....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

December 11, 2010

රේල් පාර අයිනේ..

මෙය වැල් වටාරම් වලින් විසිතුරු කර ලිවීමට තරම් සුන්ර කතාවක් නෙවෙයි.මේ සිදුවීම සිදු උනේ මම උසස් පෙළ හදාරන කාලයේ හෝ ඊටත් කලින්.සිද්ධිය මගේ හිතේ කැළඹීමක් ඇති කරන්නට සමත් උනා.
දිනක් මම Class ඇරිලා රේල් පාර දිගේ(ස්ථානය වැදගත් නෑ)Bus Halt එකට යනවිට තරුණ යුවලක් මා පසු කරගෙන ගියා.‍අනුන්ගේ කතා වලට ඇහුම් කන් දීම නුසුදුසු උනත් ඔවුන්ගේ ස්වරයේ අමුත්ත්ක් දනුනු නිසා මම මවුන්ට පිටුපසින් යන් ගමන් කතාව අහගෙන් හිටියා.
මේ පිරිමි ළමයා ගැහැනු ළමයා රැගෙන යමින් තිබුනේ ගබ්සා මධ්‍යස්ටානයක් වෙතයි. ගැහැනු ළමයා "අනේ මට බයයි!"කියමින් යන විට පිරිමි ළමයා "බය වෙන්න දෙයක් නෑ මම හොදට දන්න තැනක්"යනුවෙන් ගැහැනු ළමයා අස්වසමින් පැවසුවා.ඒ අවස්ථාවේ කල යුත් යමක් මට සිතා ගැනීමට නොහැකි උනත් වර්තමානයේ මා පෙම්වතිය සමග තනිවන විටක මා සීමාවෙන් මෙහා රැදවීමට තරම් උක්ත සිදුවීම මා වෙත බලපෑමක් කරා.
ලංකාව වැනි ලිංගික අධ්‍යාපනය අඩුවෙන් ලැබෙන රටක ‍තමන්ගේ පෙම්වතියගේ ඡීවිතය අනතුරේ දමන සිදුවීම් වලකා ගැනීමට උනන්දු වන්නන් සිටීනම් තරුණ ඡීවිත මීට වඩා ලස්සනට ගෙවෙන්න ඉඩ තිබුනා.
මේක ලියන්න හිතුනේ බූඩිගේ තීරුවේ | buddie's column පලවූ ලිපියක් කියවීමෙන් පසුවයි.අත්දැකීම් නැතත් මේ පිලිබදව ලංකාවේ ඡාතික පුවත්පතක පලවී තිබූ නිසාත් කාරනයේ ඇති වැදගත්කම නිසාත් එම ලිපිය උපුටා ගන්න හිතුවා.

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු

මේ ලිපියෙන් කියන්න යන්නේ වැදගත් දෙයක් ගැන, ඒක නිසා මාතෘකාව දැකලා බය වෙන්න එපා කවදා හරි ඔයාලට මේක වැදගත් වෙන්න පුලුවන්. ඒක නිසා දැනුවත් වෙලා ඉන්න එක හොදයි නේ. ඉතින් ඒක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනා. ලිංගික කරුනු කිහිපයක් ගැන තමා මෙම ලිපියේ අන්තර් ගත වෙන්නේ.

කවුරුත් දන්නවනේ අනාරක්ෂිත ලිංගික එක් වීමක් කියන්නේ මොකක්ද කියලා හරි දන්නැති අයටත් දන්නවා කියලා හිතන් ඉන්න අයටත් දැන ගන්න මම කියන්නම්.

මෙමගින් අදහස් කරන්නේ ස්වාභාවික ආකාරයට සිදුවන ලිංගික එක්වීමක්, මෙහිදී කිසිම පාලන ක්‍රමයක් භාවිතා වන්නේ නෑ. එවැනි ලිංගික එක් වීම් නිසා ගැබ් ගැනීමක් හට ගැනීමේ ඉහල අවධානයක් තිබෙනවා, තවද එමගින් ලිංගික සම්ප්‍රේෂනය වන රෝග බෝවීමේ ඉහල අවධානමක් තියෙනවා. එනිසා හැකිතාක් අනාරක්ෂිත ලිංගික එක් වීම් වලින් වැලකී සිටීමට උත්සහ කල යුතුයි. පාලන ක්‍රමයක් භාවිතා නොකරන සෑම විටම මේ පිලිබද සැලකිලිමත් වීම වැදගත්. මන්ද කෙතරම් ප්‍රවේශම් වීම සිදු කලත් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි. මේ සදාහා ඇති හොදම පිලියම වන්නේ කොන්ඩම භාවිතයයි.

කෙසේ වුවද අනාරක්ෂිත ලිංගික එක් වීමක් සිදු වූ පසු ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා බලමු. බොහෝ විශ්වාසයක් තැබිය හැකි ක්‍රමයක් වන්නේ ක්ෂනික ගැබ් ගැනීම් වැලක්වීමට භාවිතා කරන පෙති වර්ගයක් භාවිතා කිරීමයි. මෙහි ප්‍රතිපල ඉතාමත් ඉහලයි.

පික් 1

ඉතින් ලංකාවේ අපි කොහොමද මේ පෙති ලබා ගන්නේ. මෙම පෙති හදුන්වන්නේ Emergency Contraception Pills ලෙසයි. පාමසි මගින් ලබා ගත හැකි Postinor-2 මේ සදහා යොදා ගත හැකියි. මෙම පෙත්ත දොස්තර කෙනෙකුගේ බෙහෙත් තුන්ඩුවක් නොමැතිව වුවද ලබා ගත හැකියි. මෙම පෙත්ත ලංකාව තුල සුලබව සොයා ගත හැකියි.

මෙය භාවිතා කල යුත්තේ පහත දැක්වෙන අයුරින්. මෙහි පෙති දෙකක් පැකට්ටුව තුල වෙනවා. එකක් 750 micrograms බැගින් වූ පෙති දෙකක් වේ.

අනාරක්ෂිත එක් වීමෙන් අනතුරුව හැකි ඉක්මනින් පලමු පෙත්ත ලබාගන්න. පැය 72 ක් ඉක්මවීමට මත්තෙන් ගැනීමට වග බලාගන්න. හැකි ඉක්මනින් ලබා ගත්තරමට ප්‍රතිපල විශ්වාශ කල හැක. ඉන්පසු පලමු පෙත්ත ගෙන පැය 12 කට පසු දෙවන පෙත්ත ලබා ගත යුතුයි.

මෙලෙස හරියට වෙලාවට මෙය භාවිත කලහොත් ප්‍රථිපල ඉතාමත් හොද විය හැකියි. මෙලෙස භාවිතාකලහොත් ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ 1% කටත් අඩුයි.

මෙමගින් ඇති වන අතුරු ආබාධ ඉතාමත් අඩුයි. මේ පිලිබද දැන ගැනීමට අවශය කෙනෙක් ඉන්නව නම් කමේන්ට් එකක් දාන්න. මේ ලිපියට දමන කමේන්ට් අනුමැතියෙන් පසු පමණක් අන් අයට දැක ගැනීමට හැකිවේ. එනිසා යම් ප්‍රශ්නයක් ඇතිනම් කමේන්ට් එකක් ලෙස දමන්න.

ඔබ ජීවිතයේ කවදා හෝ ඔබට හෝ අන් අයෙකුට මෙය අවශයය විය හැකියි.

මෙම ලිපිය සම්පාදනය කිරීමට පෙර ශ්‍රී ලංකා පවුල් සංවිධානය අමතා මෙම කරුනු තවුරු කර ගනු ලැබුවා. 0112 588 488 මගින් ඔබට ඔවුන් හා සම්බන්ධ විය හැකියි. මෙම පෙති පෙට්ටියේ පවා භාවිතා කරන ආකාරය පැහැදිලිව සදහන් කර තිබෙනවා. කෙසේ වුවද මෙම ලිපිය මගින් මෙම පෙත්ත හදුන්වා දීම පමණක් සිදුකල අතර එය භාවිතයට පෙර පවුලේ දොස්ත්ර හමුවී හෝ අනෙකුත් දොස්තර කෙනෙකු මගින් හෝ උපදෙස් ගන්න ලෙසට මා තරයේ අවධාරනය කොයට සිටිනවා. මන්ද යම් යම් තත්ව යටතේ මෙම පෙත්ත ලබා නොගත යුතුයි. ඒ සියල්ලම දැන ගෙන මෙය භාවිතා කරන්න. එම උපදෙස් සෘජුව ලබා දීමට මට බලයක් නොමැති නිසා මේ විස්තර වලින් මම මෙම ලිපිය හමාර කරනවා.



Share


November 6, 2010

උපුටා ගැනීම:Anonymous' Column | නිර්නාමිකයාගේ තීරුව

ආදර කතා නුහුරු උනත් හිතට දනුන නිසා මෙක උපුටා ගත්තේ,නිර්නාමිකයාට ස්තූතිය පුදමි!


පුංචි එකා සන්දියේදි
මතකයි දවසක්
සිංහල ටීචර් කිව්වා පාඩමක් අතරදි
කොල්ලනේ ගෑණු ළමයි කියන්නේ
මල් වගේ

ඇට්ටරකමට
එදා අපි සර් ගෙන් ඇහුවේ
එතකොට සර්
කොල්ලෝ ගල් වගේද කියලා
වෙනදා නම්
ඔහොම කුප්ප කතාවක් කිව්වාම
සර් සලකන්නේ
ලූණු ඇඹුල් හොද පදමින්

ඒත් එදා
සර්ගේ නිහැඩියාව ඇයි කියලා
තේරෙනවා අද









November 5, 2010

අලි කතාවක්!

මේක අලි කතාවක්.ඒ කියන්නේ ලොකු කතාවක් කියන එක නෙවෙයි.මේකේ main character එක කරන්නෙ අලියෙක්.තනියම නෙවෙයි.තව අලියෙකුත් ඉන්නවා.
මෙහෙමයි සිද්ධිය, එක වලවුවක හිටියා අලි දෙන්නෙක්.හිටියා කිවුවට හිටියා නෙවෙයි,වලවුවේ ලොකු හාමු විසින් සුරතලයට ඇති කරා.සාමාන්‍යයෙන් අලි නඩත්තුව පහසු දෙයක් නොවුනත් වලවුවකට ඒක ගේමකුත් නෙවෙයිනෙ.ඒ කාරනා කොහොම උනත් කාලයාගේ ඇවෑමෙන් මේ වලවුවටත් නරක කලක් උදා උනා.දැන්නම් හාමුට අලි බැලිල්ල එපා වෙලා.ඇයි අප්පා වියදම!විකුනලත් බෑ,ගෞරවය!අන්තිමේටම හාමු තීරණයක් ගත්තා.එක අලියෙක් විකුනන්න.අනිකගෙන් ‍අත‍ට ගානක් එන වැඩකුත් සෙට් කර ගන්න තමා ලොක්කා හිතුවෙ.
හාමු එක අලියෙක් විකුනගත්තා කියමුකෝ,අනිකගෙන් සල්ලි හොයන්න පොඩි තරගයක් සංවිධානය කරා.මොකද්ද දන්නවද,අලියා උඩ පන්නන්න පුළුවන් කෙතනක්ට රුපියල් 50000/= තෑග්ගක් දෙන්න.නමුත් තරගයට ලියාපදිංචි වෙන්න රුපියල් 1000/=ක් ගෙවන්න ‍ඹ්න.දැන් ඉතින් වලවුවට කට්ටිය එනවා අලියා උඩ පන්නන්න. අලියා මෝහනය කරනවා,පලතුරු දෙනවා,ආදරෙන් කියනවා,බනිනවා ඔය වගේ විකාර කෝටියයි.ඒත් මේකා නෙවෙයි උඩ පැන්නේ.හාමුගේත් අතමිට දැන් ටිකක් සරුයි.ඒත් මේක වෙනස් වෙන්න වැඩි කල් ගියේ නෑ!දවසක් ආවා මරුසි පෙනුමක් තියන ඩයල් එකක්.ආවා,රුපියල් දාහ දුන්නා,ගියා අලියා ගාවට ටිකක් අලියගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන හිටියා.ඊ ගාවට මෙයා ආපු වාහනෙන් පොල්ලක් ගත්තා.අලියා හෙල්ලෙන්නේ නැත්ව ඉන්නවලු.මෙයා පොල්ල කරකවලා දුන්නා අතෙන්ට එකක්(දන්නවනේ තැන)අලියා එදා නම් උඩ පැන්නේ හූ.. කියාගෙන.අනේ අලියගෙ පිරිමි කමත් ඉවරයි, හාමුගේ 50000 කුත් ඉවරයි! ටික දවසක් ඔහොම ගෙවිලා ගියා.හාමුගේ කල්පනාව ආයෙත් තරගයක් තියන්න.මෙදා පොටේ කරන්න තියන දේ වෙනස් නමුත් නීති එමමයි.තව අලියට රිද්දන්න ඔට්ටු නෑ!මෙදා පාර කරන්න තියෙන්නේ අලි ඔළුව දෙපැත්තට හොල්ලන්න(අපි නෑ,බෑ කියන තාලෙට,අලි ඔළුව වනන්නේ උඩට පහලට විතරනේ).මේ පාරත් පෙර පරිදිම කටිටිය ඇවිත් උත්සහ කරලා පැරදිලා යනවා.මේකා ගල් අලියෙක් වගේ ඉන්නවා.ඌටත් වැඩේ තේරිලාද කොහෙද!අන්තිමටම අර මරුසි ඩයල් එක ආවා.ඇවිත් අලියා දිහා එක එල්ලේ බලාගෙන ඉදලා අලියගෙන් මෙහෙම ඇහුවා.
"උඹට මතකද මාව?"
අලියා ඔව් කියලා ඔළුව උඩට පහලට වැනුවා.
"දෙන්ඩද දො දුන්නා වගේ එකක්?"
සරුවාංගෙම හිරි වැටුන අලියා ඔළුව දෙපැත්තට වනලා බොක්කෙන්ම එපා කිවුවා!

බේබද්දෝ!




බේබද්දන්ට එක එක විකාර සීන් සිද්ද වෙන එක අපිට අළුත් දෙයක් නෙවෙයි!මේකත් එහෙම එකක්,වැල් වටාරම් නැතිව කතාව කියන්නම්.
ඹන්න එක බේබද්දෙක් ඉන්නවා.ලෝකෙටම එක බේබද්දෙක් නෙවෙයි.මේ කතාවෙ ඉන්න
දෙන්නගෙන් පලවෙනි කෙනා!මෙයා ටිකක් කපටි පොරක්.පොර බාර් එකට ගියාම අමුතු වැඩ දාලා හොර ෂොට් එකක් දෙකක් දා ගන්නවාමයි. දවසක් මෑන්ස් බාර් එකට ගිහින් ෂොට් එකක් ඇන
වුම් කරා.වේටර් ෂොට් එක ගෙනාපු ගමන් මෙයා එක උගුරට ඒක බීලා දැම්මා.ඊට පස්සේ හෙමීට වීදුරුව මේසෙ යටට අල්ලලා පාඩුවේ ඒකට චූ කරා.ඊටත් පස්සේ මෙයා ගෙදරින් එද්දී මරාගෙන ආපු කැරපොත්තෙක් වීදුරුවට දාලා වේටර්ට කතා කරලා මෙහෙම කියනවා."අයිෂෙ බලනවා මේක බොන්න පුළුවන්ද කියලා?තමුසෙලා අපිට කැරපොත්තො පොවන්න හදන්නෙ අපිට වෙරි කියලා හිතුවද....?@$$@$$@$$$%"
වේටරුත් අහක යන බාල්දි වලට කර ගහන්නේ ඇයි කියලා හිතලා
දෙකට නැමිලා සොරි පාරක් එහෙම දාලා ෂොට් එක අරන් ගිහින් වෙන එකක් ගෙනාවා.අර පුද්ගලයා මොකුත් නොවුන ගානට ඒකත් බීලා එක ෂොට් එකකට සල්ලි දීලා යන්න ගියා.

කතාව තාම ඉවර නෑ.මේ බාර් එකෙම වෙන තැනක හොදට වෙරි වෙලා හිටපු තව බේබද්කේ තව ෂොට් එකක්
ඉල්ලුවා. වේටර් කරෙ අර ඉස්සර වෙලා ගිහින් තිබ්බ ෂොට් එකේ කැරපොත්තා අයින් කරලා මෙයාට දීපු එක(අපරාදෙනෙ අරක්කු විසික්කන එක.අනික වේටර් දන්නෙනෑනෙ මේකෙ තිබුන දේ)ඉතින් මේ දෙවැනි බේබද්දා වෙරි පිටම ගඩස් ගාලා එක උගුරට ඒක බිවුවා.වෙරි පිට උනත් එකේ අවුල මිනිහට තේරුනා.
මේ අතරම එතනින් යන වේටර් අරයගෙන් අහනවා "සර් බයිට් එකට මොකුත් ගේන්නද?"
එතකොටම අර පුද්ගලයා කියනවා "හුඡ්ඡ ටිකනම් බිවුවා බයිට් එකට ගූ කැල්ලක් ගෙනෙන්"!!
වචන නම් ටිකක් අවුල්.සමාවෙන්න!නමුත් කතාවේ රස තියෙන්නේ එතකොට!

October 21, 2010

වස්සන් සිටිති දොස්තරකම ඇඟට ගෙන!

සනීපාරක්ෂක කම්කරුවන්ගේ වැටුප හා සසඳමින් වෛද්ය්වරුන් විසින් වැටුප් වැඩි වීමක් ඉල්ලා ඇති බව පසු ගිය දිනවල පුවත්පත් වල දැක ගන්නට ලැබුනා. වෛද්යවවරුන් වැටුප් වැඩි වීම් ඉල්ලීම ලංකාවේ අපිට අළුත් දෙයක් නොවෙන නමුත් මෙවර වැටුප් වැඩි වීම ඉල්ලු ආකාරය පිලිගත් බුද්ධිමතුන් වන වෛද්ය වරුන්ට සුදුසු නොවෙන බව මාගේ අදහසයි. වෛද්යබ වෘත්තිකයන් ඉහල වැටුප් තලයක තැබිය යුතු බව විවාදාත්මක කරුණක් නොවනමුත් මේ පිලිබදව ඇතිවු පිළිකුල නිසාම මේ සටහන ලිවීමට අදහස් කලෙමි.මෙම කරුණ පිට දමා ආන්ඩුව ප්රවශ්නයෙන් මගහැරිය නමුත් වෛද්යත වෘත්තිකයන්ට කට වසා ගත්තේ සිදු වූයේ මෙමගින් ඇතිවු මහඡන අප්රුසාදය ඔවුන්ට දැනුන බැවින් විය යුතුය.මේ පිළිබඳව පුවත්පතක පලවු කවියක් මෙයට එක් කරන්නේ වෛද්ය වරුන්ට පමණක් නොව උගත් කමින් ඔළුව උදුම්මා ගත් සියල්ලන්ටම ආදර්ශයක් ගත හැකි වන් පිණිසය.

සනීපාරක්ෂක කම්කරුවන්ගේ වැටුප
හා සසඳමින් වැඩි වැටුපක් ඉල්ලීම
දැකලා පුවත සංවේගය ඇතිව හිතේ
කොන්දොස්තර කෙනෙක් මට කී කව මෙන්න

දොස් දුරු කරන කරුණාවෙන් ළඟට ගෙන
වස් නැත සිටිත් දෙවිවරු මෙන් හතර කොන
පුස් වෙඩි තියන නොබලා නොතැන තැන
වස්සන් සිටිති දොස්තරකම ඇඟට ගෙන
-සුංගි රාළ

September 29, 2010

Put the Glass Down...( උපුටා ගැනීමකි)

මහාචාර්යවරයෙකුයි ගෝලයොයි අතර සිද්ධ වෙච්ච කතාබහකින් ගොඩනැගිච්ච ආදර්ශ කතාවක් කළිනුත් මං ඔයාලට කිව්වනේ. මේකත් ඒ වගේ තවත් කතාවක්. උපුටා අරගෙන පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙන්.

එක දවසක් පන්ති කාමරයට ආපු මහාචාර්යවරයා වතුර වීදුරුවක් ඔසවලා ළමයින්ට පෙන්නුවා. "මේ වීදුරුව කොච්චර බර ඇතිද?"

"ග්‍රෑම් 100ක්... 200ක්..." ළමයින්ගෙන් එක එක උත්තර ලැබුණා.

"හරි කමක් නෑ, බර කෝක උනත් වෙනසක් නෑ. මම දැං වීදුරුව මෙහෙම විනාඩි දෙක තුනක් විතර අල්ලං හිටියොත් මොනවා වෙයිද?"

"මොනවත් වෙන්නෙ නෑ," සිසුන් එක හඬින් උත්තර දුන්නා.

"හොඳයි මම පැයක් විතර මෙහෙම අල්ලං හිටියොත්?"

"ඔබ තුමාගෙ අත රිදෙන්න ගනියි," එක් සිසුවෙකුගෙන් පිළිතුරක් ලැබුණා.

"එතකොට දවසක්ම මම මෙහෙම හිටියොත්?"

"අත පණ නැති වෙලා ගිහිං ඔබතුමාට ඉස්පිරිතාලෙ තමයි නවතින්න වෙන්නේ." කටකාර සිසුවෙකුගේ පිළිතුරෙන් පංතියේ සැවොම සිනාසුණා.

"බොහොම හොඳයි. හරි, දැං මට කියන්න, ඒ මුළු කාලය පුරාම මේ වීදුරුවේ බරේ වෙනසක් වෙනවද?"

"නෑ."

"එහෙනං මොකද්ද මගේ අත රිදෙන්න, පණ නැති වෙන්න හේතු වෙන්නේ?"

එවර පංතියෙන් පිළිතුරක් ලැබුණේ නෑ.

"ඒ අතේ රිදිල්ලෙන් මිදෙන්න මං මොනවද කරන්න ඕනේ?"

"වීදුරුව තියන්න ඕනේ," එක්කෙනෙක් පිළිතුරු දුන්නා.

"හරියට හරි," යැයි කියපු මහාචාර්යතුමා දිගටම කතා කළා. "ජීවිතේ ප්‍රශ්නත් මේ වගේ. ඒ ගැන විනාඩි දෙක තුනක් හිතන්න, ඒ ප්‍රශ්නවත් ඔයාගේ ඔළුවවත් කරදරයක් නැතුව තියෙයි. ඒ ගැන දිග වෙලාවක් හිතන්න, ඔන්න ඔයාට වේදනාව දැනෙන්න පටන් ගනියි. ප්‍රශ්න ගැන දිගින් දිගටම හිතුවොත් ඔයා අංශ බාග රෝගියෙක් වෙන්නත් බැරි නෑ. ඒ ගැන දිගින් දිගටම හිතන්න ගියොත් ඔයාට වෙන කිසිම දෙයක් කරගන්න පුළුවං කමක් ලැබෙන්නෙ නෑ. ඔබලාගේ ජීවිතේ අභියෝග, ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒත් ඒ එක්කම වැදගත් අනික් දේ තමයි, ඒ ප්‍රශ්න වලින් මිදෙන එක. වීදුරුව ආපහු තියන එක. හැම දවසක් අවසානයේම, නිදාගන්නට පෙර. ඒ විදියට කළොත් ඔබට හොඳ නින්දක් ලැබේවි, පහුවදාට ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවං වෙයි. ඕනෙම ප්‍රශ්නයකට, අභියෝගයකට හොඳින් මුහුණ දෙන්න පුළුවං වෙයි."

මේ ලිපියට මමත් කොටසක්, මගේ අදහසක්, එකතු කරන්න කැමතියි. අපිට වීදුරුවේ බරෙන් නිදහස් වෙන්න පුළුවං විධි දෙකක් තියෙනවා. එකක්, වීදුරුව කැඩෙන්නෙ බිඳෙන්නෙ නැති වෙන්න පරිස්සමෙන් තියන එක. අනිත් එක, වීදුරුව ගැන කිසි සැලකිල්ලක් නැතුව ඔහේ අත ඇරලා දාන එක. ඉතිං වීදුරුවේ බරෙන් මිදෙන කොට වඩාත් පරෙස්සම් සහගත විධිය තෝරගත්තොත් හොඳයි. නැත්තම් තුවාල වෙන්න පුළුවං, අලාභ හානි - පාඩු සිද්ධ වෙන්න පුළුවං. අනිවාර්යයෙන්ම කතාන්දරයේ කියැවුනු හැටියට වීදුරුවේ බරෙන් මිදෙන එක වැදගත්, ඒත් එක්කම ඒකෙන් මිදෙන ආකාරයත් වැදගත්.

උපුටා ගත්තේ

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත..

September 21, 2010

ඔබටත් මෙහෙම ඉ-ලිපි ලැබෙනවාද?

විවිධ අසනීප වලට මුදල් ආධාර එකතු කිරීම අරමුන් කරගත් බව පවසමින් ඔබටත් මෙහෙම ඉ-ලිපි ලැබුනද?හිත හොද නිසා මේවාට මොනවා කරන්නද හිතා ගැනීමට නොහැකි තැන ඒගැන Tech katha මගින් විමසූ විට ලැබුනු පිලිතුරු පහත දැක්වේ.පිලිතුරු සැපයූ මිතුරන්ට ස්තූතියි!

ගැටළුව:යම් කෙනෙකුගේ රෝගී තත්වයකට මුදල් ආධාර ලබා ගැනීමට මෙම e-mail එක හැකි සෑම කෙනෙකුටම යවන්න යනුවෙන් නිතරම e-mail ලැබේ.e-mail එක forward කරන වාරයකට යම් මුදලක් අසරන පුද්ගලයාගේ ගිනුමකට ලැබෙන බවද පැවසේ.මට හිතෙන හැටියට මේක e-mail ලිපින එකතු කරන්නෙකුගේ වැඩකි.දන්නා කෙනෙක් පහදා දෙන්න

පිලිතුරු:
01)තනිකර බොරු ඔහොම කවුරුවත් සල්ලි දෙන්නෙ නෑ ඊමේල් ෆෝවර්ඩ් කරනවට (අනවශ්‍ය විදියට සංසරණය වෙන ඊමේල් ඒ සේවා වලට බරක් මිස මුදල් ගෙවන්න තරම් වාසියක් නෙමෙයි) ඔවයින් වාසි ලබාගන්නේ ඊමේල් ලිපින එකතු කරන උදවිය.
by Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

02)මේ වගේ ඊමේල් වල උඩින් පේන දේ ඒක වුනාට ඒවල යටි අරමුණු සාමාන්‍යයෙන් ඊට හාත්පසින්ම වෙනස්ය. මේවගේ ලිපි කිසිම විටකදීවත් ෆෝවඩ් කරන්න එපා කියන එකයි මට නම් මුලින්ම කියන්න තියෙන්නෙ. එහෙම කියන්නෙ මට හිතෙන හේතු දෙකක් මුල් කරගෙනයි.

1. කෙනෙක්ට උදව් කිරීම ඇත්තටම හොද දෙයක්. රෝගි වූ අසරණ කෙනෙක්ට උදව් දීම ඊටත් වඩා හොද දේව ගතියක්. ඒත් ඇත්තටම මෙතන තියන ගැටලුව මේ ඊමේල් ෆෝවඩ් කලාට අදාල කාටවත් මුදල් ලැබෙනවාද යන්නයි. කාට හරි එහෙම උදව්වක් කිරීමට අත්‍යවශ්‍යම නම් එම රෝගියාගේ ඥාතියෙකු හා හෝ ඍජුවම සම්බන්ධ වී, කාරනය හරි හැටි දැන උදව්වක් දීම පිං අතේ වැඩකී. නමුත් මෙසේ බොරු ඊමේල් තමන්ගේ
යාලුවන්ටද ෆෝවඩ් කර, තමන්ගේ මෙන්නම අනුන්ගේ කාලයද කා දැමීම මොන අතේ වැඩක් දැයි වටහා ගැනීම අප කාගේත් යුතුකමකී.

2. මෙවැනි මේල් එකක් ෆෝවඩ් කිරීමට පෙර සිහියට ගත යුතු තවත් එක් වැදගත් දෙයක් වෙයි. එනම් මෙසේ ෆෝවඩ් කිරීමේදී ඔබගේ ලිපිනයද නිරායාසයෙන්ම එහි ලැයිස්තු ගත වීමයි. එවිට මෙම ලිපි මගින් අයුතු ප්‍රයෝජන ගන්නෙකු යම් නොමනා ක්‍රියාවක් කලොත් ඔබටද එය අත්වීදීමට සිදුවීම කණගාටුවට කරුණකී. එම නිසා මෙවැනි මේල් කිසිම විටකවත් තවත් කෙනෙකු අත පත් කරන්න එපා. එවැනි ඊමේල් එකක් දුටුවොත්, “ස්පෑම්“ එකක් ලෙස සලකා අදාල ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම, ඔබගේ දෛනික ඊමේල් පරිහරණයට පහසුවක් ගෙන දෙනු නොඅනුමානය. තවද, ඉහත අරමුණම වෙනස් මුහුණුවරකින් ජෝක්ස්, ෆනි මේල්ස්,.. ලෙස ද ඔබේ ඉන් බොක්ස් එකට ගොඩවීමට පුලුවන. එවැනි ලිපියක් මිතුරන් පිරිසකට ෆෝවඩ් කිරීම වරදක් හැටියටම දැකිය නොහැකි නමුත් එයද බ්ලයින්ඩ් කාබන් කොපි (BCC) ආකාරයෙන් ෆෝවඩ් කිරීම අප කාගේත් ආරක්ෂාවට හොද යැයි කියන්නනේ අපගේ මිතුරෙකුටම වුනත් එම ලිපින ලැයිස්තවෙන් අයුතු ප්‍රයෝජනයක් ගැනීමට ඇති ඉඩ අවම කිරීම සදහාය..෴ :P

by නොලික්ස්


June 29, 2010

කතා ලිවීම ගැන..

පොඩි කාලේ මගේ දවසේ වැදගත්ම කාර්්‍යන් වලින් එකක් තමා නින්ද යන්කම් කතාවක් අහන එක.තාත්තා තමා කතාව කියන්නේ.මම හා මල්ලී කතාව අහගෙන ඉන්නේ.දවස පුරාම අපිත් එක්ක ඔට්ටුඋන අම්මත් මේ වෙලාවට තමා පොඩ්ඩක් නිදහස් වෙන්නේ.ඉතින් අම්මත් හෙමීට කතා අහන්න ‍එකතු වෙනවා.ඉතින් තාත්තා කතා කියද්දී අපි ඒකේ විරාම වලදී හ්ම්... කියන්න ඕන(ඒකට අම්මා කිවුවේ හුමිටි තියනවා කියලා)ඉතින් ඒ ආභාෂය ඇගේ තියන් නිසා මම තාමත් පොඩි දේකින් උනත් ලොකු රසයක් විදිනවා.ඉතින් මාත් හිතුවා පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න.කියවලා රස විදින්න.හු මිටි නොතිබ්බට පොඩි කොමෙන්ටුවක් දාලා ගියොත් ලොකු හයියක්!

June 28, 2010

ලොකු ඇපල්!

මගේ යාළුවෙක් ඉන්නවා කසුන් කියලා.‍හොද කොල්ලෙක්! නමුත් ටිකක් අචුල් ඩයල් එකක්! අපි ආදරේට කියන්නේ කච පසුන් කියලා.ඔන්න මේ කසුන්ට ඕස්ට්‍රේලියාවෙ ඇපල් වත්තක් තියනවලු(මන් දන්නේ නෑ මිනිහා කිවුවේ එහෙම) ඉතින් ඒ ඇපල් වත්තේ ඇපල් කඩපු දවසක මෙයා මට හම්බු උනා.ඕස්ට්‍රේලියාවෙදි නෙවෙයි.නුවරදි පොඩි පහේ සයිවර් කඩේකදී(කොච්චර සල්ලි තිබුනත් අපරාදෙ කියන්න බෑ කසුන් කන්නේ පොඩි පහේ සයිවර් කඩ වලින්ම තමා.නිහතමානී එකා!) අපි කන ගමන් මෙයා මට ඇපල් ගැන කියනවා.මෙන්න මෙහෙම

කසුන්:මචෝ මේ පාර අපේ ඇපල් වත්ත සරුයි!
මම : එල කිරි,එල කිරි එහෙනම් අපිටත් වාසි තියෙයි නේද?
කසුන්:නැතුව නැතුව.මේ පාර අපේ ඇපල් වත්ත තමයි එහේ හොදම වත්ත.උඹ විස්වාස කරනවනම් විස්වාස කරපන් ගෙඩි මෙන්න මේ සයිස්!
මම :පල යන්න ඔය සයිස් වෙන්නනම් එෟවා ඇපල් නෙවෙයි.වට්ටක්කා වෙන්න ඇති.
කසුන්: නෑ යකෝ උඹ හිතපන් දුසිමට අල්ලන්නේ ඒ ඇපල් වලින් ගෙඩි තුනයි!
මම :@$@$$%$@$$

June 24, 2010

Google දෙයියන්ගේ Ranking!



සෙවුම් යන්ත්‍ර නොමැතිව අන්තර්ජාලයේ යම් වැඩක් කිරීම ගැන සිතා බලන්න.ඒ ගැන සිතීමට නොහැකිනම් මදකට ඔබේ සෙවුම් යන්ත්‍රය Block කර වැඩ කරන්න.එවිට මා කී දේ ගැන යම් අදහසක් ගැනීමට හැකිවෙයි.ලිපිනය නොදන්නා වෙබ් පිටුවක ලිපිනය සොයා ගැනීමේ සිට තෙරක් නොපෙනෙන වැඩ කන්දරාවක් කර ගැනීමට මෙම සෙවුම් යන්ත්‍ර අපට උපකාරී වෙයි! Google,yahoo,MSN ආදී නොයෙකුත් සෙවුම් යන්ත්‍ර ඉදිරියෙන්ම ඇති Google(මෙය අවිවාදාත්මක කරුනකි) දෙවියෙක් වන්නේ කෙසේදැයි මා අමුතුවෙන් පැහැදිලි කල යුතු නෙවේ.
සියළුම සෙවුම් යන්ත්‍ර අපට සෙචුමක ප්‍රතිඵල ලබා දීමට විවිධාකාර Algorithm(PageRank යනුවෙන් google ඔවුන්ගේ වැඩ සටහන හදුන්වා ගනී) උපයෝගී කර ගනී.මේවා ඔවුන්ගේ රහස්(company secret) වන අතර ඒවා පිළිබදව අපේ දැනීම භාවිතා කිරීමෙන් අපේ වෙබ් පිටු යම් සෙවුමකට අදාලව මුල් අංක අතරට ගෙන ආ හැක.අපේ අඩවිය වෙලද ප්‍රචාරණයට යොදා ඇත්නම් මෙහි ඇති වාසිය වැදගත් වේ.
අනෙක් සෙවුම් යන්ත්‍ර මෙන්ම Googleද පාවිච්චි කරන විශේෂ මෘදුකාංග සාමාන්‍යයෙන් හදුන්වන්නේ spiders හෝcrawlers යනුවෙනි.තවද ඔවුන්ගේ සේවයේ ගුනාත්මක බව වැඩි කර ගැනීම සදහා ඔවුන් විසින් විශාල ප්‍රමානයේ Keyword ප්‍රමානයක් නඩත්තු කරයි.
වෙබ් පිටුවක Rank එක සදහා ඔවුන් සොයා බලන මූලික කරුනු කීපයකි,

  • Keyword එකක් යම් පිටුවක යෙදී ඇති වාර ගනන.මෙහිදි යම් වචනයක් පිටුවේ යෙදී ඇති වාර ගනන වැඩිනම් ඉහල ලකුනු ප්‍රමානයකුත්,වාර ගනන අඩුනම් පහල ලකුනු ප්‍රමානයකුත් ලබා දේ.
  • වෙබ් පිටුවේ වයස.සාමාන්‍යයෙන් අළුතෙන් සෑදු වෙබ් පිටුවකට වඩා ඊට කලින් සෑදු පිටු සදහා වැඩි ලකුනු ප්‍රමානයකුත් ලැබේ.
  • අදාල වෙබ් පිටුවට වෙනත් පිටු වලින් යොමු වු සම්බන්ධතා(Links).යම් පිටුවක් වෙත් වෙනත් පිටු වලින් link වැඩි ප්‍රමානයක් යොමු වී ඇතිනම් එයට වැඩි ලකුනු ප්‍රමානයක්ද ලැබේ.
මේ අනුව ගත් කල දෙවැන්න අපගේ පාලනයෙන් තොර වන අතර අනෙක් කාරනා ගැන අපේ අවධානය
යොමු කිරීමෙන් අපගේ වෙබ් පිටු ඉහලට ගත හැක.කෙසේ නමුත් අන්තර්ගතය හොද මට්ටමක
පවත්වා ගැනීමට හැකිනම් ඉහත කරුනු වලට වඩා එය වැදගත් බව මගේ හැගීමයි.
නමුත් Page ranking ඉහල දමා ගැනීම ඔබට වැදගත් හෙයින් ඉදිරි ලිපි වලින් අපි ඒ ගැන කතා කරමු.

June 22, 2010

සිරා ගැජට් එකක්-අළුත්ම පේනුව.


මේක මට ආවේ ඉ-ලිපියක් විදිහට.බලන්නකෝ රූප බලපුවාමම තේරෙයි!

බොහෝමයක් දෙනා කුඩා පරිගනක හා වෙනත් ප්‍රමානයෙන් කුඩා උපකරන වලට යොමු උනත් අපී තාමත් භාවිතා කරන්නේ විශාලම පේනුව බවයි මෙහි නිර්මාපකයන් පවසන්නේ.මෙහි ගනකම සෙන්ටි මීටර එකකි.

අකුලා ඇති මෙය සරළ පියවර කීපයකින් සාමාන්‍ය තත්වයට පත් කර ගත හැක.
මීට අමතරව ඊටම ගැලපෙන බහු පේනුවක් ද(Multi Plug)ඔවුන් ඉදිරිපත් කරනවා.



June 21, 2010

Windows Hosts file මගින් ‍වෙබ් සයිට් බ්ලොක් කරමු.

මොකද්ද මේ Hosts file එක?
HOSTS file එක කියන්නේ මුලිකවම වෙබ් ලිපින වලින් යුතු කුඩා ලැයිස්තුවක්.අප විසින් බ්‍රවුසරයට ලිපිනයක් ලබා දුන් විට එම වෙබ් අඩවිය සදහා අදාල IP ලිපිනය සොයා ගැනීමට බ්‍රවුසරය මුලින්ම සිදු කරන්නේ අදාල පරිගනකයේ මෙම HOSTS file එක කියවා බැලීමය.එතුල අදාල IP එක නොමැතිනම් බ්‍රවුසරය සුපුරුදු DNS resolving process එක කරගෙන යනු ලැබේ.

තියෙන්නේ කොහේද?
Windows NT %Systemroot%\System32\Drivers\Etc
Windows 95 \
Windows for Workgroups \
Windows 3.1 \
MS-Client 3.0 \Net
Lan Manager 2.2c Client \Net

උදා:-Windows XP:
C:\WINDOWS\system32\drivers\etc\

Windows 2000:
C:\WINNT\system32\drivers\etc\

Windows 98/ME:
C:\WINDOWS\

මෙය නම් කර ඇත්තේ නිකම්ම hosts ලෙස වන අතර දිගුවක්(extension)නොමැත.එම නිසා මෙය විවෘත කිරීමේදී Notepad වලින් විවෘත කර ගන්න.
එතකොට මෙන්න මේ වගේ තියෙනවා,

# Copyright (c) 1993-1999 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host

127.0.0.1 localhost

මෙහි 127.0.0.1 යනු ඔබේ පරිගනකයේ IP ලිපිනයයි.නිකමට එය බ්‍රවුසරයේ Address bar එක තුල ටයිප්(සිංහලයට ඇති දුර්වලතා ගැන ලැජ්ජා වෙමි)කර බලන්න. ඔබට වෙබ් පිටුවක් දිස් නොවේ.

දැන් අපි බ්ලොක් කිරීමට අවැසි ලිපිනය පහත පරිදි ලබා දීම සිදු කරමු.

127.0.0.1 www.sex.com
127.0.0.1 www.wala.com

තච දුරටත් බැලුවොත් අපට මෙමගින් www.yahoo.com වෙත යාමට උත්සහා දරන්නෙක් www.google.com වෙත හෝ අපට අවැසි තැනකට දක්කා ගැනීමටද පුළුවනි.
ඒ මෙපරිද්දෙනි,

67.195.145.137 www.google.com

හෝ

67.195.145.137 www.yourdomain.com

ලෙස ලබා දී Hosts file එක පුරුදු පරිදි සුරැකුම්(Save) කර ගන්න.සුරැකීමේදී දිගුවක්(extension)නොමැතිව සුරැකීමට මතක තබා ගත යුතුය.

DOS හිදී IP ලිපින සෙවීම පහත විධානයෙන් නර ගත හැකිය.

tracert <අවශ්‍ය ලිපිනය>

උදා:-
tracert www.google.com

හෝ tracert.com වෙත පිවිසෙන්න.

June 20, 2010

අපේ ප්‍රවාද-කපුටු වැස්ස


බිනර මහ උදා වීමත් සමගම මාස් කළුව හෙවත් බිනර කළුව ආකාහේ ඇදෙන්නට ගන්න්වා.ඒ වැහි කළුව අනුවයි මාස් වැස්ස වහින්න ගන්නේ.මේ කාලයේ කපුටන් පැටවු දමනවා.
බොහෝ විට කපුටුපැටවු සංඛ්‍යාව අනුව වහින මාස් වැස්සේ තරම කොයි තරම්ද කියලා අපේ මුතුන්මිත්තන් අනාවැකි කියනවා.
ඒ හැටියට බිනර කළුව වැදිලා තියන සමයේ කපුටු කූඩුවේ එක් පැටියෙක් හිටියොත්,එවිට වැහි හිග බවයි පිළිගැනීම.

කපුටු පැටවු දෙන්නෙක් නම් වැහි තරමක් සරැ බවද,කපුටු පැටවු තුන් දෙනෙක් නම් වැහි ඉතා සරු බවත් ඒ අනුව වැව උතුරා වාං දමන බවත් පිලිගන්නවා.
මේ අයුරින් කපුටු පැටවු අනුව වර්ෂාව තීන්දු කිරීමට හේතු වී තිබෙන්නේ කපුටා නිතර බඩගින්නේ පෙලලෙන සතෙක් නිසා.එක් අයෙකුට වඩා දෙන්නෙක් හෝ තිදෙනෙක් වනවිට කෑම බහුල විය යුතුයි.ඒ අනුව වර්ෂාව බහුලව ලැබේ නම් සශ්‍ය සම්පත් සරු වීම අරැමයක් නොවේ. කපුටා ද අපේ මුතුන් මිත්තන්ගේ පරිසරයේ සජීවී සතෙක්.උන්ගේ හැසිරීම අනුව යම් පාරිසරික මත පල කිරීමක් අපේ මුතුන් මිත්තන් සිදු කර තිබෙනවා.ඔන්න ඔහොමයි වැඩේ!

ලක්බිම ඇසුරිනි!

June 11, 2010

කඩ්ඩ පොලිෂ්ද?

බ්ලොග් ලිවුවත් ගොඩයා ගොඩයාමයි.අපේ ගම් පලාතේ කඩු වචනයක් ඇහෙන්න‍නේ කලාතුරකින්!එක්කෝ ගම බලන්න ආපු සුද්දෙක් එහෙම නැතනම් රූපවාහිනියේ සින්දු වැඩ සටහනක අක්කා කෙනෙක් කිවුවොත්.රූපවාහිනියේ සින්දු වැඩ සටහන්වල අක්කලා බටහිර කරණය වෙන්න ගිහින් කියවන කඩ්ඩනම් අන්තිමයි.මම අන්නර්ජාලේ කරක් ගහන වෙලාවට හම්බවෙන කඩු වචන වල තේරුම බලා ගන්නේ මධුර Online Dictionary හෝ EnSi Tip(ගිනි නරියාගේ add-ons එකක්)ඒත් ඒවා උච්චාරනය කරන විදිහක් හොයනවිට තමා මේක හම්බු උනේ!නිකම් හින්දි චිත්‍රපටියක නමක් වගේ.පාවිච්චි කරලම බලන්න.www.howjsay.com

June 2, 2010

ආයුබෝවන්!

‍පාසැල් කාලයේ පරිගනක විෂයට තිබු කැමැත්ත ක්‍රමයෙන් උණක් බවට පත් විම හේතුවෙනුත් ගෙදර මිනිසුන්ට මාගේ කුනු කුනුව ඉවසා ගැනීමට නොහැකි වීමත් නිසා මගේම කියා පරිගනකයක් අතගාන විට මා O/L කර යන්තම් ගෙට උනා විතරය.මේ කාලයේදි මා පාසලෙන් ලබා තිබු දැනුමට හා අත්හදා බැලීමෙන් ලබා තිබු දැනුමට පින් සිදු වන්නට මා තරමක පොරක් බව මාගේ පන්ඩිත හිතේ කොනක තිබුනත් මා උසස් අධ්‍යාපනයට පිවිසි පසු හමුවු සමහරුන්ගේ දැනුමට මාහට අලගු තබන්නටවත් බැරි බව තේරුම් යාමෙන් මට ඥාණය පහල විය.ඉතින් මානවයා සතු දැනුම සොයා යාමේ හැකියාව මා හටද අඩුවක් නොමැතිව පිහිටි බැවින් මා අන්තර්ඡාලය නම් වු මහා සාගරය මාගේ පරිගනක කන් හැන්දෙන් ගොඩ දමන විට අපූරු දේවල් මට ‍හමුවිය.මිනිස් අත්දැකීම් හා පෙරා ගත් දැනුම කැටි කොට ලියවුනු blog අපූරුම සංකල්පයකි.ඒ අතරින් සිංහල blog මාගේ සිත් ගත්තේ සිංහලෙන් සිතා ඉංග්‍රිසියෙන් ලියනවාට වඩා සිංහලෙන් සිතා සිංහලෙන් ලිවීම ඉතා පහසු බැවිනි.කියවන්නාගේ පැත්තෙන් බලන කල සිංහලෙන් කියවා සිංහලෙන් ග්‍රහනය කරගැනීමද පහසු නිසා විය යුතුය.බ්ලොග් සටහනක් ලිවීමට හිතේ උපන් කැමැත්ත මට වද දෙද්දී යෙදුන වෙනත් කටයුතු නිසා වැඩේ ගොඩදා ගැනීමට නොහැකි විනි.නමුත් ටික ටික හෝ කරගෙන යාමට වැඩ ඇල්ලුවත් සිංහල බ්ලොග්ම කොපමන ඇතිදැයි තේරුනේ බ්ලොග් සටහනට නමක් සොයන විටය.මට යෙදෙන සියළු කටයුතු පසෙක ලා බ්ලොග් ලිවීමට මා අදහස් නොකරන නමුත් කොහෙන් හෝ විවේකයක් සොයාගෙන මෙය කරගෙන යාම මාගෙ බලාපොරොත්තුවයි.