බ්ලොග් ලියන්න වෙලාව නැති එක නිසාම වැඩේට බහින එක ටික ටික අඩු උනා.නමුත් ගේම අත්හරින අදහසක් තිබුනේ නෑ.මොනවා උනත් කෙල උනාම පිදුරු ගහේ හරි එල්ලෙන එක පුරුද්දක්නේ.මටත් කියල මේ වගේ එකකට උදව් ඉල්ලන්න මේං කියල ගොඩ දෙනෙක් නෑ.මැරෙන්න හරි එන එකෙක් ඉන්නවා.ඒත් එකා මේවා දන්නේ නෑ.මුලින්ම අල ගිය මුල ගිය තැන් කියල ඉන්නම්.එක්කෝ ඕන නෑ ඒවා පස්සේ.ඉස්සර වෙලාම අවුල කියන්නම්කො.මෙහෙමයි,මේ දවස් වල ජංගම දුරකථන සම්බන්දයෙන් නැගලම යන්නේ Android දුරකතනනේ!ඉතින් මමත් හිත හිත හිටියේ ඕකක් ගන්නම් කියලා.HTC,Samsung වගේ එකකින් එකක් ගන්න තම හිතුවේ.මම ඕක මල්ලිට කිවුවම පොර මට කියපි මෙහෙම භාණ්ඩයක් තියනවා ගන්න ගැනත් ටිකක් අඩුයි කියලා!ඒ මදිවට පොර link කීපෙකුත් දුන්නා.ඒ මදිවට උඹේ බටේ විඩියෝ කීපෙකුත් බැලුවා.කොහොම හරි අයිටම් එක මගේ හිතටත් ඇල්ලුවා.ඇයි අප්පා මේකේ මට ඕන ඔක්කොම ඒවා තියනවනේ!ඒ මදිවට මිලත් මගේ ගානට!
මේ තියෙන්නේ ඒ දුරකතනයේ ඔක්කොම විස්තර ටික,
එදාම රෑ මගේ යාලුවෙකුත් (අර මැරෙන්න උනත් එන එකා)අපේ ගෙදර අවා.පොරත් භාණ්ඩේට අම්බානක සැටිස්.අපි කොහොමත් එහෙමනේ හුරුබුහුටි එවුවා දැක්කම පැනලානේ!මන් අතේ සල්ලි තිබුනෙත් නෑ.මේකා කියපි යමන් මං මගේ Credit Card එකෙන් ගෙවන්නම්,හිතුන වෙලාවේ ගන්න ඕන නැතිනම් ඕක කවදාවත් වෙන්නේ නෑ කියලා.අල ගිය තැන් කියන නෑ කිවුවට එකනේ කොරලා තියෙන්නේ!!!!
ඔන්න මමයි මගේ බෝක්කයි ගිහින් Sony Ericsson Xperia mini දුරකතනයක් ගත්තා.මහනුවර අබාන්ස් එකෙන්.අරන් පුරුදු පරිදි GPRS/3G Settings එහෙම දාල වැඩ කරගෙන ගියා.මං මීට කලින් Huawei Tab එකක් පොඩ්ඩක් අතගාල තිබුනට මේ තරම් ගතියක් තිබුනේ නෑ.මේක ඇත්තටම මගේ හිතට ඇල්ලුවා.Android කියන්නේ විඳගන්න ඕනම අත්දැකීමක්.ඔන්න දැන් තමයි ලෙඩ දෙන්න පටන් ගන්නේ.
මේකේ පහත දැක්වෙන ලෙඩ මතු උනා,
- බැටරි ආයු කාලය ගොඩක් අඩුයි.පැය හතක කාලයක් තමා වැඩ කරන්නේ.Display එකේ ආලෝක තත්වය අඩු කරාම පොඩ්ඩක් වැඩේ ගොඩ!ඇමතුම් ගන්න එකත් ටිකක් අඩු කරලා බැලුවා.එකෙන් වැඩි බලපෑමක් නෑ!
- මෙනු ඒක පාවිච්චි කරද්දී හිටපු ගමන් Back වෙන්න පටන් ගත්තා. ඒක නැවතුනෙම නෑ.ඕෆ් කරන්න බොත්තම එබුවම එන මෙනු එකත් Back වෙනවා, මල මඟුලයි මේක ඕෆ් කරගන්නත් බෑ!!අන්තිමේට ඕෆ් කරේ බැටරිය ගලවලා!
- මේකේ තියනවා Sony Mobile BRAVIA Engine කියලා feature එකක්.එකෙන් Video හා Picture Quality ඒක වැඩි දියුණු කරනවා. ඒක On කරගෙන Video එකක් වැඩි වෙලා බලන්න බෑ. Back වෙලා ඉවත් වෙනවා. BRAVIA ඒක නැතුව ටිකක් වෙලා පුළුවන් නමුත් වැඩි වෙලා නෙවෙයි.අයෙත් ඉස්සල්ලා වගේම ලෙඩ.
- පැයක් විතර Phone එක මොකුත් නොකර ඔන් කරලා තිබුනත් ඇමතුමක්වත් ගන්න බැරි තරමටම back වෙන ලෙඩේ උග්ර වෙලා. call එක cut වෙනවා.
- Display එක ගැහෙන ගතියක් තියනවා.ඒ කියන්නේ එලිය අඩු වැඩි වීමක් වගේ!
- online video stream කරලා Youtube video එකක් බැලුවමත් අර අවුල එනවා.එක්කෝ වෙනවා.නැතිනම් Vedio එක මැදට Vedio මෙනු එක එනවා.
මෙහෙම ලෙඩ දීපුවාම පැය තුනක් විතර ඕෆ් කරලා තියල ඔන් කරාම බඩු වැඩ!නමුත් වැඩි වෙලා බෑ!
මං හිතාගෙන ඉන්නේ අබාන්ස් එකට ගිහින් කතා කරන්න. වෙන විකල්ප මොකුත් තියනවද?මේ ෆෝන් එකෙන් දැන් වැඩ කරන්නම බෑ!