....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

August 6, 2011

මලලසේකර සභාවක් රවට්ටයි!


පොඩ්ඩ පොඩ්ඩ  හෝ කඩ්ඩ පොලිෂ්  සිංහලයෙක් මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ගැන නොදන්නා බව කීම විහිළුවකි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය ඒ තරම්ම අපේ ජීවිතයට සමීප වස්තුවකි.
හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි උවමනා නැති තරමටම අදත් අප අතර ප්‍රචලිත මෙතුමාගේ ජීවිත තොරතුරු සොයා ගැනීම මදක් අපහසු උනත් මා මෑතක මිලදී ගත පොතක මෙතුමාගේ ජීවන තොරතුරු බිඳක් තිබුනා.පොත ගැන පස්සේ වෙනම සටහනක් දාන්න හිතාගෙන ඉන්නේ.ඒ නිසා අපි කතාවට බහිමු.
මලලසේකර මහතා ඉංග්‍රීසි සිංහල පාලි ඇතුළු භාෂා කීපයක් චතුරව හැසිරවීමට දන්නා උගතෙකි.අපේ කාලයේ වචනයෙන් නම් පොරකි.කතන්දරේ කොහොම උනත් මෙතුමා චීන බස නම් දැන සිටියේ නැති බව බොහෝ දෙනෙක් දන්නේ මේ කියන සිද්දියෙන් පසුව බව මටනම් හිතෙන්නේ.මේ සිද්දිය උන කාලයේ මලලසේකර මහතා රටේ වැදගත් තැනක සිටින කාලයයි.වරක්  චීන අගමැති චෞ එන් ලායි මහතා ලංකාවට පැමිණියේය.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී චීන බසින් දීර්ග කතාවක් චීන අගමැති තුමා විසින් පවත්වන්නට යෙදුනි.මේ අවස්ථාවේ එතන හිටපු මලලසේකර මහතා පසෙකට කැඳවූ  බණ්ඩාරනායක අගමැතිතුමා එම කතාව සිංහලට පරිවර්තනය කර දෙන මෙන් දැනුම් දුන්නේලු.හදිසි ආරාධනාවෙන් අන්දුන් කුන්දුන් වූ මලලසේකර මහතා සියල්ල අතහැර දමා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්නට විය.දැන් චීන අගමැතිතුමා කතාව  කරගෙන යයි.එතන  සිටි  සියලු දෙනාටම මෙන්ම මලලසේකර මහතාටද "චාන් චූන්" මිස වෙන මඟුලක් තේරෙන්නේ නැත.නමුත් චීන අගමැතිගේ කතාවේ අලංකාරවත් හරබර  සිංහල පරිවර්තනයක් එතන සිටි සියල්ලන්ටම අස දැනගන්නට ලැබිනි.චීන අගමැති තුමාටද එතුමාගේ කතාව මිනිසුන් වෙත හොඳින් ගිය වග තේරුම් ගියේය.කතාව අවසානයේ අසුන වෙත ගිය චීන අගමැති තුමා තම කතාව හොඳින් සිංහලයට හැරවීම සම්බන්ධයෙන් අපේ වියතාට ප්‍රසංසා කරමින් ඔබ කීවේ මොනවද යනුවෙන් ඇසු විට මලලසේකර තම කී දේ ඉංග්‍රීසියෙන් ඔහුට පැවසීය."ඒ ටිකමයි මාත් කීවේ"යනුවෙන් කී ඔහු චීන උගත්තේ කොහෙන්දැයි විමසීය.මම  චීන දන්නේ නැතැයි  වියතා ඇත්තම කීය.නමුත් මම ලංකාව ගැන දන්නවා,චීනය ගැන දන්නවා චෞ එන් ලායි ගැන දන්නවා.මේ වගේ අවස්ථාවක ඒවා ගැන නොකිය වෙන මොනවා කියන්නද කියා පැවසුවේ සියල්ලන්ම සිනා ගස්සවමිනි.


Share

3 comments:

  1. මලලසේකර මත්තයා නැත්නම් මම් ඉංග්‍රිසි ඉගෙන ගන්නවා බොරු. ඒ තරමටම ගොඩක් වටින මනුස්සයෙක් !!!!

    ReplyDelete
  2. මෙතුමා ගැන තවත් කරුණු ඉදිරිපත් කරනවානම් එය ගොඩක් වැදගත් වේවි හැමෝටම...

    ReplyDelete
  3. කික් ම තමා!
    වචනාර්තයෙන්ම පොරක්ම!

    ReplyDelete