....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

November 5, 2010

බේබද්දෝ!




බේබද්දන්ට එක එක විකාර සීන් සිද්ද වෙන එක අපිට අළුත් දෙයක් නෙවෙයි!මේකත් එහෙම එකක්,වැල් වටාරම් නැතිව කතාව කියන්නම්.
ඹන්න එක බේබද්දෙක් ඉන්නවා.ලෝකෙටම එක බේබද්දෙක් නෙවෙයි.මේ කතාවෙ ඉන්න
දෙන්නගෙන් පලවෙනි කෙනා!මෙයා ටිකක් කපටි පොරක්.පොර බාර් එකට ගියාම අමුතු වැඩ දාලා හොර ෂොට් එකක් දෙකක් දා ගන්නවාමයි. දවසක් මෑන්ස් බාර් එකට ගිහින් ෂොට් එකක් ඇන
වුම් කරා.වේටර් ෂොට් එක ගෙනාපු ගමන් මෙයා එක උගුරට ඒක බීලා දැම්මා.ඊට පස්සේ හෙමීට වීදුරුව මේසෙ යටට අල්ලලා පාඩුවේ ඒකට චූ කරා.ඊටත් පස්සේ මෙයා ගෙදරින් එද්දී මරාගෙන ආපු කැරපොත්තෙක් වීදුරුවට දාලා වේටර්ට කතා කරලා මෙහෙම කියනවා."අයිෂෙ බලනවා මේක බොන්න පුළුවන්ද කියලා?තමුසෙලා අපිට කැරපොත්තො පොවන්න හදන්නෙ අපිට වෙරි කියලා හිතුවද....?@$$@$$@$$$%"
වේටරුත් අහක යන බාල්දි වලට කර ගහන්නේ ඇයි කියලා හිතලා
දෙකට නැමිලා සොරි පාරක් එහෙම දාලා ෂොට් එක අරන් ගිහින් වෙන එකක් ගෙනාවා.අර පුද්ගලයා මොකුත් නොවුන ගානට ඒකත් බීලා එක ෂොට් එකකට සල්ලි දීලා යන්න ගියා.

කතාව තාම ඉවර නෑ.මේ බාර් එකෙම වෙන තැනක හොදට වෙරි වෙලා හිටපු තව බේබද්කේ තව ෂොට් එකක්
ඉල්ලුවා. වේටර් කරෙ අර ඉස්සර වෙලා ගිහින් තිබ්බ ෂොට් එකේ කැරපොත්තා අයින් කරලා මෙයාට දීපු එක(අපරාදෙනෙ අරක්කු විසික්කන එක.අනික වේටර් දන්නෙනෑනෙ මේකෙ තිබුන දේ)ඉතින් මේ දෙවැනි බේබද්දා වෙරි පිටම ගඩස් ගාලා එක උගුරට ඒක බිවුවා.වෙරි පිට උනත් එකේ අවුල මිනිහට තේරුනා.
මේ අතරම එතනින් යන වේටර් අරයගෙන් අහනවා "සර් බයිට් එකට මොකුත් ගේන්නද?"
එතකොටම අර පුද්ගලයා කියනවා "හුඡ්ඡ ටිකනම් බිවුවා බයිට් එකට ගූ කැල්ලක් ගෙනෙන්"!!
වචන නම් ටිකක් අවුල්.සමාවෙන්න!නමුත් කතාවේ රස තියෙන්නේ එතකොට!

3 comments:

  1. නියම කතාව . කියවලා මතක්වෙන මතක්වෙන සැරයක් ගානේ හිනා යනවා. කාලෙකින් රස කතාවක් කියෙව්වේ. දිගටම ලියමු. ජය වේවා !!!!!

    ReplyDelete
  2. මේකෙ අන්තිම ටික මෙහෙම වුනානම් කොහොම ද?

    " දැන් පළවෙනි කෙනා ගියානේ.. ඊට පස්සේ හදිසි ලෙඩෙක් ගෙනියන ඇම්බ්‍යුලන්ස් එකක් ඇවිල්ල නතර කෙරුවලු. ඒකෙ හිටපු ඩ්‍රයිවර් කඩාගෙන බිඳගෙන ඇතුලට ආවලු. මිනිහට හරි හදිස්සියි.. ඇයි ලෙඩා මැරෙන්ඩ කලින් යන්ඩ එපායැ. කෝ.. කෝ විගහට එකක් ගේනවා.. ඉක්මනට.... නැත්තං අරූ මෙතනම මැරෙයි.... කියල වේටර් ට කෑ ගැහුවලු.... වේටරුත් ඉතිං හදිස්සියට අර කැරපොත්ත ඇඟිල්ලෙන් අරන් දාලා අර පරණ චූ ෂොට් එකම ගෙනල්ල දුන්නලු.. ඩ්‍රයිවර් කාරයට ගඳ සුවඳ බලන්නත් වෙලාවක් නෑනේ ඉතිං.. එක පාරම ඇරල දැම්මලු...

    හැබැයි ගැහුව ගමන් මිනිහ තක්බීර්ලු... ඉබේම පුටුවේ ඉන්ද වුනාලු...

    මේක දැකපු වේටර් කොලුවට upset ලු.. මූ එක පාරටම කෙලල දැම්මට සැර වැඩිද දන්නේ නෑනෙ... ඉතිං හිමීට කිට්ටු වෙලා ඇහුවලු ..

    ම.ම.මහත්තයා බයිට් එකට මොකුත් ....

    බයිට්... බයිට්... නේද?

    "හුජ්ජ පෙවුව නම් බයිට් එකට ගූ කැල්ලක් දීපිය..".... "

    ReplyDelete
  3. පට්ට පට්ට හිනාව නවත්ත ගන්නත් බැරියෝ :))

    ReplyDelete