....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

November 5, 2010

බේබද්දෝ!




බේබද්දන්ට එක එක විකාර සීන් සිද්ද වෙන එක අපිට අළුත් දෙයක් නෙවෙයි!මේකත් එහෙම එකක්,වැල් වටාරම් නැතිව කතාව කියන්නම්.
ඹන්න එක බේබද්දෙක් ඉන්නවා.ලෝකෙටම එක බේබද්දෙක් නෙවෙයි.මේ කතාවෙ ඉන්න
දෙන්නගෙන් පලවෙනි කෙනා!මෙයා ටිකක් කපටි පොරක්.පොර බාර් එකට ගියාම අමුතු වැඩ දාලා හොර ෂොට් එකක් දෙකක් දා ගන්නවාමයි. දවසක් මෑන්ස් බාර් එකට ගිහින් ෂොට් එකක් ඇන
වුම් කරා.වේටර් ෂොට් එක ගෙනාපු ගමන් මෙයා එක උගුරට ඒක බීලා දැම්මා.ඊට පස්සේ හෙමීට වීදුරුව මේසෙ යටට අල්ලලා පාඩුවේ ඒකට චූ කරා.ඊටත් පස්සේ මෙයා ගෙදරින් එද්දී මරාගෙන ආපු කැරපොත්තෙක් වීදුරුවට දාලා වේටර්ට කතා කරලා මෙහෙම කියනවා."අයිෂෙ බලනවා මේක බොන්න පුළුවන්ද කියලා?තමුසෙලා අපිට කැරපොත්තො පොවන්න හදන්නෙ අපිට වෙරි කියලා හිතුවද....?@$$@$$@$$$%"
වේටරුත් අහක යන බාල්දි වලට කර ගහන්නේ ඇයි කියලා හිතලා
දෙකට නැමිලා සොරි පාරක් එහෙම දාලා ෂොට් එක අරන් ගිහින් වෙන එකක් ගෙනාවා.අර පුද්ගලයා මොකුත් නොවුන ගානට ඒකත් බීලා එක ෂොට් එකකට සල්ලි දීලා යන්න ගියා.

කතාව තාම ඉවර නෑ.මේ බාර් එකෙම වෙන තැනක හොදට වෙරි වෙලා හිටපු තව බේබද්කේ තව ෂොට් එකක්
ඉල්ලුවා. වේටර් කරෙ අර ඉස්සර වෙලා ගිහින් තිබ්බ ෂොට් එකේ කැරපොත්තා අයින් කරලා මෙයාට දීපු එක(අපරාදෙනෙ අරක්කු විසික්කන එක.අනික වේටර් දන්නෙනෑනෙ මේකෙ තිබුන දේ)ඉතින් මේ දෙවැනි බේබද්දා වෙරි පිටම ගඩස් ගාලා එක උගුරට ඒක බිවුවා.වෙරි පිට උනත් එකේ අවුල මිනිහට තේරුනා.
මේ අතරම එතනින් යන වේටර් අරයගෙන් අහනවා "සර් බයිට් එකට මොකුත් ගේන්නද?"
එතකොටම අර පුද්ගලයා කියනවා "හුඡ්ඡ ටිකනම් බිවුවා බයිට් එකට ගූ කැල්ලක් ගෙනෙන්"!!
වචන නම් ටිකක් අවුල්.සමාවෙන්න!නමුත් කතාවේ රස තියෙන්නේ එතකොට!

October 21, 2010

වස්සන් සිටිති දොස්තරකම ඇඟට ගෙන!

සනීපාරක්ෂක කම්කරුවන්ගේ වැටුප හා සසඳමින් වෛද්ය්වරුන් විසින් වැටුප් වැඩි වීමක් ඉල්ලා ඇති බව පසු ගිය දිනවල පුවත්පත් වල දැක ගන්නට ලැබුනා. වෛද්යවවරුන් වැටුප් වැඩි වීම් ඉල්ලීම ලංකාවේ අපිට අළුත් දෙයක් නොවෙන නමුත් මෙවර වැටුප් වැඩි වීම ඉල්ලු ආකාරය පිලිගත් බුද්ධිමතුන් වන වෛද්ය වරුන්ට සුදුසු නොවෙන බව මාගේ අදහසයි. වෛද්යබ වෘත්තිකයන් ඉහල වැටුප් තලයක තැබිය යුතු බව විවාදාත්මක කරුණක් නොවනමුත් මේ පිලිබදව ඇතිවු පිළිකුල නිසාම මේ සටහන ලිවීමට අදහස් කලෙමි.මෙම කරුණ පිට දමා ආන්ඩුව ප්රවශ්නයෙන් මගහැරිය නමුත් වෛද්යත වෘත්තිකයන්ට කට වසා ගත්තේ සිදු වූයේ මෙමගින් ඇතිවු මහඡන අප්රුසාදය ඔවුන්ට දැනුන බැවින් විය යුතුය.මේ පිළිබඳව පුවත්පතක පලවු කවියක් මෙයට එක් කරන්නේ වෛද්ය වරුන්ට පමණක් නොව උගත් කමින් ඔළුව උදුම්මා ගත් සියල්ලන්ටම ආදර්ශයක් ගත හැකි වන් පිණිසය.

සනීපාරක්ෂක කම්කරුවන්ගේ වැටුප
හා සසඳමින් වැඩි වැටුපක් ඉල්ලීම
දැකලා පුවත සංවේගය ඇතිව හිතේ
කොන්දොස්තර කෙනෙක් මට කී කව මෙන්න

දොස් දුරු කරන කරුණාවෙන් ළඟට ගෙන
වස් නැත සිටිත් දෙවිවරු මෙන් හතර කොන
පුස් වෙඩි තියන නොබලා නොතැන තැන
වස්සන් සිටිති දොස්තරකම ඇඟට ගෙන
-සුංගි රාළ

September 29, 2010

Put the Glass Down...( උපුටා ගැනීමකි)

මහාචාර්යවරයෙකුයි ගෝලයොයි අතර සිද්ධ වෙච්ච කතාබහකින් ගොඩනැගිච්ච ආදර්ශ කතාවක් කළිනුත් මං ඔයාලට කිව්වනේ. මේකත් ඒ වගේ තවත් කතාවක්. උපුටා අරගෙන පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙන්.

එක දවසක් පන්ති කාමරයට ආපු මහාචාර්යවරයා වතුර වීදුරුවක් ඔසවලා ළමයින්ට පෙන්නුවා. "මේ වීදුරුව කොච්චර බර ඇතිද?"

"ග්‍රෑම් 100ක්... 200ක්..." ළමයින්ගෙන් එක එක උත්තර ලැබුණා.

"හරි කමක් නෑ, බර කෝක උනත් වෙනසක් නෑ. මම දැං වීදුරුව මෙහෙම විනාඩි දෙක තුනක් විතර අල්ලං හිටියොත් මොනවා වෙයිද?"

"මොනවත් වෙන්නෙ නෑ," සිසුන් එක හඬින් උත්තර දුන්නා.

"හොඳයි මම පැයක් විතර මෙහෙම අල්ලං හිටියොත්?"

"ඔබ තුමාගෙ අත රිදෙන්න ගනියි," එක් සිසුවෙකුගෙන් පිළිතුරක් ලැබුණා.

"එතකොට දවසක්ම මම මෙහෙම හිටියොත්?"

"අත පණ නැති වෙලා ගිහිං ඔබතුමාට ඉස්පිරිතාලෙ තමයි නවතින්න වෙන්නේ." කටකාර සිසුවෙකුගේ පිළිතුරෙන් පංතියේ සැවොම සිනාසුණා.

"බොහොම හොඳයි. හරි, දැං මට කියන්න, ඒ මුළු කාලය පුරාම මේ වීදුරුවේ බරේ වෙනසක් වෙනවද?"

"නෑ."

"එහෙනං මොකද්ද මගේ අත රිදෙන්න, පණ නැති වෙන්න හේතු වෙන්නේ?"

එවර පංතියෙන් පිළිතුරක් ලැබුණේ නෑ.

"ඒ අතේ රිදිල්ලෙන් මිදෙන්න මං මොනවද කරන්න ඕනේ?"

"වීදුරුව තියන්න ඕනේ," එක්කෙනෙක් පිළිතුරු දුන්නා.

"හරියට හරි," යැයි කියපු මහාචාර්යතුමා දිගටම කතා කළා. "ජීවිතේ ප්‍රශ්නත් මේ වගේ. ඒ ගැන විනාඩි දෙක තුනක් හිතන්න, ඒ ප්‍රශ්නවත් ඔයාගේ ඔළුවවත් කරදරයක් නැතුව තියෙයි. ඒ ගැන දිග වෙලාවක් හිතන්න, ඔන්න ඔයාට වේදනාව දැනෙන්න පටන් ගනියි. ප්‍රශ්න ගැන දිගින් දිගටම හිතුවොත් ඔයා අංශ බාග රෝගියෙක් වෙන්නත් බැරි නෑ. ඒ ගැන දිගින් දිගටම හිතන්න ගියොත් ඔයාට වෙන කිසිම දෙයක් කරගන්න පුළුවං කමක් ලැබෙන්නෙ නෑ. ඔබලාගේ ජීවිතේ අභියෝග, ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒත් ඒ එක්කම වැදගත් අනික් දේ තමයි, ඒ ප්‍රශ්න වලින් මිදෙන එක. වීදුරුව ආපහු තියන එක. හැම දවසක් අවසානයේම, නිදාගන්නට පෙර. ඒ විදියට කළොත් ඔබට හොඳ නින්දක් ලැබේවි, පහුවදාට ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවං වෙයි. ඕනෙම ප්‍රශ්නයකට, අභියෝගයකට හොඳින් මුහුණ දෙන්න පුළුවං වෙයි."

මේ ලිපියට මමත් කොටසක්, මගේ අදහසක්, එකතු කරන්න කැමතියි. අපිට වීදුරුවේ බරෙන් නිදහස් වෙන්න පුළුවං විධි දෙකක් තියෙනවා. එකක්, වීදුරුව කැඩෙන්නෙ බිඳෙන්නෙ නැති වෙන්න පරිස්සමෙන් තියන එක. අනිත් එක, වීදුරුව ගැන කිසි සැලකිල්ලක් නැතුව ඔහේ අත ඇරලා දාන එක. ඉතිං වීදුරුවේ බරෙන් මිදෙන කොට වඩාත් පරෙස්සම් සහගත විධිය තෝරගත්තොත් හොඳයි. නැත්තම් තුවාල වෙන්න පුළුවං, අලාභ හානි - පාඩු සිද්ධ වෙන්න පුළුවං. අනිවාර්යයෙන්ම කතාන්දරයේ කියැවුනු හැටියට වීදුරුවේ බරෙන් මිදෙන එක වැදගත්, ඒත් එක්කම ඒකෙන් මිදෙන ආකාරයත් වැදගත්.

උපුටා ගත්තේ

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත..

September 21, 2010

ඔබටත් මෙහෙම ඉ-ලිපි ලැබෙනවාද?

විවිධ අසනීප වලට මුදල් ආධාර එකතු කිරීම අරමුන් කරගත් බව පවසමින් ඔබටත් මෙහෙම ඉ-ලිපි ලැබුනද?හිත හොද නිසා මේවාට මොනවා කරන්නද හිතා ගැනීමට නොහැකි තැන ඒගැන Tech katha මගින් විමසූ විට ලැබුනු පිලිතුරු පහත දැක්වේ.පිලිතුරු සැපයූ මිතුරන්ට ස්තූතියි!

ගැටළුව:යම් කෙනෙකුගේ රෝගී තත්වයකට මුදල් ආධාර ලබා ගැනීමට මෙම e-mail එක හැකි සෑම කෙනෙකුටම යවන්න යනුවෙන් නිතරම e-mail ලැබේ.e-mail එක forward කරන වාරයකට යම් මුදලක් අසරන පුද්ගලයාගේ ගිනුමකට ලැබෙන බවද පැවසේ.මට හිතෙන හැටියට මේක e-mail ලිපින එකතු කරන්නෙකුගේ වැඩකි.දන්නා කෙනෙක් පහදා දෙන්න

පිලිතුරු:
01)තනිකර බොරු ඔහොම කවුරුවත් සල්ලි දෙන්නෙ නෑ ඊමේල් ෆෝවර්ඩ් කරනවට (අනවශ්‍ය විදියට සංසරණය වෙන ඊමේල් ඒ සේවා වලට බරක් මිස මුදල් ගෙවන්න තරම් වාසියක් නෙමෙයි) ඔවයින් වාසි ලබාගන්නේ ඊමේල් ලිපින එකතු කරන උදවිය.
by Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

02)මේ වගේ ඊමේල් වල උඩින් පේන දේ ඒක වුනාට ඒවල යටි අරමුණු සාමාන්‍යයෙන් ඊට හාත්පසින්ම වෙනස්ය. මේවගේ ලිපි කිසිම විටකදීවත් ෆෝවඩ් කරන්න එපා කියන එකයි මට නම් මුලින්ම කියන්න තියෙන්නෙ. එහෙම කියන්නෙ මට හිතෙන හේතු දෙකක් මුල් කරගෙනයි.

1. කෙනෙක්ට උදව් කිරීම ඇත්තටම හොද දෙයක්. රෝගි වූ අසරණ කෙනෙක්ට උදව් දීම ඊටත් වඩා හොද දේව ගතියක්. ඒත් ඇත්තටම මෙතන තියන ගැටලුව මේ ඊමේල් ෆෝවඩ් කලාට අදාල කාටවත් මුදල් ලැබෙනවාද යන්නයි. කාට හරි එහෙම උදව්වක් කිරීමට අත්‍යවශ්‍යම නම් එම රෝගියාගේ ඥාතියෙකු හා හෝ ඍජුවම සම්බන්ධ වී, කාරනය හරි හැටි දැන උදව්වක් දීම පිං අතේ වැඩකී. නමුත් මෙසේ බොරු ඊමේල් තමන්ගේ
යාලුවන්ටද ෆෝවඩ් කර, තමන්ගේ මෙන්නම අනුන්ගේ කාලයද කා දැමීම මොන අතේ වැඩක් දැයි වටහා ගැනීම අප කාගේත් යුතුකමකී.

2. මෙවැනි මේල් එකක් ෆෝවඩ් කිරීමට පෙර සිහියට ගත යුතු තවත් එක් වැදගත් දෙයක් වෙයි. එනම් මෙසේ ෆෝවඩ් කිරීමේදී ඔබගේ ලිපිනයද නිරායාසයෙන්ම එහි ලැයිස්තු ගත වීමයි. එවිට මෙම ලිපි මගින් අයුතු ප්‍රයෝජන ගන්නෙකු යම් නොමනා ක්‍රියාවක් කලොත් ඔබටද එය අත්වීදීමට සිදුවීම කණගාටුවට කරුණකී. එම නිසා මෙවැනි මේල් කිසිම විටකවත් තවත් කෙනෙකු අත පත් කරන්න එපා. එවැනි ඊමේල් එකක් දුටුවොත්, “ස්පෑම්“ එකක් ලෙස සලකා අදාල ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම, ඔබගේ දෛනික ඊමේල් පරිහරණයට පහසුවක් ගෙන දෙනු නොඅනුමානය. තවද, ඉහත අරමුණම වෙනස් මුහුණුවරකින් ජෝක්ස්, ෆනි මේල්ස්,.. ලෙස ද ඔබේ ඉන් බොක්ස් එකට ගොඩවීමට පුලුවන. එවැනි ලිපියක් මිතුරන් පිරිසකට ෆෝවඩ් කිරීම වරදක් හැටියටම දැකිය නොහැකි නමුත් එයද බ්ලයින්ඩ් කාබන් කොපි (BCC) ආකාරයෙන් ෆෝවඩ් කිරීම අප කාගේත් ආරක්ෂාවට හොද යැයි කියන්නනේ අපගේ මිතුරෙකුටම වුනත් එම ලිපින ලැයිස්තවෙන් අයුතු ප්‍රයෝජනයක් ගැනීමට ඇති ඉඩ අවම කිරීම සදහාය..෴ :P

by නොලික්ස්