....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

February 3, 2011

"නිහඩ ලොව බිදින්න ජිවිතයක් එලිය කරන්න අපිත් ඉලංදාරියට එක් වෙමු."

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා.
ඔයාල හැමොම මෙන්න මෙතනින්  ගිහින් අපේ  ඉලංදරියා සහෝදරයාගේ වචනවලින් දැනගන්න ඔහුට මොකක්ද ඔන උදව්ව කියලා.. ඔහු වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා පුංචි දායකත්වයකින් හෝ, ඔහුගේ නිහඩ ලොව බිදින්න ලොකු  හයියක් වෙමු නේද ?





Share 
 

January 28, 2011

අන්දරේ...


ගති ගුණ අතින් කෙතරම් යහපත් උනත්,රජ වාසල හිවතෙක් උනත් අන්දරේ සතුව අයහපත් ගතිගුණයන්ද නොතිබුනා නොවෙයි.මින් රජවාසලෙන් පිටතට යන වාරයක් පාසා කුමක් හො යමක් හොරකම් කිරීම නවත්වන ලෙස රජතුමා හොඳින් මෙන්ම නරකින්ද අවවාද කල නමුත් අන්දරේ නොවෙයි ඒවා කනකටවත් මායිම් කරේ.අවසානයේ වාසලින් පිටට යන විට රජ වාසල මුර කරුවන් ලවා හොඳින් පරික්ෂා කරවන ලෙස රජතුමා අණ කරන ලදී.පසු දින පුරුදු පරිදි අන්දරේ වාසලෙන් නික්ම යද්දී ඔහුට මෙම පරික්ෂාකිරිල්ල  වදයක්ම විය.මෙයට දැනෙන තරමේ ගේමක්  නොදී සිටීම අන්දරේට මහත් මදි පුංචිකමක්දවිය.කෙසේ නමුත් පසුදා අන්දරේ වාසලින් පිටවෙද්දී මුර කරුගේ පුරුදු  ගෝරනාඩුව ඇසිනි.කිව යුතු දෙයක් ඇත වර්තමානයේ මෙන්ම එදාත් සික්කන් ඇතුලේ ඉන්නා ලොක්කාගේ උෂ්නය ඇගට ගෙන ජීවත් වන්නට පුරුදුව සිටියහ.මහ වාසල සික්කා
"මොනවාද අන්දරේ බූරුවා පිට තියන මල්ලේ තියෙන්නේ?"
ඇසූවිට අන්දරේ සාමකාමී ලෙස මල්ල විවර කොට පෙන්නුවේය.මල්ලේ වැලිය.රජුගේ අණ කිසිවක් ගෙන යාමට නොදෙන ලෙසය.මල්ල බිමට හලා යන ලෙස අන්දරේට උපදෙස් ලැබිණි.මල්ල හැලූ අන්දරේ බූරුවා පිට නැගි නිවසට පිටත් විය.පසුදාත් එසේමය රජුත් සඳළු තලයේ සිට බලා සිටී.එදත් වැලි මල්ල බිමට හැලූ අන්දරේ යන්න පිටත් විය.සති කීපයක් මෙය සිදු වන විට සියල්ලන්ටම මෙය සුපුරුදු සිද්දියක් විය.නමුත් අන්දරේ මොනවා නමුත් හොරකම් කරන ව සියල්ලෝ දැන සිටියහ.මින් භීතියට පත් වූයේ මුරකරුය.මෙයින් අන්දරේ බේරෙන බවත් තමාට හිස් ගැසුම් කන්නට වෙන බවත් ඔහුට සක්සුදක් සේ චැටහී තිබුනා.
පසු දිනක කෙසේ හෝ මුරකරුට රා වාඩියකදී අන්දරේ මුණ ගැසුනා.අන්දරේගේ පදම ඉක්මවන මානයේ අන්දරේට ලං වූ මුරකරු
“අන්දරේ තමුසෙයි මායි අඳුරන්නේ ගොඩක් කාලෙක ඉඳලා.මම දන්නවා තමුසෙ මහ වාසලෙන් මොනවා හරි උස්සනවා කියලා. තමුසෙගෙයි මගෙයි හිතවත්කම සලකලා මට කියනවකෝ ඒ මොනවද කියලා.මම කාටවත් කියන්නේ නෑ”
“බූරූවෝ”
මදක්සිනාසුනු අන්දරේ පැවසීය.

Share

January 23, 2011

ළමයගේ වයස.


මේක දුම්රිය පොළක උන සිද්දියක්
“කොළඹ සිට මෙම දුම්රිය ස්ථානය වෙත් පැමිනෙන දුම්රිය තව පැයක් පමණ ප්‍රමාද වන බව කරුණාවෙන් සළකන්න ”යැයි යකඩ කටෙන් කියවුනේ දෙවැනි වතාවටය.දුම්රිය නැවතුම්පලේ යකඩ යකා පැමිණීමට නියමිත මග දෙස නොඉවසිල්න් බලා සිටින මිනිසෙකි.මේ දෙස බලා සිටි දුම්රිය ස්ථානාධිපති ඔහු අස්වසන අටියෙන් ඔහුට මදක් ලං කර “මහත්තයා කවුරු එනකන්ද බලන් ඉන්නේ?”යැයි ඇසීය.”දුව කොළඹ ඉඳන් එනවා”යැයි නුරුස්සන ස්වභාවයෙන් මිනිසා පිළිතුරු දුන්විට ස්ථානාධිපතිගේ මීළඟ ගැටළුව ඔහු වෙත එල්ල විය.”දුවට වයස කීයද?”.
“කොළඹින් එද්දිනම් විස්සයි!”යැයි සැරෙන් පැවසු මිනිසා  යන්නට ගියා.

කෝච්චි ගැන කියද්දී මත්ක් උනේ.තියන තරමක් කෝච්චි ඔක්කොම බඩු කෝච්චි!
උඩරට මැණිකේ,රුහුණු කුමාරි,යාල්දේවි,රැජිණ... ඔන්න ඔහොමයි වැඩේ.පිරිමි නමක් තියන එක කෝච්චියක් නෑනේ!


Share

අයින්ස්ටයින්ගේ ඔරලෝසුව!


දිනක් අයින්ටයින් වෙත පැමිනි මිනිසෙක් අයින්ස්ටයින් වෙත ඔරලොසු තුනක් පෑවේය.එකක වෙලාව විනාඩි ගණනක් වැඩියෙන් ගමන් කරන්නකි.අනෙකේ වෙලාව විනාඩි ගණනක් අඩුවෙනි.අන්තිම එක අන්තිමය.එහි වෙලාව යන්නෙම නැත.මදක් කල්පනා කරන්න ඔබ තෝරා ගන්නේ කුමක්ද?කෙසේ නමුත් දෙවරක් නොසිතා එය රැගෙන පැමිණි පුද්ගලයාට උදවුවක් ලෙස මේ  මහා බුද්ධිමතා මිලදී ගත්තේ වේලාව නැවතී ඇති ඔරලොසුවයි!පසුව මේ ගැන ඔහුගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ මුල් ඔරලොසු දෙක කිසි විටකත් නිවැරදි වේලාවක් නොපෙන්වන බවයි.නමුත් වේලාව නැවතී ඇති ඔරලොසුව අඩුම තරමේ දවසට දෙපාරක් නිවැරදි වේලාව පෙන්වන බවයි.
දැන් ඔබේ වාරයයි. ඔබ තෝරා ගන්නේ කුමක්ද?


Share