....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....
Showing posts with label Tips. Show all posts
Showing posts with label Tips. Show all posts

August 13, 2011

Google Squared හා Image Swirl වසා දැමීමට පෙර ගිහින් බලන්න.






මෙම සේවා ළඟදීම වසා දමන්නට යන බවයි  ආරංචිය ඒ පැත්තේ ගිහින් අවොත් පොඩ්ඩක් ඒ අත්දැකීම විඳගන්න පුළුවන් වෙයි.Google Swiril නම් අපූරු එකකි.2011 සැප්තැම්බර් 5 පින්තූර උඩ කොටන්න.ඒවාට  අදාල සබැදුම් යොදා ඇත.මෙම සේවා වසා දමන බවයි ආරංචිය.


Share

July 31, 2011

මමනම් මේක දැක්කේ අද,Blogger Favicons!

සැහෙන දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ පොඩි වෙනස්කම් කීපයක් කරන්න හිතාගෙන.Design tab එකට කෙටුවේ පරණ පුරුද්දට. ඒත් නුපුරුදු කොටසක් දැක්කා.මේක ගොඩක් දෙනෙකුට උවමනා වෙන ටූල් එකක් නිසා නිකම් පොස්ට් එකක් දන්නා හිතුනා. 

Favicon කියලා කියන්නේ අපිට හොඳින් දැකල පුරුදු දෙයක්. අපේ වෙබ් පිටුවට හෝ බ්ලොග් එකටම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න පුළුවන් තරමේ හැගීමක් දෙන්න පුළුවන් Icon එකක් තමා  Favicon කියලා කියන්නේ. මේ රූප බලපුවම අපිට එක හොඳින් පැහැදිලි වෙනවා. 
තවත් එක දෙයක් තියනවා.ඔබට Favicon සදා ගත හැකි ක්‍රම ගොඩක් තියනවා.නිකමට ගූගල් සර්ච් එකක් දාලා බලන්න.මන් පාවිච්චි කරපු එකක් තියනවා. www.favicon.ccඅවශ්‍ය අයට තමන්ගේ gif,jpg වගේ format එකක  තියෙන  Image එකක් උනත් Convert කරගැනීමේ පහසුව තියනවා.


Share

January 13, 2011

Google Chrome වොයිස් සර්ච්!











Chrome සඳහා වන Voice Search  නැමැති Chrome extension භාවිතා කිරීමෙන් ඔබට දැන් ඔබේ කටහඬ අනුසාරයෙන් සෙවුමක් දැමීමට හැකිය.මෙම සේවාව දැනට කඩුවට පමනක්  වන අතර දියුනු වෙමින් පවත්නා ගතියක් පෙනෙන්නට තිබේ.හරිහමන් මයික් එකක් නොමැති කමින් මා හට මෙය අත්හදා බැලීමට නොහැකි උනා.කොකටත් ඔයාලත් ඒ පැත්තේ ගිහින් එන්න.මෙය සමග දැනටමත් Google, Wikipedia, YouTube, Bing, Yahoo, DuckDuckGo හා Wolfram|Alpha  ආදිය සමග ගලපා ඇති අතර ඔබට වෙනත් සෙවුම් යන්ත්‍රයක් සමගද මෙය ගැට ගසා ගක හැකි බව නිර්මාන කරුවන් පවසයි.පාවිච්චි කරලා ගුන දොස් අපිටත් කීවොත් හොදා! 
Share

June 21, 2010

Windows Hosts file මගින් ‍වෙබ් සයිට් බ්ලොක් කරමු.

මොකද්ද මේ Hosts file එක?
HOSTS file එක කියන්නේ මුලිකවම වෙබ් ලිපින වලින් යුතු කුඩා ලැයිස්තුවක්.අප විසින් බ්‍රවුසරයට ලිපිනයක් ලබා දුන් විට එම වෙබ් අඩවිය සදහා අදාල IP ලිපිනය සොයා ගැනීමට බ්‍රවුසරය මුලින්ම සිදු කරන්නේ අදාල පරිගනකයේ මෙම HOSTS file එක කියවා බැලීමය.එතුල අදාල IP එක නොමැතිනම් බ්‍රවුසරය සුපුරුදු DNS resolving process එක කරගෙන යනු ලැබේ.

තියෙන්නේ කොහේද?
Windows NT %Systemroot%\System32\Drivers\Etc
Windows 95 \
Windows for Workgroups \
Windows 3.1 \
MS-Client 3.0 \Net
Lan Manager 2.2c Client \Net

උදා:-Windows XP:
C:\WINDOWS\system32\drivers\etc\

Windows 2000:
C:\WINNT\system32\drivers\etc\

Windows 98/ME:
C:\WINDOWS\

මෙය නම් කර ඇත්තේ නිකම්ම hosts ලෙස වන අතර දිගුවක්(extension)නොමැත.එම නිසා මෙය විවෘත කිරීමේදී Notepad වලින් විවෘත කර ගන්න.
එතකොට මෙන්න මේ වගේ තියෙනවා,

# Copyright (c) 1993-1999 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host

127.0.0.1 localhost

මෙහි 127.0.0.1 යනු ඔබේ පරිගනකයේ IP ලිපිනයයි.නිකමට එය බ්‍රවුසරයේ Address bar එක තුල ටයිප්(සිංහලයට ඇති දුර්වලතා ගැන ලැජ්ජා වෙමි)කර බලන්න. ඔබට වෙබ් පිටුවක් දිස් නොවේ.

දැන් අපි බ්ලොක් කිරීමට අවැසි ලිපිනය පහත පරිදි ලබා දීම සිදු කරමු.

127.0.0.1 www.sex.com
127.0.0.1 www.wala.com

තච දුරටත් බැලුවොත් අපට මෙමගින් www.yahoo.com වෙත යාමට උත්සහා දරන්නෙක් www.google.com වෙත හෝ අපට අවැසි තැනකට දක්කා ගැනීමටද පුළුවනි.
ඒ මෙපරිද්දෙනි,

67.195.145.137 www.google.com

හෝ

67.195.145.137 www.yourdomain.com

ලෙස ලබා දී Hosts file එක පුරුදු පරිදි සුරැකුම්(Save) කර ගන්න.සුරැකීමේදී දිගුවක්(extension)නොමැතිව සුරැකීමට මතක තබා ගත යුතුය.

DOS හිදී IP ලිපින සෙවීම පහත විධානයෙන් නර ගත හැකිය.

tracert <අවශ්‍ය ලිපිනය>

උදා:-
tracert www.google.com

හෝ tracert.com වෙත පිවිසෙන්න.

June 11, 2010

කඩ්ඩ පොලිෂ්ද?

බ්ලොග් ලිවුවත් ගොඩයා ගොඩයාමයි.අපේ ගම් පලාතේ කඩු වචනයක් ඇහෙන්න‍නේ කලාතුරකින්!එක්කෝ ගම බලන්න ආපු සුද්දෙක් එහෙම නැතනම් රූපවාහිනියේ සින්දු වැඩ සටහනක අක්කා කෙනෙක් කිවුවොත්.රූපවාහිනියේ සින්දු වැඩ සටහන්වල අක්කලා බටහිර කරණය වෙන්න ගිහින් කියවන කඩ්ඩනම් අන්තිමයි.මම අන්නර්ජාලේ කරක් ගහන වෙලාවට හම්බවෙන කඩු වචන වල තේරුම බලා ගන්නේ මධුර Online Dictionary හෝ EnSi Tip(ගිනි නරියාගේ add-ons එකක්)ඒත් ඒවා උච්චාරනය කරන විදිහක් හොයනවිට තමා මේක හම්බු උනේ!නිකම් හින්දි චිත්‍රපටියක නමක් වගේ.පාවිච්චි කරලම බලන්න.www.howjsay.com