....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

February 2, 2013

මේකත් බේබදු කතාවක්!



මේ දවස් වල බ්ලොග් වල හෝ ගාලා වැල කතා සහ ටැබූ නැගල යනවා.බ්ලොග් ඩොමේන් එකම මද කිපිලා වගේ.මදක්  නෙවෙයි උපරිම!එකත් එක විදිහකට ෆන්.මන් බ්ලොග් එකක් පටන් ගත්තෙත් ෆන් එකටම තමා.මේක බෙබදෙකුට සිදු උන දෙයක්!
මෙහෙමයි කතාව ඔය කියන යාළුවා මේ ලඟදි කසාදයක් එහෙම කැරගත්තා.ඉතින් කොල්ලා බැඳලා සති දෙක තුනක් යනකම් අරක්කු දිහා බැලුවේවත් නෑලු.මොනවා උනත් පොර බඳින්න කලින් කෙල්ලට කියලලු තිබුනේ පොර ඉඳල හිටලා ඩ්‍රින්ක් එකක් දානවා කියල,කෙල්ලත් වැඩේට ඔකේ නිසා වෙඩිමත් සිද්ද උනා.ආ අමතක උනා.මේක යෝජනා කරපු විවාහයක්.ඉතින් කෙල්ල ගැනියෙක් වෙලා සතියකට දෙකකට  විතර පස්සේ පොර වැඩට ගිහින් ඇවිත්  වොෂ් එකකුත් දාගෙන කරගෙන එහෙම කිට මරාගෙන එලි බහින්නලු ලැහැස්තිය.එතනින් එහා ටික දෙබසක් විදිහටම දාන්නම්  ඒක තමා ලස්සන!

අලුත ගෙනා මනමාලි : කොහෙද බබා මේ යන්න හදන්නේ?
පොර : මම යනවා වස්තුව බාර් එකට ගිහින් පොඩි බියර් එකක් බීල එන්න.
අ. ගෙ.ම.:අනේ පැටියෝ ඔයාට ඕනේ බියර් එකක්ද?මෙන්න!
 කියල ලොක්කි ෆ්‍රිජ් ඒක ඇරියම තියනවලු හැම ජාතියේම බියර් දොළහේ  කේස් තුනක් විතර.ලයන්,ත්‍රී කොයින්,කාල්ස්බර්ග් ඔක්කොම ජාති!අපේ පොරට හිතාගන්න බැලූ මොන කියන්නද කියල.


පහු ගිය අවුරුද්දේ ලියන්න පටන් ගත්තු කතාවක්.වැඩ අධිකකම නිසාම සම්පූර්ණ නොකර අතරල දල තිබුනේ.ඔන්න එක සම්පූර්ණ කරලා දාන්න හිතුවා.ඔන්න අද එතැන් සිට..


මොනවා උනත් පොරට ගෑණිගෙන් ගැලවිලා ගිහින් බොන්න ඕනනේ,ඉතින් පොර කියනවා..
පොර : අනේ සුදු එහෙම නෙවෙයි,එතනදි කට්ටිය එක්ක කතා කර කර කාඩ් අතක් සෙල්ලම් කරන ගමන් තමා බොන්නේ එහෙම තමා ගතිය.
අ. ගෙ.ම.: අයියෝ සුළු දෙයක්නේ,මන් ඔයා එක්ක කතා කර කර කාඩ් ගහන්නම්!
පොර : එහෙම නෙවෙයි බබෝ,එතන කට්ටිය අමු කුණුහරප වලින්නේ කතා කරන්නේ,
අ. ගෙ.ම.: එකත් එහෙමද!අනේ හු... පු... මට කියල හු... ගන්නේ නැතුව මෙතනට වෙලා බීපන්,නැතිනම් ඇ..දෙකෙන් බාල්කෙ එල්ලනවා!
ඔන්න පොරට දැනුනලු දැන්නම් තමන් ඉන්නේ බාර් එකේ වගේ විත්තිය.පොර පාඩුවේ බියර් එකක් අරගෙන බොන්න පටන් ගත්තලු .

4 comments:

  1. පට්ට ඔයි පට්ට. බඩත් කොර උනා

    ReplyDelete
  2. Ammoo...penahalu deka sata sata gala ekata wadinawa..ammoo hinawa nathara karaganta beriyoo...patta patta...ela..

    ReplyDelete
  3. ඔහොම තමා ඉතින් බැන්දම

    ReplyDelete