....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

August 12, 2011

කුඩලිගම කවියා ගැන දන්නවාද?

මීමන ප්‍රේමතිලක,අල්විස් පෙරේරා,උපනන්ද බටුගෙදර,මාකඳුරේ ගුණවර්ධන,කෑගල්ලේ මල්ලව,හතාගොඩ අභයවර්ධන ගැන ඔබ අසා තිබෙනවාද?බොහෝ දෙනෙක් නොදන්නා මේ අය මෑත කාලයේ ලංකාවේ සිටි කවියෝය.කවි රස හුරු කිහිප දෙනෙක් මේ අය ගැන නොදන්නවා නොවේ. ඒ කතන්දර මොනවා උනත් මේ කවියන් දැන හඳුනා ගත හැකි හොඳම විදිහ වෙන්නේ ඔවුන්ගේ නිර්මාණ ඇසුරු කිරීමෙන්  බව මට හිතෙනවා.පොලවේ පය ගසා ජීවත් වූ මිනිසුන් බැවින් මේ අයගේ කවි අපේ හිත් වලට හොඳින් දැනෙන බව මගේ විශ්වාසයි.  

කළුතර කුඩලිගම දී 1918 දී උපන් හේවාවසම් මුනිදාස කුඩලිගම සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයෙකුගෙන් යුතු පවුලේ බාලයාය.පසුකාලයේ රටේ නමගිය කොළඹ කවියෙකු හා පුවත්පත් කලාවේදියෙකු  වූ කුඩලිගම කවියාගේ බාල කාලය ඉතා දුක්බර එකකි. මට හිතෙන හැටියට ඔහු ප්‍රතිභා පූර්ණ කවියෙකු වූයේ ජීවිතයේ දුක් දොම්නස් හමුවෙම විය යුතුය.අවුරුදු හතරක් වන විට පිය මිය ගිය බැවින් අම්මා මේ කුඩා පුතු ජීවත් කිරීමට කොහු ලනු  ඇඹරූ බව ඔහු පසු කලක කියා තිබිණි. 

1954 දී මුද්‍රණය කර ඇති "කුණාටුව" පොතේ ඔහු සිය දුක් බර ජීවිතය ගැන තතු විස්තර කර ඇත්තේ  රමණීය කවියෙනි.
බාල විදීම කුඩලිගමගේ අම්මා ද  මිය ගියාය.එය ඔහුට මාරු පහරකි. කුඩලිගමගේ ජීවිතයම උනේ ඔහුගේ අම්මා ය.මේ ඒ ගැන ඔහු "කුණාටුවට" කියා තිබු අයුරුය.
 මින් පසු මෑණියනි උණුසුම් කඳුළු                                      පිස
හිරිමල් සිනාවෙන් එසවිය නොහැක                                  හිස
නොමියෙන නිසා ජීවත් වී හිඳිනු                                        මිස
ඔබ නැති ලොවේ මට නැහැ අන් තැනක                            රස 

නොකියමි සමන් ගිර යැයි තුඹසකට                                 කුඩා
මට කිසි කෙනෙකු සිටියේ නෑ මවට                                  වඩා
උහුලමි සිනා මුහුණින් කම්කටොලු                                    විඩා
ජීවිතයෙන් අඩක් වැළපෙයි තවම                                      අඬා

මේ ඔහු දරුවන් වෙත ලියු කවියකි,
ගිය යුතු තැනට ගිය පසු හිස හැරුණු                                 අතේ
යා හැක නිදහසේ අඩුවක් ඔබ‍ට                                      නැතේ
වෙසෙසින් එහෙත් තව කිව යුත්තකදු                             ඇතේ
ඔබ මේ රටට මිනිසෙකු විය යුතුය                                    පුතේ

ඔහු විවාහ වීමට කලින් වූ සිද්ධියකි  මේ,
ඒ මල්ලව කවියා විවාහ වූ අලුතය.අනෙක් මිතුරන් බොහෝ දෙනෙක්ද විවාහ වී සිටියෝය .මේ සිද්ධිය සිදු වූයේ හතාගොඩ කවියාගේ මංගල්ලයට ඔවුන්  සහභාගී වී සිටියදීය.
එදා මාකඳුරේ කවියා සභාව මැද මේ කවිය කීවේය,
මල්ලව උර බොයි මල් කකුලක            රේණු
හතාගොඩත්   හැඬවිය  මංගල                 සීනු
උඳුවප් දුරුත්තේ සීතල බෑ                       වානු
මොකටද කුඩලි මේ කාලෙට නැති          ගෑනු

එවකට තනිකඩයෙකු වූ කුඩලිගම කවිය වහ මෙසේ කීය,
තිබහට වතුර කළයක් ඇදගනු                මිසක
ඒ ලිඳ තඩලන්න කිසි විටකදී             නොහැක 
කිරි අවැසි නම් වීදුරුවක් හෝ              දෙකක 
රස බලනවා මිස කීම මේ එළ              දෙනක  

මටනම් කවි ලියන්න තබා රසවත්ව වචන දෙකක් ලිය ගැනීමට පුළුවන් කමක් නෑ. නමුත් කවි රස විඳීමට පුළුවන. ඔබත් කවි පොතක් අරගෙන උත්සහ කර බලන්න.මං මං කුඩලිගම කවිය ගැන කියව්වේ "අමර සමර" නම් වූ පොත් පෙලෙනි.කතෘ අමර හේවාමද්දුම මහතාය.අපූරු රසවත් පොත් පෙළක්.




Share

2 comments: