....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

June 29, 2010

කතා ලිවීම ගැන..

පොඩි කාලේ මගේ දවසේ වැදගත්ම කාර්්‍යන් වලින් එකක් තමා නින්ද යන්කම් කතාවක් අහන එක.තාත්තා තමා කතාව කියන්නේ.මම හා මල්ලී කතාව අහගෙන ඉන්නේ.දවස පුරාම අපිත් එක්ක ඔට්ටුඋන අම්මත් මේ වෙලාවට තමා පොඩ්ඩක් නිදහස් වෙන්නේ.ඉතින් අම්මත් හෙමීට කතා අහන්න ‍එකතු වෙනවා.ඉතින් තාත්තා කතා කියද්දී අපි ඒකේ විරාම වලදී හ්ම්... කියන්න ඕන(ඒකට අම්මා කිවුවේ හුමිටි තියනවා කියලා)ඉතින් ඒ ආභාෂය ඇගේ තියන් නිසා මම තාමත් පොඩි දේකින් උනත් ලොකු රසයක් විදිනවා.ඉතින් මාත් හිතුවා පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න.කියවලා රස විදින්න.හු මිටි නොතිබ්බට පොඩි කොමෙන්ටුවක් දාලා ගියොත් ලොකු හයියක්!

4 comments:

  1. හ්ම් හ්ම්...ලියමු ලියමු..
    ජයවේවා!!!!

    ReplyDelete
  2. ලියමුකෝ බලන්න.. අපිත් එන්නම්කෝ කියවන්න

    ReplyDelete
  3. ලියන්න ලියන්න හොඳම කතා
    අපි එන්නම් කමෙන්ට් දෙන්න

    ReplyDelete