....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

September 21, 2010

ඔබටත් මෙහෙම ඉ-ලිපි ලැබෙනවාද?

විවිධ අසනීප වලට මුදල් ආධාර එකතු කිරීම අරමුන් කරගත් බව පවසමින් ඔබටත් මෙහෙම ඉ-ලිපි ලැබුනද?හිත හොද නිසා මේවාට මොනවා කරන්නද හිතා ගැනීමට නොහැකි තැන ඒගැන Tech katha මගින් විමසූ විට ලැබුනු පිලිතුරු පහත දැක්වේ.පිලිතුරු සැපයූ මිතුරන්ට ස්තූතියි!

ගැටළුව:යම් කෙනෙකුගේ රෝගී තත්වයකට මුදල් ආධාර ලබා ගැනීමට මෙම e-mail එක හැකි සෑම කෙනෙකුටම යවන්න යනුවෙන් නිතරම e-mail ලැබේ.e-mail එක forward කරන වාරයකට යම් මුදලක් අසරන පුද්ගලයාගේ ගිනුමකට ලැබෙන බවද පැවසේ.මට හිතෙන හැටියට මේක e-mail ලිපින එකතු කරන්නෙකුගේ වැඩකි.දන්නා කෙනෙක් පහදා දෙන්න

පිලිතුරු:
01)තනිකර බොරු ඔහොම කවුරුවත් සල්ලි දෙන්නෙ නෑ ඊමේල් ෆෝවර්ඩ් කරනවට (අනවශ්‍ය විදියට සංසරණය වෙන ඊමේල් ඒ සේවා වලට බරක් මිස මුදල් ගෙවන්න තරම් වාසියක් නෙමෙයි) ඔවයින් වාසි ලබාගන්නේ ඊමේල් ලිපින එකතු කරන උදවිය.
by Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

02)මේ වගේ ඊමේල් වල උඩින් පේන දේ ඒක වුනාට ඒවල යටි අරමුණු සාමාන්‍යයෙන් ඊට හාත්පසින්ම වෙනස්ය. මේවගේ ලිපි කිසිම විටකදීවත් ෆෝවඩ් කරන්න එපා කියන එකයි මට නම් මුලින්ම කියන්න තියෙන්නෙ. එහෙම කියන්නෙ මට හිතෙන හේතු දෙකක් මුල් කරගෙනයි.

1. කෙනෙක්ට උදව් කිරීම ඇත්තටම හොද දෙයක්. රෝගි වූ අසරණ කෙනෙක්ට උදව් දීම ඊටත් වඩා හොද දේව ගතියක්. ඒත් ඇත්තටම මෙතන තියන ගැටලුව මේ ඊමේල් ෆෝවඩ් කලාට අදාල කාටවත් මුදල් ලැබෙනවාද යන්නයි. කාට හරි එහෙම උදව්වක් කිරීමට අත්‍යවශ්‍යම නම් එම රෝගියාගේ ඥාතියෙකු හා හෝ ඍජුවම සම්බන්ධ වී, කාරනය හරි හැටි දැන උදව්වක් දීම පිං අතේ වැඩකී. නමුත් මෙසේ බොරු ඊමේල් තමන්ගේ
යාලුවන්ටද ෆෝවඩ් කර, තමන්ගේ මෙන්නම අනුන්ගේ කාලයද කා දැමීම මොන අතේ වැඩක් දැයි වටහා ගැනීම අප කාගේත් යුතුකමකී.

2. මෙවැනි මේල් එකක් ෆෝවඩ් කිරීමට පෙර සිහියට ගත යුතු තවත් එක් වැදගත් දෙයක් වෙයි. එනම් මෙසේ ෆෝවඩ් කිරීමේදී ඔබගේ ලිපිනයද නිරායාසයෙන්ම එහි ලැයිස්තු ගත වීමයි. එවිට මෙම ලිපි මගින් අයුතු ප්‍රයෝජන ගන්නෙකු යම් නොමනා ක්‍රියාවක් කලොත් ඔබටද එය අත්වීදීමට සිදුවීම කණගාටුවට කරුණකී. එම නිසා මෙවැනි මේල් කිසිම විටකවත් තවත් කෙනෙකු අත පත් කරන්න එපා. එවැනි ඊමේල් එකක් දුටුවොත්, “ස්පෑම්“ එකක් ලෙස සලකා අදාල ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම, ඔබගේ දෛනික ඊමේල් පරිහරණයට පහසුවක් ගෙන දෙනු නොඅනුමානය. තවද, ඉහත අරමුණම වෙනස් මුහුණුවරකින් ජෝක්ස්, ෆනි මේල්ස්,.. ලෙස ද ඔබේ ඉන් බොක්ස් එකට ගොඩවීමට පුලුවන. එවැනි ලිපියක් මිතුරන් පිරිසකට ෆෝවඩ් කිරීම වරදක් හැටියටම දැකිය නොහැකි නමුත් එයද බ්ලයින්ඩ් කාබන් කොපි (BCC) ආකාරයෙන් ෆෝවඩ් කිරීම අප කාගේත් ආරක්ෂාවට හොද යැයි කියන්නනේ අපගේ මිතුරෙකුටම වුනත් එම ලිපින ලැයිස්තවෙන් අයුතු ප්‍රයෝජනයක් ගැනීමට ඇති ඉඩ අවම කිරීම සදහාය..෴ :P

by නොලික්ස්


1 comment:

  1. ඔය වගේ මේල් නම් මට අනන්තවත් ලැබිල තියෙනවා. ෆෝවර්ඩ් කරලත් තියෙනවා. දැන් දන්නා හින්ද කරන්න යන්නේ නැ. බොහොම ස්තුතියි බ්ලොග් සටහනට.

    ReplyDelete