....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

June 24, 2010

Google දෙයියන්ගේ Ranking!



සෙවුම් යන්ත්‍ර නොමැතිව අන්තර්ජාලයේ යම් වැඩක් කිරීම ගැන සිතා බලන්න.ඒ ගැන සිතීමට නොහැකිනම් මදකට ඔබේ සෙවුම් යන්ත්‍රය Block කර වැඩ කරන්න.එවිට මා කී දේ ගැන යම් අදහසක් ගැනීමට හැකිවෙයි.ලිපිනය නොදන්නා වෙබ් පිටුවක ලිපිනය සොයා ගැනීමේ සිට තෙරක් නොපෙනෙන වැඩ කන්දරාවක් කර ගැනීමට මෙම සෙවුම් යන්ත්‍ර අපට උපකාරී වෙයි! Google,yahoo,MSN ආදී නොයෙකුත් සෙවුම් යන්ත්‍ර ඉදිරියෙන්ම ඇති Google(මෙය අවිවාදාත්මක කරුනකි) දෙවියෙක් වන්නේ කෙසේදැයි මා අමුතුවෙන් පැහැදිලි කල යුතු නෙවේ.
සියළුම සෙවුම් යන්ත්‍ර අපට සෙචුමක ප්‍රතිඵල ලබා දීමට විවිධාකාර Algorithm(PageRank යනුවෙන් google ඔවුන්ගේ වැඩ සටහන හදුන්වා ගනී) උපයෝගී කර ගනී.මේවා ඔවුන්ගේ රහස්(company secret) වන අතර ඒවා පිළිබදව අපේ දැනීම භාවිතා කිරීමෙන් අපේ වෙබ් පිටු යම් සෙවුමකට අදාලව මුල් අංක අතරට ගෙන ආ හැක.අපේ අඩවිය වෙලද ප්‍රචාරණයට යොදා ඇත්නම් මෙහි ඇති වාසිය වැදගත් වේ.
අනෙක් සෙවුම් යන්ත්‍ර මෙන්ම Googleද පාවිච්චි කරන විශේෂ මෘදුකාංග සාමාන්‍යයෙන් හදුන්වන්නේ spiders හෝcrawlers යනුවෙනි.තවද ඔවුන්ගේ සේවයේ ගුනාත්මක බව වැඩි කර ගැනීම සදහා ඔවුන් විසින් විශාල ප්‍රමානයේ Keyword ප්‍රමානයක් නඩත්තු කරයි.
වෙබ් පිටුවක Rank එක සදහා ඔවුන් සොයා බලන මූලික කරුනු කීපයකි,

  • Keyword එකක් යම් පිටුවක යෙදී ඇති වාර ගනන.මෙහිදි යම් වචනයක් පිටුවේ යෙදී ඇති වාර ගනන වැඩිනම් ඉහල ලකුනු ප්‍රමානයකුත්,වාර ගනන අඩුනම් පහල ලකුනු ප්‍රමානයකුත් ලබා දේ.
  • වෙබ් පිටුවේ වයස.සාමාන්‍යයෙන් අළුතෙන් සෑදු වෙබ් පිටුවකට වඩා ඊට කලින් සෑදු පිටු සදහා වැඩි ලකුනු ප්‍රමානයකුත් ලැබේ.
  • අදාල වෙබ් පිටුවට වෙනත් පිටු වලින් යොමු වු සම්බන්ධතා(Links).යම් පිටුවක් වෙත් වෙනත් පිටු වලින් link වැඩි ප්‍රමානයක් යොමු වී ඇතිනම් එයට වැඩි ලකුනු ප්‍රමානයක්ද ලැබේ.
මේ අනුව ගත් කල දෙවැන්න අපගේ පාලනයෙන් තොර වන අතර අනෙක් කාරනා ගැන අපේ අවධානය
යොමු කිරීමෙන් අපගේ වෙබ් පිටු ඉහලට ගත හැක.කෙසේ නමුත් අන්තර්ගතය හොද මට්ටමක
පවත්වා ගැනීමට හැකිනම් ඉහත කරුනු වලට වඩා එය වැදගත් බව මගේ හැගීමයි.
නමුත් Page ranking ඉහල දමා ගැනීම ඔබට වැදගත් හෙයින් ඉදිරි ලිපි වලින් අපි ඒ ගැන කතා කරමු.

2 comments: