....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

November 16, 2018

ගෑණිට වඩා හොඳට ලොක්කා තේරුම් ගැනීම..


මං මේ ලඟදි හිතුවා අපි ගොඩක් මහන්සි උනත් රැකියාවේදී ඉස්සරහට යන්නේ හෙමින් නේද කියලා, ඒ වගේම සමහරු වේගෙන් තමන්ගේ ගමන යනවා. එකට හිටපු එවුං කියන්නේ පොර ගොට්ට අල්ලනවා එහෙම නැතිනම් තව තව වෙන ගේම් වගේ කතා එත් ඇත්තටම ඊට වෙනස් සීනුත් තියනවා.මේක එහෙම එකක්.

මේක අපේ රාජකාරි ස්ථානයේ සීන් එකක්, නං ගං ඔක්කොම මනක්කල්පිතයි(එකේ අකුරු වැරදි ටයිප් කරගන්න බැරිකම තමා ඉතින්) නැතිනම් අපේ එකෙක් මේක දැකපු දවසකට රස්සාව නැති වෙන එකක් තමා වෙන්නේ. මං මේ කියන ඩයල් එක දැන් අපේ RM(Regional Manager) පොර ඊට කලින් අපේ ටීම් එකක ඉන්චාජ්, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරියේදී පෙන්නන දක්ෂතා ඔක්කොම අඩුවක් නෑ, මොරටුවේ ඉංජිනේරු උපාධ්ධාරියෙක්.

ඉතිං අපේ කලින් RM ගැනත් කියන්න ඕන, පොර ඕනෑවටත් වඩා මනුස්සකම් තියන, වරදට සමාව දෙන, සෘජු ප්‍රතිපත්ති තියන අවංක, ඔය වගේ ඩයල් එකක්. (නං ගං අරෙහෙම උනාට මේවා ඇත්ත ගතිගුණ හරිද දොරේ) ඒ වගේම වංචාව දුෂණය පිටු දකින,ආයතනයේ සම්පත් නිවැරදිව පරිහරණය කරන කෙනෙක්.පොර දැන් අපේ ඩිවිෂන් එකේ හෙඩා.(දැන් බලන එවුං කියයි මං ඩයල් එකට ගොට්ට කියලා) ඒ වගේම ඉතින් අපේ ආයතනයත් සම්පත් බහුල තැනක්. වැරදි විදිහට පරිහරණය කරනවානම් අහු වෙන්නෙත් නැති තරම්(ඒ දවස්වල)

ඉතිං අපේ හිටපු ලොක්කගේ වයිෆ් ඉන්නවනේ දැන් ලොක්කාගේ පාසලේ සීනියර් අක්ක කෙනෙක් දෙන්නා ඉස්සර ඉඳලම අඳුරනවත් එක්ක.ඉතිං කලිං ලොක්කගේ හාමිනේ දවසක් අර ටීම් එකේ ඉන්චාජ්ට කතා කරලා කියලා තියනවා,

"අනේ මල්ලි අයියා කොළඹ මීටින් එකකට ගියා ෆෝන් එක අන්සර් කරන්නේ නෑ, කාර් එකත් අරං ගියා මට සැලෝන් එකට යන්න වහනයක් එවන්න පුලුවන්ද" කියලා

ඉතිං මේ කියවන උඹට,මට එහෙම ඔහොම ඉල්ලීමක් ආවනම් අපි කරන්නේ තියන හොඳම වාහනේ හෝදලා සුපිරිම විදිහට යවන එකනේ, මොනවා උනත් ලොක්කගේ ගෑනිනේ. තත්වය එසේ තිබියදීත් සහෝදර සහෝදරියනේ අපේ ඩයල් එක කිව්වේ මෙහෙම දෙයක්,

" අක්කේ, පොඩ්ඩක් අයියගෙන් අහන්න ඕන, එයා එහෙම කැමති නෑ,තව ටිකක් බලලා කෝල් එකක් දීලා අහමු " කියලා. අපේ ආයතනයේ පොඩි එකාගේ ඉඳන් ලොක්කටම නම කියන්න පුළුවන්, එහෙම නැතිනම් නම අගට  අයියා මල්ලි කියලා දාලා කතා කරනවා.
ඉතිං අක්කා විනාඩි පහළවකින් ලොක්කට ගන්නවා,ෆෝන් ආන්සර් නෑ ආයේ අපේ ඩයල් එකට ගන්නවා පොරගේ උත්තරේ අරකමයි .ඔහොම කීප වතාවක් උනා කියමුකෝ, අපේ පොර වහනයක් යැව්වෙම නෑ. හම්මේ එකට අපි එහෙම වගකිවයුතු තැනක හිටියනම්.මේ වෙද්දී ඔක්කොම වාහන එතන.

ඉතිං හවස පහට විතර අපේ ඩයල් එකට කෝල් එකක් එනවා ලොක්කගේ වයිෆ්.
"මල්ලි මේ උඹ කොහොමද බං මටත් වඩා හොඳට මගේ මනුස්සයා ගැන දන්නේ, මං කතා කරලා වාහනේ ඉල්ලුවම මට බැනලා taxi එකක යන්න කිව්වනේ"

දැන් තේරෙනවනේ පොරගේ දියුණුවේ රහස, ඒ දවස් වල ලොක්ක මොකක් හරි දෙයක් හතර පස් පාරක් කිව්වම තමා මට යන්තන් එක තේරෙන්නේ,බොසා බැන්නත් හිනා වෙච්චි එවුං අපි! ඒ උනාට මේ පොර බොසා තේරුම් අරං ඉදලා තියෙන්නේ තිතටම.

උඩ ෆොටෝ එක දැම්මේ එෆ් බී එකේ ගොඩක් ශෙයා උන එකක් නිසා. අපි හැම වෙලාවේම හිතන්නේ මොකෙක් හරි උඩ යන්නේ එහෙම කියලා, නමුත් ගොඩක් තැන් වල මිනිස්සුන්ගේ දක්ෂතා අනිත් එවුන්ට තේරුම් ගන්න බෑ, හිතන්නේ ඉතින් ගොට්ට කියලා.

අයෙත් හම්බවෙමු ඔපිස් එකේ කතාවකින්. නිවුස් බලන්න යන්න ඕනා, අද සිකුරාදා ගමරාල මොන පිස්සුවක් නටලා තියෙයිද දන්නේ නෑ .

November 11, 2018

දිගු කලකින් පසු ආයෙමත් ආයුබෝවන්..!




රස්සාව රස්සාව රස්සාව.. ඔහොම තමා ජිවිතේ ගෙවුනේ, ඒ අතර කසාද බන්දා ළමයි හැදුවා ඉතිං කොහෙද බ්ලොග් ලියන්න වෙලාවක්. ජිවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ රස්සාව එක්ක, ඒ අතර වෙලාවක් නිවාඩුවක් හම්බ උනොත් පවුල් කාලා ජිවිතේ ගැනත් හිතනවා. මොනවා උනත් පොඩි කාලේ ඉඳලා තිබුන පොත් කියවන පුරුද්ද අතරුනේ නෑ,ආසාවට පොත් ගත්තත් කියවන්න මාස ගණන් පරක්කු උන අවස්ථාත් නැතුවම නෙවෙයි, නිකං වල පල් බ්ලොග් එකක් කරන අතරේ ඒ කියවන පොත් ගැන පොඩි විස්තර ටිකක් දාලා බ්ලොග් එකක් කරන්න හිතුනා, පොත් හොයන ඇයට පොඩි උදව්වක් වෙන්න හිතාගෙන මේ වැඩේ කරන්නේ, ඒ අතරම කයිවාරු  බ්ලොග් කෙරුවාවත් කරගෙන යන්න හිතාගෙන ඉන්නේ. ලින්ක් එක පහල තියනවා තම පොත් දෙක තුනක් ගැන විතරයි දාන්න පුළුවන් උනේ. ටික ටික  ඔක්කොම පොත්  ගැන විස්තර දැන්නම්. දැනට ඇති.. ම්ම්ම් ඒක නෙවෙයි, සිංහල බ්ලොග් කියවන එවුං තාම ඉන්නවද?

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

https://incenseofpapers.blogspot.com/

May 19, 2013

ඩබ්ලියු වන්ගුණදාස ඇල බන්ට් එකේදී නාගනී.


විවේකි බව නිසාම ලියන්න තියා  කියවන්නවත් බැරුව හිටියේ.ඔන්න අයෙත් ටිකක් නිදහස් වේගන එන්නේ! අලුත් තැනක රැකියාවකට ආපුවම අපු  අලුතම වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා ඇරුනම ලියන කියවන වැඩ වලට වැඩිය හිත ගියේ නෑ.  මේ ලඟදි මං වැඩ කරපු පරණ ආයතනයට ගියා,එතැනදී පරණ සිද්ධි ගණනාවක් නැවත මතකයට අවා,මේකත් එහෙම එකක්.මේක දැනගෙන හිටියේ කීප දෙනෙක් විතරයි.දැන්නම් ඔක්කොම දැන ගනියි.කාගේ කාගේත් හොඳට මං මේකේ නම් ගම් නොලියා ඉන්නම්.ඒ වගේම මේක කාටවත් අපහාසයට නෙවෙයි ලියන්නේ.
මේ කියන පුද්ගලයාගේ නම ගුණදාස වගේ එකක්,පොර හමුදාවේ හිටපු කෙනෙක්,රාජකාරියෙන් විශ්‍රාම අරන් අපේ ආයතනයට කුලියට වෑන් එකක් දාලා දුවපු එක තමා මෙයා කරේ. හමුදාවෙන් විශ්‍රාම යද්දී මෙයා හමුදා පුහුණු පාසලක පුහුණු උපදේශකයෙක් විදිහට ඉඳලා තියනවා.අපි වැඩ කරෙත් උතුරු නැගෙනහිර නිසා ගුණදාස හමුදාවේ බොහෝ  දෙනෙක් අඳුනන නිසා පොර  අපිට ගොඩක් ප්‍රයෝජනවත්  උනා. මෙයා ව්ශ්‍රම යද්දී පළමු ශ්‍රේණියේ  Warrant Officer කෙනෙක් විදිහට තමා විශ්‍රාම ගියේ.ඕක කෙටියෙන් කියන්නේ W1 කියලා.  w1 ගුණදාස කියපුවාම තමා කට්ටිය මෙය දන්නේ.මෙයා ගැන ආරංචි උන විස්තර අනුව හොඳ දක්ෂ නිලධාරියෙක්.මනුස්සයාගේ පම්පෝරියත් එහෙමම තමා.

මේ සිද්ධිය උනේ සේරුවිල  පැත්තේදී,එදා ටිකක් රැ වෙනකම් වැඩ කරලා අපි මුතුර් පැත්තට යන ගමන්,ඉතින් අපි පාරේ අයිනේ තිබුන කඩේකින් වැව්  මාළු,පරිප්පු,අගුණ කොළ මැල්ලුම් සහ මුරුංගා සමග  කැකුළු බත් සහිත බත් පාර්සල් දෙකකුත් අරගෙන යන්න පිටත් උනා. මෙහෙම පළාත් වල වැඩ කරද්දී ජොබ්  එක කෙසේවෙතත් වැවක් වැවක් ගඟක් දැක්කොත් නාලා එහෙම තමා වැඩ පටන් ගන්නේ,දැන් වැඩ ඉවර වෙලා යන ගමනුත් අපි පුරුදු පොට්  එකකින් නාලා යන්න කතා වෙලා හිටියේ.ඉතින් අපි දෙන්නම කරුවලේ  ඇලෙන් නානවා.අපරාදේ කියන්න බෑ මරු  වතුර ටික.ඔහොම නාද්දී අපේ රියදුරු මහතා "බඩ ටිකක් අවුල් වගේ " කියලා ඇල  බන්ට් එක පැත්තට ගියා .තාම රෑට කෑවෙත් නෑ,දවල් කාපුවටද කොහෙද ඉතින් මාත් පාඩුවේ ඔලුව පිහිනවා.මේ යුද්දේ ඉවර උන අලුතම නිසා කරුවල වැටුන වෙලාවට හමුදාවෙන් මුර සංචාරක කටයුතුත් කරනවා.
ඉතින් ටික වෙලාවකින් මට ඇහුන මේ වගේ දෙබසක් ඉස්සර වෙලාම කතා කරේ මුර සංචාරේ යන සෙබලා

 සෙබලා : කවුද ඕයි ඇළ බන්ට් එකේ බොක දාන්නේ?
අපේ කෙනා :ආ මේ මම ඩබ්ලියු වන්ගුණදාස
 සෙබලා : හරි සර් @##$%#$^#$%@#%@#

හරි සර් කියල කිව්වද  මට මතක නෑ.කියපු දේවල් මතකත් නෑ.මොකද මං  කඳුළු පෙරාගෙන අඬනවා.

February 2, 2013

මේකත් බේබදු කතාවක්!



මේ දවස් වල බ්ලොග් වල හෝ ගාලා වැල කතා සහ ටැබූ නැගල යනවා.බ්ලොග් ඩොමේන් එකම මද කිපිලා වගේ.මදක්  නෙවෙයි උපරිම!එකත් එක විදිහකට ෆන්.මන් බ්ලොග් එකක් පටන් ගත්තෙත් ෆන් එකටම තමා.මේක බෙබදෙකුට සිදු උන දෙයක්!
මෙහෙමයි කතාව ඔය කියන යාළුවා මේ ලඟදි කසාදයක් එහෙම කැරගත්තා.ඉතින් කොල්ලා බැඳලා සති දෙක තුනක් යනකම් අරක්කු දිහා බැලුවේවත් නෑලු.මොනවා උනත් පොර බඳින්න කලින් කෙල්ලට කියලලු තිබුනේ පොර ඉඳල හිටලා ඩ්‍රින්ක් එකක් දානවා කියල,කෙල්ලත් වැඩේට ඔකේ නිසා වෙඩිමත් සිද්ද උනා.ආ අමතක උනා.මේක යෝජනා කරපු විවාහයක්.ඉතින් කෙල්ල ගැනියෙක් වෙලා සතියකට දෙකකට  විතර පස්සේ පොර වැඩට ගිහින් ඇවිත්  වොෂ් එකකුත් දාගෙන කරගෙන එහෙම කිට මරාගෙන එලි බහින්නලු ලැහැස්තිය.එතනින් එහා ටික දෙබසක් විදිහටම දාන්නම්  ඒක තමා ලස්සන!

අලුත ගෙනා මනමාලි : කොහෙද බබා මේ යන්න හදන්නේ?
පොර : මම යනවා වස්තුව බාර් එකට ගිහින් පොඩි බියර් එකක් බීල එන්න.
අ. ගෙ.ම.:අනේ පැටියෝ ඔයාට ඕනේ බියර් එකක්ද?මෙන්න!
 කියල ලොක්කි ෆ්‍රිජ් ඒක ඇරියම තියනවලු හැම ජාතියේම බියර් දොළහේ  කේස් තුනක් විතර.ලයන්,ත්‍රී කොයින්,කාල්ස්බර්ග් ඔක්කොම ජාති!අපේ පොරට හිතාගන්න බැලූ මොන කියන්නද කියල.


පහු ගිය අවුරුද්දේ ලියන්න පටන් ගත්තු කතාවක්.වැඩ අධිකකම නිසාම සම්පූර්ණ නොකර අතරල දල තිබුනේ.ඔන්න එක සම්පූර්ණ කරලා දාන්න හිතුවා.ඔන්න අද එතැන් සිට..


මොනවා උනත් පොරට ගෑණිගෙන් ගැලවිලා ගිහින් බොන්න ඕනනේ,ඉතින් පොර කියනවා..
පොර : අනේ සුදු එහෙම නෙවෙයි,එතනදි කට්ටිය එක්ක කතා කර කර කාඩ් අතක් සෙල්ලම් කරන ගමන් තමා බොන්නේ එහෙම තමා ගතිය.
අ. ගෙ.ම.: අයියෝ සුළු දෙයක්නේ,මන් ඔයා එක්ක කතා කර කර කාඩ් ගහන්නම්!
පොර : එහෙම නෙවෙයි බබෝ,එතන කට්ටිය අමු කුණුහරප වලින්නේ කතා කරන්නේ,
අ. ගෙ.ම.: එකත් එහෙමද!අනේ හු... පු... මට කියල හු... ගන්නේ නැතුව මෙතනට වෙලා බීපන්,නැතිනම් ඇ..දෙකෙන් බාල්කෙ එල්ලනවා!
ඔන්න පොරට දැනුනලු දැන්නම් තමන් ඉන්නේ බාර් එකේ වගේ විත්තිය.පොර පාඩුවේ බියර් එකක් අරගෙන බොන්න පටන් ගත්තලු .