....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

January 9, 2012

මට ලොකුවටම කෙල උනානේ,උදව් ඕනේ!! Sony Ericsson-XPERIA !!

බ්ලොග් ලියන්න වෙලාව නැති එක නිසාම වැඩේට බහින එක ටික ටික අඩු උනා.නමුත් ගේම අත්හරින අදහසක් තිබුනේ නෑ.මොනවා උනත් කෙල උනාම පිදුරු ගහේ හරි එල්ලෙන එක පුරුද්දක්නේ.මටත් කියල මේ වගේ එකකට උදව් ඉල්ලන්න මේං කියල ගොඩ දෙනෙක් නෑ.මැරෙන්න හරි එන එකෙක් ඉන්නවා.ඒත් එකා මේවා දන්නේ නෑ.මුලින්ම අල ගිය මුල ගිය තැන් කියල ඉන්නම්.එක්කෝ ඕන නෑ ඒවා පස්සේ.ඉස්සර වෙලාම අවුල කියන්නම්කො.මෙහෙමයි,මේ දවස් වල ජංගම දුරකථන සම්බන්දයෙන් නැගලම යන්නේ Android දුරකතනනේ!ඉතින් මමත් හිත හිත හිටියේ ඕකක් ගන්නම් කියලා.HTC,Samsung වගේ එකකින් එකක් ගන්න තම හිතුවේ.මම ඕක මල්ලිට කිවුවම පොර මට කියපි මෙහෙම භාණ්ඩයක් තියනවා ගන්න ගැනත් ටිකක් අඩුයි කියලා!ඒ මදිවට පොර link කීපෙකුත් දුන්නා.ඒ මදිවට උඹේ බටේ විඩියෝ කීපෙකුත් බැලුවා.කොහොම හරි අයිටම් එක මගේ හිතටත් ඇල්ලුවා.ඇයි අප්පා මේකේ මට ඕන ඔක්කොම ඒවා තියනවනේ!ඒ මදිවට මිලත් මගේ ගානට!
මේ තියෙන්නේ ඒ දුරකතනයේ ඔක්කොම විස්තර ටික,
එදාම රෑ මගේ යාලුවෙකුත් (අර මැරෙන්න උනත් එන එකා)අපේ ගෙදර අවා.පොරත් භාණ්ඩේට අම්බානක සැටිස්.අපි කොහොමත් එහෙමනේ හුරුබුහුටි එවුවා දැක්කම පැනලානේ!මන් අතේ සල්ලි තිබුනෙත් නෑ.මේකා කියපි යමන් මං මගේ Credit Card එකෙන් ගෙවන්නම්,හිතුන වෙලාවේ ගන්න ඕන නැතිනම් ඕක කවදාවත් වෙන්නේ නෑ කියලා.අල ගිය තැන් කියන නෑ කිවුවට එකනේ කොරලා තියෙන්නේ!!!!
ඔන්න මමයි මගේ බෝක්කයි ගිහින් Sony Ericsson Xperia mini දුරකතනයක් ගත්තා.මහනුවර අබාන්ස් එකෙන්.අරන් පුරුදු පරිදි GPRS/3G Settings එහෙම දාල වැඩ කරගෙන ගියා.මං මීට කලින් Huawei Tab එකක් පොඩ්ඩක් අතගාල තිබුනට මේ තරම් ගතියක් තිබුනේ නෑ.මේක ඇත්තටම මගේ හිතට ඇල්ලුවා.Android කියන්නේ විඳගන්න ඕනම අත්දැකීමක්.ඔන්න දැන් තමයි ලෙඩ දෙන්න පටන් ගන්නේ.
මේකේ පහත දැක්වෙන ලෙඩ මතු උනා,

  • බැටරි ආයු කාලය ගොඩක් අඩුයි.පැය හතක කාලයක් තමා වැඩ කරන්නේ.Display  එකේ ආලෝක තත්වය අඩු කරාම පොඩ්ඩක් වැඩේ ගොඩ!ඇමතුම් ගන්න එකත් ටිකක් අඩු කරලා බැලුවා.එකෙන් වැඩි බලපෑමක් නෑ!
  • මෙනු ඒක පාවිච්චි කරද්දී හිටපු ගමන් Back  වෙන්න පටන් ගත්තා. ඒක නැවතුනෙම නෑ.ඕෆ් කරන්න බොත්තම එබුවම එන මෙනු එකත් Back වෙනවා, මල මඟුලයි මේක ඕෆ් කරගන්නත් බෑ!!අන්තිමේට ඕෆ් කරේ බැටරිය ගලවලා!
  • මේකේ තියනවා  Sony Mobile BRAVIA Engine  කියලා feature එකක්.එකෙන් Video  හා Picture Quality  ඒක වැඩි දියුණු කරනවා. ඒක On කරගෙන Video  එකක් වැඩි වෙලා බලන්න බෑ. Back  වෙලා ඉවත් වෙනවා. BRAVIA  ඒක නැතුව ටිකක් වෙලා පුළුවන් නමුත් වැඩි වෙලා නෙවෙයි.අයෙත් ඉස්සල්ලා වගේම ලෙඩ.
  • පැයක් විතර  Phone  එක  මොකුත් නොකර ඔන් කරලා තිබුනත් ඇමතුමක්වත් ගන්න බැරි තරමටම back වෙන ලෙඩේ උග්‍ර වෙලා. call  එක cut  වෙනවා.
  • Display එක ගැහෙන ගතියක් තියනවා.ඒ කියන්නේ එලිය අඩු වැඩි වීමක් වගේ!
  • online video stream  කරලා Youtube video  එකක් බැලුවමත් අර අවුල එනවා.එක්කෝ වෙනවා.නැතිනම්  Vedio  එක මැදට  Vedio මෙනු එක එනවා.

මෙහෙම ලෙඩ දීපුවාම පැය තුනක් විතර ඕෆ් කරලා තියල ඔන් කරාම බඩු වැඩ!නමුත් වැඩි වෙලා බෑ!

මං හිතාගෙන ඉන්නේ අබාන්ස් එකට ගිහින් කතා කරන්න. වෙන විකල්ප මොකුත් තියනවද?මේ ෆෝන් එකෙන් දැන් වැඩ කරන්නම බෑ! 


11 comments:

  1. මට නම් හිතෙන්නේ පෝන් එකේ හාඩ්වෙයාර් ප්‍රොබ්ලම් එකක්.

    හැබැයි බැටරි ජීවිතේ නම් ඇන්ඩ්‍රොයිඩ් වල අන්තිම අඩුයි.. ඒකට කරන්න තියෙන්නේ 3ජී ඉවත් කොරල පාවිච්චි කොරන එක තමා.. ඒත් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් අරන් 3ජී නැතුව වැඩ කොරනව කියන්නේත් මහ මෝඩ වැඩක්.... හැබැයි අර සෙටිමක් තියනව බැක්ග්‍රවුන්ඩ් ඩේටා ඕෆ් කරන්න, එක කලොත් තවත් ටිකක් බැටරි ඉතුරුයි...

    පහලින් තියනව ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් ගැන කතාවෙන ලොකුම මූනුපොතේ පිටුව...
    http://www.facebook.com/groups/145752995473276/

    ReplyDelete
  2. update ekak ganna ethakota hariyawee

    ReplyDelete
  3. ඔව් ඔය ඔක්කොම Android කියා කියා පස්සෙන් ගියාට, එක එච්චරම හොඳ නෑ, අපේ යට ඉතින් Android , Ubuntu , වචන ඇහුවම මතක් වෙන්නේ ඉතින් පොර කමනේ, ඒ උනාට ඔක්කොම Android ෆොනේ වල battery life එක පට්ට චා, බලන්නකෝ එපා වෙනවා දවසට දෙපාර තුන්පර charge කරන්න ගියාම,

    ReplyDelete
  4. ඕක ඔය ෆෝන් එකේ හැටියක්. බැටරි එක දෙතුන් පාරක් චාජ් කළාට පස්සේ ආයුකාලය වැඩි වෙනවා...

    ReplyDelete
  5. 4n eka kohe hari watunada? software awl welada danna?

    ReplyDelete
  6. අප්පේ........... ලෙඩ ගොඩක්නෙ අරගෙන තියෙන්නෙ. මමත් ANDROID එකකට ආසාවෙන් ඉන්දලා, සල්ලි ටිකක් හොයගෙන, එකක් හොයද්දි ඔක දැකලා අසා හිතිලා internet එකේ බලලා, youtube බලලා ගියා ගන්න MC එකේ දන්න කියන කෙනෙක්ගෙ තැනකට. මිනිහ කිව්ව ගන්න නම් එපා, phone එකේ hardware problems එනවා කියලා. ඔය back වෙන ලෙඩේ සහ දරුනුම ගැටලුව වන phone එක automatically vibrate වෙන ප්‍රශ්නෙ නිසා විකුනපු ගොඩක් phones, customersලා ආයේ අරන් ආවලු.

    මිනිහා කිව්වා ගාන ටිකක් වැඩි උනත් xperia mini pro හරි, xperia live with walkman එකක් හරි ගාන ටිකක් අඩු x8 හරි, w8 එකක් ගන්න කියලා. තව දන්න කියන තැන් වලින් හොයලා බැලුවම කතාව ඇත්ත. සමහර shops ඔය phone එක විකුනන එක නවත්වල දිගටම faults complains එන නිසා. නිතරම A/C එකේ use කරනව නම් ඒ තරම් අව්ලක් නැතිලු. අපිට කොහෙඩ ඉතින් full time A/C නේද....
    GSM Areana එකේ user reviews බැලුවම වැඩේ තවත් හොඳට තේරෙනවා. රස්නෙ වැඩි රටවල තමයි ලෙඩේ එන්නෙ. Hardware අව්ලක්..... නිකමට Google Search කරල බලන්න Xperia mini problems කියලා. Treads, Forums හම්බවේවි ඇති තරම්..... ඔක්කොම Hardware problems.

    X8 එක පරනයි නේ... W Serias එකට මම කැමති නෑ. ඉතින් බොහොම අමාරුවෙන් තව Rs.2000 විතර හොයා ගෙන Rs.27250 කට xperia mini pro එකක්ම ගත්තා. දැන් මාසයක් විතර වෙනවා. කිසි අව්ලක් නෑ....

    ReplyDelete
  7. උඹට වොරන්ටි කියල දෙයක් දුන්නේ නැද්ද සිරාටම?

    ReplyDelete
  8. මොකෝ කරගත්තේ ෆොන් එකට.ඕක එච්චර බය වෙන්න දෙයක් නෙවේ. මාව contact කරපන් මම දෙන්නම් විසඳුම අද තමයි මේ පොස්ට් එක දැක්කේ. itnishantha@gmail .com

    ReplyDelete
  9. ගොඩ කාලෙකින් ලොග් වෙන්න බැරි උන නිසා කොමෙන්ට් දැක්කේ නෑ.මට එක වෙනුවට වෙන මොඩ්ල් එකක් දුන්නා,ඔක්කොටම ස්තුති!

    ReplyDelete