....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

June 28, 2010

ලොකු ඇපල්!

මගේ යාළුවෙක් ඉන්නවා කසුන් කියලා.‍හොද කොල්ලෙක්! නමුත් ටිකක් අචුල් ඩයල් එකක්! අපි ආදරේට කියන්නේ කච පසුන් කියලා.ඔන්න මේ කසුන්ට ඕස්ට්‍රේලියාවෙ ඇපල් වත්තක් තියනවලු(මන් දන්නේ නෑ මිනිහා කිවුවේ එහෙම) ඉතින් ඒ ඇපල් වත්තේ ඇපල් කඩපු දවසක මෙයා මට හම්බු උනා.ඕස්ට්‍රේලියාවෙදි නෙවෙයි.නුවරදි පොඩි පහේ සයිවර් කඩේකදී(කොච්චර සල්ලි තිබුනත් අපරාදෙ කියන්න බෑ කසුන් කන්නේ පොඩි පහේ සයිවර් කඩ වලින්ම තමා.නිහතමානී එකා!) අපි කන ගමන් මෙයා මට ඇපල් ගැන කියනවා.මෙන්න මෙහෙම

කසුන්:මචෝ මේ පාර අපේ ඇපල් වත්ත සරුයි!
මම : එල කිරි,එල කිරි එහෙනම් අපිටත් වාසි තියෙයි නේද?
කසුන්:නැතුව නැතුව.මේ පාර අපේ ඇපල් වත්ත තමයි එහේ හොදම වත්ත.උඹ විස්වාස කරනවනම් විස්වාස කරපන් ගෙඩි මෙන්න මේ සයිස්!
මම :පල යන්න ඔය සයිස් වෙන්නනම් එෟවා ඇපල් නෙවෙයි.වට්ටක්කා වෙන්න ඇති.
කසුන්: නෑ යකෝ උඹ හිතපන් දුසිමට අල්ලන්නේ ඒ ඇපල් වලින් ගෙඩි තුනයි!
මම :@$@$$%$@$$

12 comments:

  1. මල් 7 යි. මගේ කටේ තිබුනු වතුර ටික මොනිටරේ

    ReplyDelete
  2. හප්පේ.............මාර ඇපල් නේද

    ReplyDelete
  3. ඇඬෙනවා.. හිකිස්...

    ReplyDelete
  4. කිව්වත් වගේ එහෙනං ලොකුම ලොකු ඇපල් වෙන්නැති !

    ReplyDelete
  5. hina yanne nahane...

    ReplyDelete
  6. හිනා යන්න කථාව තේරුම් ගන්න.

    ReplyDelete
  7. උගෙ ඇපල් වතේ දුසිමට ගෙඩි 3 යි ලු...මෙහෙනම් 12 යි..........කිහිස්ස්ස්ස්

    ReplyDelete
  8. මිනිහා නාග රාජයෙක් වගේ...

    ReplyDelete