අතර එය භාවිතයට පෙර පවුලේ දොස්ත්ර හමුවී හෝ අනෙකුත් දොස්තර කෙනෙකු මගින් හෝ උපදෙස් ගන්න ලෙසට මා තරයේ අවධාරනය කොයට සිටිනවා. මන්ද යම් යම් තත්ව යටතේ මෙම පෙත්ත ලබා නොගත යුතුයි. ඒ සියල්ලම දැන ගෙන මෙය භාවිතා කරන්න. එම උපදෙස් සෘජුව ලබා දීමට මට බලයක් නොමැති නිසා මේ විස්තර වලින් මම මෙම ලිපිය හමාර කරනවා.




