
බිනර මහ උදා වීමත් සමගම මාස් කළුව හෙවත් බිනර කළුව ආකාහේ ඇදෙන්නට ගන්න්වා.ඒ වැහි කළුව අනුවයි මාස් වැස්ස වහින්න ගන්නේ.මේ කාලයේ කපුටන් පැටවු දමනවා.
බොහෝ විට කපුටුපැටවු සංඛ්‍යාව අනුව වහින මාස් වැස්සේ තරම කොයි තරම්ද කියලා අපේ මුතුන්මිත්තන් අනාවැකි කියනවා.
ඒ හැටියට බිනර කළුව වැදිලා තියන සමයේ කපුටු කූඩුවේ එක් පැටියෙක් හිටියොත්,එවිට වැහි හිග බවයි පිළිගැනීම.
කපුටු පැටවු දෙන්නෙක් නම් වැහි තරමක් සරැ බවද,කපුටු පැටවු තුන් දෙනෙක් නම් වැහි ඉතා සරු බවත් ඒ අනුව වැව උතුරා වාං දමන බවත් පිලිගන්නවා.
මේ අයුරින් කපුටු පැටවු අනුව වර්ෂාව තීන්දු කිරීමට හේතු වී තිබෙන්නේ කපුටා නිතර බඩගින්නේ පෙලලෙන සතෙක් නිසා.එක් අයෙකුට වඩා දෙන්නෙක් හෝ තිදෙනෙක් වනවිට කෑම බහුල විය යුතුයි.ඒ අනුව වර්ෂාව බහුලව ලැබේ නම් සශ්‍ය සම්පත් සරු වීම අරැමයක් නොවේ. කපුටා ද අපේ මුතුන් මිත්තන්ගේ පරිසරයේ සජීවී සතෙක්.උන්ගේ හැසිරීම අනුව යම් පාරිසරික මත පල කිරීමක් අපේ මුතුන් මිත්තන් සිදු කර තිබෙනවා.ඔන්න ඔහොමයි වැඩේ!
ලක්බිම ඇසුරිනි!
මිනිස්සුන්ට වඩා සත්තුන්ටත් යම් යම් දේවල් ගැන තේරෙනවා. සුනාමි ආපු වෙලේ සත්තුන්ට අවම හානියක් වීමත් උදාහරණයක් විදිහට ගන්න පුලුවන් :)
ReplyDeleteSathutudayaka වර්ෂාපතනය kochchara kaalayak adhenawada
Delete