....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....
Showing posts with label උපුටා ගැනීම්. Show all posts
Showing posts with label උපුටා ගැනීම්. Show all posts

August 12, 2011

කුඩලිගම කවියා ගැන දන්නවාද?

මීමන ප්‍රේමතිලක,අල්විස් පෙරේරා,උපනන්ද බටුගෙදර,මාකඳුරේ ගුණවර්ධන,කෑගල්ලේ මල්ලව,හතාගොඩ අභයවර්ධන ගැන ඔබ අසා තිබෙනවාද?බොහෝ දෙනෙක් නොදන්නා මේ අය මෑත කාලයේ ලංකාවේ සිටි කවියෝය.කවි රස හුරු කිහිප දෙනෙක් මේ අය ගැන නොදන්නවා නොවේ. ඒ කතන්දර මොනවා උනත් මේ කවියන් දැන හඳුනා ගත හැකි හොඳම විදිහ වෙන්නේ ඔවුන්ගේ නිර්මාණ ඇසුරු කිරීමෙන්  බව මට හිතෙනවා.පොලවේ පය ගසා ජීවත් වූ මිනිසුන් බැවින් මේ අයගේ කවි අපේ හිත් වලට හොඳින් දැනෙන බව මගේ විශ්වාසයි.  

කළුතර කුඩලිගම දී 1918 දී උපන් හේවාවසම් මුනිදාස කුඩලිගම සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයෙකුගෙන් යුතු පවුලේ බාලයාය.පසුකාලයේ රටේ නමගිය කොළඹ කවියෙකු හා පුවත්පත් කලාවේදියෙකු  වූ කුඩලිගම කවියාගේ බාල කාලය ඉතා දුක්බර එකකි. මට හිතෙන හැටියට ඔහු ප්‍රතිභා පූර්ණ කවියෙකු වූයේ ජීවිතයේ දුක් දොම්නස් හමුවෙම විය යුතුය.අවුරුදු හතරක් වන විට පිය මිය ගිය බැවින් අම්මා මේ කුඩා පුතු ජීවත් කිරීමට කොහු ලනු  ඇඹරූ බව ඔහු පසු කලක කියා තිබිණි. 

1954 දී මුද්‍රණය කර ඇති "කුණාටුව" පොතේ ඔහු සිය දුක් බර ජීවිතය ගැන තතු විස්තර කර ඇත්තේ  රමණීය කවියෙනි.
බාල විදීම කුඩලිගමගේ අම්මා ද  මිය ගියාය.එය ඔහුට මාරු පහරකි. කුඩලිගමගේ ජීවිතයම උනේ ඔහුගේ අම්මා ය.මේ ඒ ගැන ඔහු "කුණාටුවට" කියා තිබු අයුරුය.
 මින් පසු මෑණියනි උණුසුම් කඳුළු                                      පිස
හිරිමල් සිනාවෙන් එසවිය නොහැක                                  හිස
නොමියෙන නිසා ජීවත් වී හිඳිනු                                        මිස
ඔබ නැති ලොවේ මට නැහැ අන් තැනක                            රස 

නොකියමි සමන් ගිර යැයි තුඹසකට                                 කුඩා
මට කිසි කෙනෙකු සිටියේ නෑ මවට                                  වඩා
උහුලමි සිනා මුහුණින් කම්කටොලු                                    විඩා
ජීවිතයෙන් අඩක් වැළපෙයි තවම                                      අඬා

මේ ඔහු දරුවන් වෙත ලියු කවියකි,
ගිය යුතු තැනට ගිය පසු හිස හැරුණු                                 අතේ
යා හැක නිදහසේ අඩුවක් ඔබ‍ට                                      නැතේ
වෙසෙසින් එහෙත් තව කිව යුත්තකදු                             ඇතේ
ඔබ මේ රටට මිනිසෙකු විය යුතුය                                    පුතේ

ඔහු විවාහ වීමට කලින් වූ සිද්ධියකි  මේ,
ඒ මල්ලව කවියා විවාහ වූ අලුතය.අනෙක් මිතුරන් බොහෝ දෙනෙක්ද විවාහ වී සිටියෝය .මේ සිද්ධිය සිදු වූයේ හතාගොඩ කවියාගේ මංගල්ලයට ඔවුන්  සහභාගී වී සිටියදීය.
එදා මාකඳුරේ කවියා සභාව මැද මේ කවිය කීවේය,
මල්ලව උර බොයි මල් කකුලක            රේණු
හතාගොඩත්   හැඬවිය  මංගල                 සීනු
උඳුවප් දුරුත්තේ සීතල බෑ                       වානු
මොකටද කුඩලි මේ කාලෙට නැති          ගෑනු

එවකට තනිකඩයෙකු වූ කුඩලිගම කවිය වහ මෙසේ කීය,
තිබහට වතුර කළයක් ඇදගනු                මිසක
ඒ ලිඳ තඩලන්න කිසි විටකදී             නොහැක 
කිරි අවැසි නම් වීදුරුවක් හෝ              දෙකක 
රස බලනවා මිස කීම මේ එළ              දෙනක  

මටනම් කවි ලියන්න තබා රසවත්ව වචන දෙකක් ලිය ගැනීමට පුළුවන් කමක් නෑ. නමුත් කවි රස විඳීමට පුළුවන. ඔබත් කවි පොතක් අරගෙන උත්සහ කර බලන්න.මං මං කුඩලිගම කවිය ගැන කියව්වේ "අමර සමර" නම් වූ පොත් පෙලෙනි.කතෘ අමර හේවාමද්දුම මහතාය.අපූරු රසවත් පොත් පෙළක්.




Share

August 6, 2011

මලලසේකර සභාවක් රවට්ටයි!


පොඩ්ඩ පොඩ්ඩ  හෝ කඩ්ඩ පොලිෂ්  සිංහලයෙක් මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ගැන නොදන්නා බව කීම විහිළුවකි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ඒ තරම්ම අපේ ජීවිතයට සමීප වස්තුවකි.
හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි උවමනා නැති තරමටම අදත් අප අතර ප්‍රචලිත මෙතුමාගේ ජීවිත තොරතුරු සොයා ගැනීම මදක් අපහසු උනත් මා මෑතක මිලදී ගත පොතක මෙතුමාගේ ජීවන තොරතුරු බිඳක් තිබුනා.පොත ගැන පස්සේ වෙනම සටහනක් දාන්න හිතාගෙන ඉන්නේ.ඒ නිසා අපි කතාවට බහිමු.
මලලසේකර මහතා ඉංග්‍රීසි සිංහල පාලි ඇතුළු භාෂා කීපයක් චතුරව හැසිරවීමට දන්නා උගතෙකි.අපේ කාලයේ වචනයෙන් නම් පොරකි.කතන්දරේ කොහොම උනත් මෙතුමා චීන බස නම් දැන සිටියේ නැති බව බොහෝ දෙනෙක් දන්නේ මේ කියන සිද්දියෙන් පසුව බව මටනම් හිතෙන්නේ.මේ සිද්දිය උන කාලයේ මලලසේකර මහතා රටේ වැදගත් තැනක සිටින කාලයයි.වරක්  චීන අගමැති චෞ එන් ලායි මහතා ලංකාවට පැමිණියේය.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී චීන බසින් දීර්ග කතාවක් චීන අගමැති තුමා විසින් පවත්වන්නට යෙදුනි.මේ අවස්ථාවේ එතන හිටපු මලලසේකර මහතා පසෙකට කැඳවූ  බණ්ඩාරනායක අගමැතිතුමා එම කතාව සිංහලට පරිවර්තනය කර දෙන මෙන් දැනුම් දුන්නේලු.හදිසි ආරාධනාවෙන් අන්දුන් කුන්දුන් වූ මලලසේකර මහතා සියල්ල අතහැර දමා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්නට විය.දැන් චීන අගමැතිතුමා කතාව  කරගෙන යයි.එතන  සිටි  සියලු දෙනාටම මෙන්ම මලලසේකර මහතාටද "චාන් චූන්" මිස වෙන මඟුලක් තේරෙන්නේ නැත.නමුත් චීන අගමැතිගේ කතාවේ අලංකාරවත් හරබර  සිංහල පරිවර්තනයක් එතන සිටි සියල්ලන්ටම අස දැනගන්නට ලැබිනි.චීන අගමැති තුමාටද එතුමාගේ කතාව මිනිසුන් වෙත හොඳින් ගිය වග තේරුම් ගියේය.කතාව අවසානයේ අසුන වෙත ගිය චීන අගමැති තුමා තම කතාව හොඳින් සිංහලයට හැරවීම සම්බන්ධයෙන් අපේ වියතාට ප්‍රසංසා කරමින් ඔබ කීවේ මොනවද යනුවෙන් ඇසු විට මලලසේකර තම කී දේ ඉංග්‍රීසියෙන් ඔහුට පැවසීය."ඒ ටිකමයි මාත් කීවේ"යනුවෙන් කී ඔහු චීන උගත්තේ කොහෙන්දැයි විමසීය.මම  චීන දන්නේ නැතැයි  වියතා ඇත්තම කීය.නමුත් මම ලංකාව ගැන දන්නවා,චීනය ගැන දන්නවා චෞ එන් ලායි ගැන දන්නවා.මේ වගේ අවස්ථාවක ඒවා ගැන නොකිය වෙන මොනවා කියන්නද කියා පැවසුවේ සියල්ලන්ම සිනා ගස්සවමිනි.


Share

December 11, 2010

රේල් පාර අයිනේ..

මෙය වැල් වටාරම් වලින් විසිතුරු කර ලිවීමට තරම් සුන්ර කතාවක් නෙවෙයි.මේ සිදුවීම සිදු උනේ මම උසස් පෙළ හදාරන කාලයේ හෝ ඊටත් කලින්.සිද්ධිය මගේ හිතේ කැළඹීමක් ඇති කරන්නට සමත් උනා.
දිනක් මම Class ඇරිලා රේල් පාර දිගේ(ස්ථානය වැදගත් නෑ)Bus Halt එකට යනවිට තරුණ යුවලක් මා පසු කරගෙන ගියා.‍අනුන්ගේ කතා වලට ඇහුම් කන් දීම නුසුදුසු උනත් ඔවුන්ගේ ස්වරයේ අමුත්ත්ක් දනුනු නිසා මම මවුන්ට පිටුපසින් යන් ගමන් කතාව අහගෙන් හිටියා.
මේ පිරිමි ළමයා ගැහැනු ළමයා රැගෙන යමින් තිබුනේ ගබ්සා මධ්‍යස්ටානයක් වෙතයි. ගැහැනු ළමයා "අනේ මට බයයි!"කියමින් යන විට පිරිමි ළමයා "බය වෙන්න දෙයක් නෑ මම හොදට දන්න තැනක්"යනුවෙන් ගැහැනු ළමයා අස්වසමින් පැවසුවා.ඒ අවස්ථාවේ කල යුත් යමක් මට සිතා ගැනීමට නොහැකි උනත් වර්තමානයේ මා පෙම්වතිය සමග තනිවන විටක මා සීමාවෙන් මෙහා රැදවීමට තරම් උක්ත සිදුවීම මා වෙත බලපෑමක් කරා.
ලංකාව වැනි ලිංගික අධ්‍යාපනය අඩුවෙන් ලැබෙන රටක ‍තමන්ගේ පෙම්වතියගේ ඡීවිතය අනතුරේ දමන සිදුවීම් වලකා ගැනීමට උනන්දු වන්නන් සිටීනම් තරුණ ඡීවිත මීට වඩා ලස්සනට ගෙවෙන්න ඉඩ තිබුනා.
මේක ලියන්න හිතුනේ බූඩිගේ තීරුවේ | buddie's column පලවූ ලිපියක් කියවීමෙන් පසුවයි.අත්දැකීම් නැතත් මේ පිලිබදව ලංකාවේ ඡාතික පුවත්පතක පලවී තිබූ නිසාත් කාරනයේ ඇති වැදගත්කම නිසාත් එම ලිපිය උපුටා ගන්න හිතුවා.

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු

මේ ලිපියෙන් කියන්න යන්නේ වැදගත් දෙයක් ගැන, ඒක නිසා මාතෘකාව දැකලා බය වෙන්න එපා කවදා හරි ඔයාලට මේක වැදගත් වෙන්න පුලුවන්. ඒක නිසා දැනුවත් වෙලා ඉන්න එක හොදයි නේ. ඉතින් ඒක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනා. ලිංගික කරුනු කිහිපයක් ගැන තමා මෙම ලිපියේ අන්තර් ගත වෙන්නේ.

කවුරුත් දන්නවනේ අනාරක්ෂිත ලිංගික එක් වීමක් කියන්නේ මොකක්ද කියලා හරි දන්නැති අයටත් දන්නවා කියලා හිතන් ඉන්න අයටත් දැන ගන්න මම කියන්නම්.

මෙමගින් අදහස් කරන්නේ ස්වාභාවික ආකාරයට සිදුවන ලිංගික එක්වීමක්, මෙහිදී කිසිම පාලන ක්‍රමයක් භාවිතා වන්නේ නෑ. එවැනි ලිංගික එක් වීම් නිසා ගැබ් ගැනීමක් හට ගැනීමේ ඉහල අවධානයක් තිබෙනවා, තවද එමගින් ලිංගික සම්ප්‍රේෂනය වන රෝග බෝවීමේ ඉහල අවධානමක් තියෙනවා. එනිසා හැකිතාක් අනාරක්ෂිත ලිංගික එක් වීම් වලින් වැලකී සිටීමට උත්සහ කල යුතුයි. පාලන ක්‍රමයක් භාවිතා නොකරන සෑම විටම මේ පිලිබද සැලකිලිමත් වීම වැදගත්. මන්ද කෙතරම් ප්‍රවේශම් වීම සිදු කලත් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි. මේ සදාහා ඇති හොදම පිලියම වන්නේ කොන්ඩම භාවිතයයි.

කෙසේ වුවද අනාරක්ෂිත ලිංගික එක් වීමක් සිදු වූ පසු ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා බලමු. බොහෝ විශ්වාසයක් තැබිය හැකි ක්‍රමයක් වන්නේ ක්ෂනික ගැබ් ගැනීම් වැලක්වීමට භාවිතා කරන පෙති වර්ගයක් භාවිතා කිරීමයි. මෙහි ප්‍රතිපල ඉතාමත් ඉහලයි.

පික් 1

ඉතින් ලංකාවේ අපි කොහොමද මේ පෙති ලබා ගන්නේ. මෙම පෙති හදුන්වන්නේ Emergency Contraception Pills ලෙසයි. පාමසි මගින් ලබා ගත හැකි Postinor-2 මේ සදහා යොදා ගත හැකියි. මෙම පෙත්ත දොස්තර කෙනෙකුගේ බෙහෙත් තුන්ඩුවක් නොමැතිව වුවද ලබා ගත හැකියි. මෙම පෙත්ත ලංකාව තුල සුලබව සොයා ගත හැකියි.

මෙය භාවිතා කල යුත්තේ පහත දැක්වෙන අයුරින්. මෙහි පෙති දෙකක් පැකට්ටුව තුල වෙනවා. එකක් 750 micrograms බැගින් වූ පෙති දෙකක් වේ.

අනාරක්ෂිත එක් වීමෙන් අනතුරුව හැකි ඉක්මනින් පලමු පෙත්ත ලබාගන්න. පැය 72 ක් ඉක්මවීමට මත්තෙන් ගැනීමට වග බලාගන්න. හැකි ඉක්මනින් ලබා ගත්තරමට ප්‍රතිපල විශ්වාශ කල හැක. ඉන්පසු පලමු පෙත්ත ගෙන පැය 12 කට පසු දෙවන පෙත්ත ලබා ගත යුතුයි.

මෙලෙස හරියට වෙලාවට මෙය භාවිත කලහොත් ප්‍රථිපල ඉතාමත් හොද විය හැකියි. මෙලෙස භාවිතාකලහොත් ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ 1% කටත් අඩුයි.

මෙමගින් ඇති වන අතුරු ආබාධ ඉතාමත් අඩුයි. මේ පිලිබද දැන ගැනීමට අවශය කෙනෙක් ඉන්නව නම් කමේන්ට් එකක් දාන්න. මේ ලිපියට දමන කමේන්ට් අනුමැතියෙන් පසු පමණක් අන් අයට දැක ගැනීමට හැකිවේ. එනිසා යම් ප්‍රශ්නයක් ඇතිනම් කමේන්ට් එකක් ලෙස දමන්න.

ඔබ ජීවිතයේ කවදා හෝ ඔබට හෝ අන් අයෙකුට මෙය අවශයය විය හැකියි.

මෙම ලිපිය සම්පාදනය කිරීමට පෙර ශ්‍රී ලංකා පවුල් සංවිධානය අමතා මෙම කරුනු තවුරු කර ගනු ලැබුවා. 0112 588 488 මගින් ඔබට ඔවුන් හා සම්බන්ධ විය හැකියි. මෙම පෙති පෙට්ටියේ පවා භාවිතා කරන ආකාරය පැහැදිලිව සදහන් කර තිබෙනවා. කෙසේ වුවද මෙම ලිපිය මගින් මෙම පෙත්ත හදුන්වා දීම පමණක් සිදුකල අතර එය භාවිතයට පෙර පවුලේ දොස්ත්ර හමුවී හෝ අනෙකුත් දොස්තර කෙනෙකු මගින් හෝ උපදෙස් ගන්න ලෙසට මා තරයේ අවධාරනය කොයට සිටිනවා. මන්ද යම් යම් තත්ව යටතේ මෙම පෙත්ත ලබා නොගත යුතුයි. ඒ සියල්ලම දැන ගෙන මෙය භාවිතා කරන්න. එම උපදෙස් සෘජුව ලබා දීමට මට බලයක් නොමැති නිසා මේ විස්තර වලින් මම මෙම ලිපිය හමාර කරනවා.



Share


November 6, 2010

උපුටා ගැනීම:Anonymous' Column | නිර්නාමිකයාගේ තීරුව

ආදර කතා නුහුරු උනත් හිතට දනුන නිසා මෙක උපුටා ගත්තේ,නිර්නාමිකයාට ස්තූතිය පුදමි!


පුංචි එකා සන්දියේදි
මතකයි දවසක්
සිංහල ටීචර් කිව්වා පාඩමක් අතරදි
කොල්ලනේ ගෑණු ළමයි කියන්නේ
මල් වගේ

ඇට්ටරකමට
එදා අපි සර් ගෙන් ඇහුවේ
එතකොට සර්
කොල්ලෝ ගල් වගේද කියලා
වෙනදා නම්
ඔහොම කුප්ප කතාවක් කිව්වාම
සර් සලකන්නේ
ලූණු ඇඹුල් හොද පදමින්

ඒත් එදා
සර්ගේ නිහැඩියාව ඇයි කියලා
තේරෙනවා අද









September 29, 2010

Put the Glass Down...( උපුටා ගැනීමකි)

මහාචාර්යවරයෙකුයි ගෝලයොයි අතර සිද්ධ වෙච්ච කතාබහකින් ගොඩනැගිච්ච ආදර්ශ කතාවක් කළිනුත් මං ඔයාලට කිව්වනේ. මේකත් ඒ වගේ තවත් කතාවක්. උපුටා අරගෙන පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙන්.

එක දවසක් පන්ති කාමරයට ආපු මහාචාර්යවරයා වතුර වීදුරුවක් ඔසවලා ළමයින්ට පෙන්නුවා. "මේ වීදුරුව කොච්චර බර ඇතිද?"

"ග්‍රෑම් 100ක්... 200ක්..." ළමයින්ගෙන් එක එක උත්තර ලැබුණා.

"හරි කමක් නෑ, බර කෝක උනත් වෙනසක් නෑ. මම දැං වීදුරුව මෙහෙම විනාඩි දෙක තුනක් විතර අල්ලං හිටියොත් මොනවා වෙයිද?"

"මොනවත් වෙන්නෙ නෑ," සිසුන් එක හඬින් උත්තර දුන්නා.

"හොඳයි මම පැයක් විතර මෙහෙම අල්ලං හිටියොත්?"

"ඔබ තුමාගෙ අත රිදෙන්න ගනියි," එක් සිසුවෙකුගෙන් පිළිතුරක් ලැබුණා.

"එතකොට දවසක්ම මම මෙහෙම හිටියොත්?"

"අත පණ නැති වෙලා ගිහිං ඔබතුමාට ඉස්පිරිතාලෙ තමයි නවතින්න වෙන්නේ." කටකාර සිසුවෙකුගේ පිළිතුරෙන් පංතියේ සැවොම සිනාසුණා.

"බොහොම හොඳයි. හරි, දැං මට කියන්න, ඒ මුළු කාලය පුරාම මේ වීදුරුවේ බරේ වෙනසක් වෙනවද?"

"නෑ."

"එහෙනං මොකද්ද මගේ අත රිදෙන්න, පණ නැති වෙන්න හේතු වෙන්නේ?"

එවර පංතියෙන් පිළිතුරක් ලැබුණේ නෑ.

"ඒ අතේ රිදිල්ලෙන් මිදෙන්න මං මොනවද කරන්න ඕනේ?"

"වීදුරුව තියන්න ඕනේ," එක්කෙනෙක් පිළිතුරු දුන්නා.

"හරියට හරි," යැයි කියපු මහාචාර්යතුමා දිගටම කතා කළා. "ජීවිතේ ප්‍රශ්නත් මේ වගේ. ඒ ගැන විනාඩි දෙක තුනක් හිතන්න, ඒ ප්‍රශ්නවත් ඔයාගේ ඔළුවවත් කරදරයක් නැතුව තියෙයි. ඒ ගැන දිග වෙලාවක් හිතන්න, ඔන්න ඔයාට වේදනාව දැනෙන්න පටන් ගනියි. ප්‍රශ්න ගැන දිගින් දිගටම හිතුවොත් ඔයා අංශ බාග රෝගියෙක් වෙන්නත් බැරි නෑ. ඒ ගැන දිගින් දිගටම හිතන්න ගියොත් ඔයාට වෙන කිසිම දෙයක් කරගන්න පුළුවං කමක් ලැබෙන්නෙ නෑ. ඔබලාගේ ජීවිතේ අභියෝග, ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒත් ඒ එක්කම වැදගත් අනික් දේ තමයි, ඒ ප්‍රශ්න වලින් මිදෙන එක. වීදුරුව ආපහු තියන එක. හැම දවසක් අවසානයේම, නිදාගන්නට පෙර. ඒ විදියට කළොත් ඔබට හොඳ නින්දක් ලැබේවි, පහුවදාට ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවං වෙයි. ඕනෙම ප්‍රශ්නයකට, අභියෝගයකට හොඳින් මුහුණ දෙන්න පුළුවං වෙයි."

මේ ලිපියට මමත් කොටසක්, මගේ අදහසක්, එකතු කරන්න කැමතියි. අපිට වීදුරුවේ බරෙන් නිදහස් වෙන්න පුළුවං විධි දෙකක් තියෙනවා. එකක්, වීදුරුව කැඩෙන්නෙ බිඳෙන්නෙ නැති වෙන්න පරිස්සමෙන් තියන එක. අනිත් එක, වීදුරුව ගැන කිසි සැලකිල්ලක් නැතුව ඔහේ අත ඇරලා දාන එක. ඉතිං වීදුරුවේ බරෙන් මිදෙන කොට වඩාත් පරෙස්සම් සහගත විධිය තෝරගත්තොත් හොඳයි. නැත්තම් තුවාල වෙන්න පුළුවං, අලාභ හානි - පාඩු සිද්ධ වෙන්න පුළුවං. අනිවාර්යයෙන්ම කතාන්දරයේ කියැවුනු හැටියට වීදුරුවේ බරෙන් මිදෙන එක වැදගත්, ඒත් එක්කම ඒකෙන් මිදෙන ආකාරයත් වැදගත්.

උපුටා ගත්තේ

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත..